Friday, August 17, 2018

👉දුප්පත් ආදරේ අබ්බගාතයි👈




දුප්පත් ආදරේ අබ්බගාතයි
දුප්පත්කමත් වල්ගය නැති ගොනා වැනී......ලු

          ආදරේට කිසිම දෙයක් බලපාන්නේ නෑලූ... විශේෂයෙන් සල්ලි. ඒක කියන්න ඇත්තේ සල්ලිකාර කෙල්ලෙකුයි සල්ලිකාර කොල්ලෙකුයි වෙන්න ඇති. ලව් කරන දුප්පත් කොල්ලෙක්ගෙන් අහල බලපන් සල්ලි ගැන... අහල බලපන් සල්ලිද වටින්නේ ආදරේ ද කියල.... උබටම දැන ගන්න ලැබෙයි. මේක සුරංගනා ලෝකයක් නෙවෙයි.
කොටින්ම කිව්වොත්, සුරංගනාවියන් වගේ එන්නේ වෙස් වලාගෙන සාතන් (රැප් මානසිකත්වයෙන්)....

          ලව් කරනකොට ඇත්තටම දුප්පත්කම වල්ගය නැති ගොනා වගේමයි...
ඒ කියන්නේ අබ්බගාතයි. හිතන්නකෝ බොක්ක පිරිසිදු පට්ට එළකිරි ආදරයක් කරන කොල්ලෙක් ගැන... ඒ ආදරේ කරන්නේ වීදී මායම් වෛවර්ණ සායම් කෙල්ලෙකුට(ඒ කිව්වේ හයි ක්ලාස්) කියල... එහෙම උනොත්... අම්බෝ... කොල්ලගේ ආදරේ කොච්චර පරම පවිත්‍ර පට්ට පිරිසිදු උනත් වැඩක් නෑ... කෙල්ල කැමති වෙන්නේ නෑ නෑමයි... එහෙම උනාම කොල්ල අබ්බගාතයෙක් වෙනවා වෙනවමයි.....

කොහොමද දන්නවද ?
         කොල්ලගේ යාලුවොත් දන්නවා කොල්ල කෙල්ලට කොච්චර ආදරේද කියල...කෙල්ලගේ යාලුවොත් දන්නවා කොල්ලා කෙල්ලට කොච්චර ආදරේද කියල...
         හැබැයි ඒ හැමෝම දන්නවා කොල්ලා අබ්බගාතයි කියල... වල්ගය නැති ගොනා වගේමයි කියල...... ඉතින් කොල්ල දිහා බලන්නෙම නිකන් බකමූණ පොළේ ඉන්න අබ්බගාත මනුස්සයා දිහා බලනවා වගේ... පව්ව් අසරණයා....(පොළට ගිහින් නැති පොෂ් එවුන් කොණකට වෙයල්ලා)

     ඔන්න ඔහොම කාලයක් යනකොට මේන්න  මෙහෙම වෙනවා...
හිතන්නකෝ,
අර කෙල්ලගේ යාලුවොයි, කොල්ලගේ යාළුවොයි කියන නිසා කෙල්ල අර දුප්පත් කොල්ලට කැමති උනා කියල.... එහෙම උනොත් ඒ කොල්ලා අබ්බගාත නෙවේ කෝම එකක් හැදිලා අංශභාගය හැදුනා වගේ වෙනවා...
       
              කොල්ලා දුප්පත් උනාට කෙල්ල දුප්පත් නෑනේ... ඔය කෙල්ලට අරකට වියදම් කරන්න ඕනි, මේකට වියදම් කරන්න ඕනි, කන්න අරන් දෙන්න ඕනි, බොන්න අරන් දෙන්න ඕනි, තව පොදු වැසිකිළියේ ගානත් දෙන්න ඕනි... ෂොපින් යන්න ඕනි, ඒ වගේ තව ඔය එකි මෙකි නොකී හැම විදියටම වියදම් කරන විදිහට කොල්ලව ප්‍රෝග්‍රෑම් කරලා ගන්නවා කෙල්ල..(දැන් කියන්න එපා කෝඩින් නොදන්න කෙල්ලො කොහොමද ප්‍රෝග්‍රෑමින් කරන්නේ කියලා,පොෂ් උන්ට සහජ හැකියාවක් ඒකට තියෙනවලු... ඒ කිව්වෙත් කෙල්ලෙක්)

           දැන් ඕම වියදම් කරන ගොබ්බ කොල්ලා සෑහෙන්න අමාරුවෙන් ගේම් ගගහා අම්බානකට වියදම් කරනවා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ... තමන්ගේ අනාගතය ගැන හිතන්නෙත් නැතුව.. හැබැයි පුතේ, ඔය පෝසත් කෙල්ලව දුප්පත් ගොනෙක්ට කවදාවත් දෙන්නේ නෑනේ ඇහැක් වගේ බලා ගත්ත කෙල්ලගේ පවුලේ අය... ඉතින් පුතේ ඔතනින් එහාට මම කියන්න ඕනි නෑනේ... උඹ කතාව හිතා ගනින් කැමති විදිහට....
         ආ දැන් උඹ හිතුවා නේද දුප්පත් කොල්ලා එක්ක පොසත් කෙල්ල පැනලා ගිහින් සතුටින් ජීවත් උනා කියලා.. ආ ඒ ගැන තමා මේ කියලා තියෙන්නේ... යටට ගිහින් බලාම්...

             කොහොමෙන් කොහොමහරි අවසාන නිගමනය උනේනම්, *මං එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලී හොදට හම්බකරල....* කියන තැන ඉදල ලව් කරන්න ඕනි...
     හැබැයි ඔය අබ්බගාතකම හැමදාම තියෙන්නෙ නෑ...💪💪💪
ගුණදාස කපුගේ මහත්තයගෙ සිටු කුමාරියේ සිංදුව අහපු ගමන් කොල්ල තේරුම් ගන්නවා තමන් අබ්බගාතයි කියල... ඊට පස්සේ ඌ නැගිටිනවා. උඹත් අබ්බගාතනම් යට තියෙනවා සිංදුව අහලා බලාම්.......

හරකුන්ගේ වලිගය වර්ධනය නොවුනාට,
හරකට වඩා වෙනස් සත්තුත් ඉන්නවනේ............ මං කිව්වේ මේ හූනෝ...💪
       හැබැයි දැන් සුජීව ප්‍රසන්න ආරච්චි මහත්තයගෙ නවකතා ගැන කියල දුප්පත් කොල්ලොන්ට පෝසත් කෙල්ලෝ ලැබෙනවා කියලනම් කියන්න එපා.... මේ සින්දුව අහල, කියවලා බලපන්....

සි‍ටු කුමාරියේ නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර ඔබේ හිතට අගහිඟ නරකයි
අගහිඟ නරකයි..
සි‍ටු කුමාරියේ නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිණි අපලයි

කුලී ගෙදර වහල කැඩී සිංහල උලු බිඳී
නිල් තරු එළි හීන රටින් ගලා හැලෙන්නේ
කුමාරියේ ඔබට කොහොම ඒක කියන්නේ
ඒක කියන්නේ..

කනකර අන් සන්තක වී ජීවිත සින්න වී
පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ
කුමාරියේ ඔබට කොහොම ඒක කියන්නේ
ඒක කියන්නේ..

ඇත්තටම
සි‍ටු කුමාරියේ නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර ඔබේ හිතට අගහිඟ නරකයි
අගහිඟ නරකයි......💔💔💔💔




No comments:

Post a Comment