Saturday, December 1, 2018

👉ධනාත්මක චින්තනය👈


            මට මානසික අභිප්‍රේරණය ගැන මාර දැනුමක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක්ට ධෛර්යක් දෙන්න නැත්නම් හිතේ උදාසීන ගති නැති කරලා මොරාල් කරලා ගන්න සුපිරි හැකියාවක් තියෙනවා. කෙනෙකුට උපදේශනය දෙන්න මට හැකියාව ලැබෙන්න ඇත්තේ පෙර ආත්ම වල කරපු පිං හා පව් අනුව වෙන්නත් පුළුවන්. මොකද ඒ හැකියාව පිනක් වගේම පවක් වගෙත් මට දැනිලා තියෙනවා.... මොනා උනත් මාව දන්න ඕනිම කෙනෙක් ප්‍රශ්ණයක් ආව ගමන් මට කතා කරන්නේ ඒක නිසා වෙන්න ඇති.

         ඉතින් ධනාත්මක චින්තනය පාවිච්චි කරලා ලියන්නත්  මට පුළුවන් ද කියලා ටෙස්ට් කරන්න තමා මේක ලිව්වේ.. ඇත්තටම මේක ලිව්වේ බස් එකේ යන ගමන්. ඒ පාන්දර 3.15 බස් එකෙන් කොළඹ යන ගමන්. බස් යන පාරක් හම්බෙන්න මම ගෙදර ඉදලා කිලෝ මීටර් 1 ½ විතර පයින් එන්න ඕනි. කැලේනේ ඉතින්. අලි ගද, හරක් ගද, හුජ්ජ ගද වගේම සමන් පිච්ච මල් සුවදත් ගලන පාරක තමා ඉතින් එන්න තියෙන්නේ. (එදා මට පයින් යන්න උනේ ගිහින් දාන්න එන්නම් කිව්ව කාළකන්නි යාළුවා ආවේ නැති නිසා නෙවේ ඌට නින්ද ගිය නිසා කියලා තමා ඌ කිව්වේ) 😡😡

සුන්දරයි දවසම..


          උදේම නැඟිටලා ගමනක් යනකොට දවසම සුන්දර වෙන්න ස්භාවධර්මය උදව් කරනවා... විවාදයක් නෑ ඔබටත් එහෙම වෙන්න ඇති...වෙලා ඇති... ඉදිරියටත් වෙයි...  ගමනක් බිමනක් යනකොට හොඳ මොරාල් එකකින් යන්න ඕනි. මුළු ස්භාව ධර්මයම ඒකට සපෝට එකක් දෙනවා. හොදම උදාහරණය, ඒකට ගමේ ඉන්න බලු සංහතියෙන් ලැබෙන්නේ පට්ටම උපකාරයක්...🐶🐶🐶🐶🐶🐶
           උදේ පාන්දර බස් එකට පයින් එනකොට කළුවරේ ඇවිදගෙන එනකොට පාරේ ඉන්න බල්ලෝ ගෙවල්වලට යමිනුත්ගෙවල්වල ඉන්න බල්ලො පාරට එමිනුත් දාන සද්දේ නිසා ලැබෙන මොරාල් එක කියල වැඩක් නැ... උදේ පාන්දර නිදා ගන්න දෙන්නේ නෑ කියා පාරෙ උන් බනින අතර පාරේ උන් කෑගහනවා කියා ගෙවල්වල උන් කෑගසයි.(බල්ලෝ) එහෙම සද්දේ ක්‍රමයෙන් වැඩි වෙනකොටඅපේ මොරාල් එක වැඩි කර ගැනීමට ලේසිය. 🐕🐕🐕🐕🐕🐕🐕🐕

     එකක් බල්ලගේ ජාතකේ මතක් කිරීම හෝ බල්ලගේ අම්මව දූෂණය කරනවා කියලා කෑ ගසා බය ගැන්වීමය.... නැත්නම් බල්ලගේ අයිතිකාරයා දූෂණය කරනවා බව කෑ ගසා පවසා අහල පහල හැම එකාම බය කළ හැක... බල්ලන්ගේ අයිතිකාරයෝ පේන්න ඉන්නවනම් %තිගෙ(කුනුහරුපයක්) බල්ලා කියා බැන්න පසු බල්ලගේ අයිතිකාරයාගේ දවසද සුන්දර කිරීමට අපිට හැකියාවක් ඇත....(ඔබගේ දවස පමණක් නොව ඔබව දකින සියළු දෙනාගේ දවසම සුන්දර කරන්න පුරුදු වෙන්න) එසේත් නැත්නම් තෝව හදන එකාගේ කාපිය කැ% බල්ලා කියා ගලකින් ගසා බල්ලගේ අයිතිකාරයාව හැපීමට බල්ලාව පෙළඹවිය හැක... 

     නමුත් මතක තබාගත යුතු දෙයක් ඇත... එකක්නම් මේ හැම දෙයක්ම පාරේ යන ගමන් කළ යුතුය(ගමන් කරමින්),..නතර වී ගෙයක් ඉස්සරහා දස කැ$යා වීමට යාමට යනවානම් ප්‍රථමයෙන්ම ගෙදර එකා ඔබට වඩා දස කැ$යෙක් නොවන බව තහවුරු කරගත යුතුය,.. නැත්නම් ඌ හැංගිලා සිට ගලක් ගසා ඔබේ ඔළුව පළා ඔබේ ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරනු ඇත...

          අනිත් කාරණයනම් සිංහල කුණුහරුප දන්න ගොඩේ බල්ලෙකුට බැනීමට සිංහල වචනත්(කුණුහරුප) ටයිල් පොළවේ ඉන්න පොෂ් බල්ලෙකුට බැනීමට, ඉංග්‍රීසි වචනත් (කුණුහරුප)  භාවිත කළ යුතුය..(වස්ස පක්/ගෝ ඇන් පස් යුවර් සෙල්ප්) නැතිනම් බල්ලත් අසරණය... අපත් අසරණය... මක් නිසාද යත් කියූ කුණුහරුපයේ තේරුම බල්ලට තේරුම් ගන්න බැරි උනොත් ඌට අසා දැනගන්න විදිහක් නැත... ඌට වැරදි වැටහීමක් ඇති උනොත් අපට සමාවක්ද නැත..

          එසේ බල්ලන්ට පාට් එක දාමා ආත්ම විශ්වාසය වැඩි කරගෙන(සෙල්ෆ් මෙව්ව එක) ගමනක් යෑම ඔබට පැමිණෙන බාධක බිද හෙලීමට හැකි බවට ස්භාවධර්මය දෙන පණිවුඩයක් බව සිහියේ තබා ගැනීමද වැදගත් වේ...

     මේ ආකාරයෙන් දවස ආරම්භ කර ක්‍රමයෙන් බස් එකේ ඉතුරු නොදෙන කොන්දා, බ්‍රේක් ගහන ඩ්‍රයිවර් උන්නැහේ, පාරේ ට්‍රැෆික්, වාගේ එකී මෙකී නොකී උන්ව අර මුලින් කී ආකාරයෙන් අපේ මොරාල් එක මෙව්වා කර ගැනීමට හා දවස සුන්දර කර ගැනීමට භාවිතා කළ හැක.... 

     බස් වල යන, පයින් යන, මං වගේ ගොඩේ උන්ට විතරයි ඈ.... පොස් උන්ට මේක අදාල කරගෙන මට බනින්න එපා..😂

(ඒ කිව්වේ කාර් එකේ යන උන් බල්ලො හොයන්න පයින් යන්න එපා😂) 


👉..රැඩිකල්ම ප්‍රශ්නයක්..👈




          ඔයාගේ ජීවිතේ ඔයා අහපු හොඳම දේ මොකද්ද කියල ඇහුවොත් ඒකට උත්තර දෙන්න ටිකක් කල්පනා කරන්න ඕනි... 
     ඒත් ඔයාගේ ජීවිතේ ඔයා අහපු හොඳම ප්‍රශ්නේ මොකද්ද කියල ඇහුවොත්, අන්න උත්තර දෙන්න ලේසි වෙන්න පුළුවන්. මම දන්න දන්න කීප දෙනෙක්ගෙන් ඇහුවා. සමහර අය කිව්වා "ඔයා මට කැමති ද ?" කියන ප්‍රශ්නේ තමයි ජීවිතේ අමතක නොවන ප්‍රශ්නේ කියල, තව කෙනෙක් කිව්වා "ඔයා ඇයි ජීවත් වෙන්නේ ?" කියන ප්‍රශ්නේ... ඇත්තටම ගොඩාක් අයගේ ජීවිත හොඳ අතට හරි නරක අතට හරි වෙනස් කරන්න ලොකු බලයක් තියෙනවා මේ ප්‍රශ්න දෙකට... මේ ප්‍රශ්න දෙක තමන්ගෙන්ම අහල බැලුවොත් ඒක තේරුම් යයි.. වෙන කෙනෙක්ගෙන් ඇහුවත් තේරුම් යයි... 😄

          මගේ ජීවිතේ මම අහපු මට අමතක නොවන ප්‍රශ්නයක් තියෙනවා.. ඒකේ නිධාන කතාව මෙහෙමයි.. යටගිය දවස බරණැස් නුවර බරණැස් රජතුමා රජ කරන කාලෙක මම වෙන්ඩ පොෂ් කෑල්ලක් ෆෝර්ම් කර කර හිටියා. මගෙයි යාළුවාගෙයි තර්ක උනේ "ආදරේ විතරක් එන්නත් කරල කෙල්ලෙක් යාළු කර ගන්න පුළුවන්."/ "සල්ලි පොරත්වය දෙක නැතුව කෙල්ලෙක් යාළු කර ගන්න බෑ" කියන තර්ක දෙක... ඉතින් මගේ රාජකාරිය උනේ කෙල්ලට මම මෝඩ පහේ ගොඩේ හිඟන චරිතයක් කියල පෙන්නගෙන (කොහොමත් එහෙමයි තමා) ආදරේ කියන එක උපරිමයෙන් උත්තේජනය කරන එක. ඔහොම කාලයක් යනකොට මේ සබන් බෝල කෙල්ල මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.. ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් මේ වෙනකම් හම්බුනේ නෑ.


ප්‍රශ්නේ තමයි.....

"අකිල ඇයි ඔයා මට ආදරේ කරන්නේ "❔ 


          යකූ උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් ද මේක... මට හම්බෙන හැම ආදරවන්තයන්ගෙන්ම මේ ප්‍රශ්නේ මම අහනවා... "ඇයි එයාට ආදරේ කරන්නේ ?" කියල. දෙයියනේ උන් එකෙකුටවත් උත්තරයක් නෑ... බොක්ක කඩාගෙන ආදරේ කරන උන්ගෙන් ඒ ප්‍රශ්නේ අහපුවාම උන් ගොළු වෙනවා. සමහර උන් ගොන් උත්තර දුන්නා සෑහෙන්න.(ගිය ආත්මේ ඉදන් පතාගෙන ආවා! එයා හරි හොඳයි! ගතිගුණ හොඳයි!) ඒත් රියල් ඔරිජිනල් කෙල්ලො කොල්ලො ගොඩාක් කිව්වා ඇත්තටම ඒකට උත්තරයක් නෑ කියල... හරි හේතුවක් කියන්න හම්බුනේ නෑ කාටවත්. එයාලා සාධාරණයි. මම සෑහෙන්න කල්පනා කරා ඔය ගැන.. මට විශ්වාසයි ඔයලාටත් ඒකට සාධාරණ උත්තරයක් නෑ කියල.. තමන්ට අවංකව උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට කියන්න. හම්බෙන හැම ලවර්ස්ලගෙන්ම අහන්න... තමන්ගෙන් ම අහල බලන්න. මගෙන් මේ ප්‍රශ්නේ අහපු ඒ කෙල්ලවත් තාම දන්නේ නැතුව ඇති මේ ප්‍රශ්නේ ගැඹුර... ඇත්තටම ඒ කෙල්ල මොන අදහසකින් ඇහුවත් හිතන්න දේවල් ගොඩාක් ඉතුරු වෙන පිස්සු හැදෙන රැඩිකල් ම ප්‍රශ්නය

"ඇයි ඔයා මට ආදරේ කරන්නේ ?" කියන එක උනා මගේ ජීවිතේ.

((මාව අංගොඩ යවන්න ඔන්න මෙන්න තියෙනකොට අම්ම බනිනවා ඇහුනා කන්න පරකකු උන එකට...😂😂 මට තේරුම් ගියා මම ජීවිතේ සාධාරණ හේතුවක් ඇතුව ආදරේ කරන්නේ මගේ අම්මට විතරයි කියල. මාව මාස 9ක් බඩෙන් උස්සගෙන,(දැන් අහන්න එපා මාස 10ක් හිටියේ නැත්තේ ඇයි කියල) ඉපදුන දවසේ ඉදලා ලේ කිරි කරලා පොව පොව, තාමත් ලේ දාඩිය වලින් වන්දි ගෙව ගෙව, මට බඩගිනි වෙනකොට එයාට බත් හිරවෙන, එයාට බඩගිනි වෙනකොට මට බත් හිර වෙන, මගේ අම්මට මම ආදරේ කරන එක සාධාරණයි කියල මට තේරුම් ගියා.....))

😈😈😈😈😈😈😈😈😈😈😈😈


👉බුද්ධාගම දියුණුද....👈



          වයසක ගෑහැණු කේනෙක් අපෙ ගේ ගාව ඉදල කියනවා,
"අපේ අවුරුද්ද අප්‍රේල් නෙවෙයි... මැයි මාසේ... වෙසක් කියන්නේ අපේ අවුරුද්ද"!!....

බලාගෙන යනකොට ඒ උපාසක අම්ම පන්සලේ ප්‍රධාන දායකයා.... 
සංසාරෙන් එතෙර වෙන්න ඔන්න මෙන්න ඉන්නේ... 
මස් මාළු කන්නෙත් නෑ, හාල් මැස්සො විතරයි කන්නේ....😈
කතා කලොත් ධර්මයෙන්මයි ටෝක් කරන්නේ... 
          පෝය දවසේ බලනකොට දඹුල්ල විහාරේ ගාව ලොතරැයි ගන්නවා, සිල් ගන්න ගමන්ද කොහෙද සුදු ඇදගෙන, දිනුම් ඇදිලද බලනවා...
අපේ අවුරුදු මැයි කියල කිව්ව හේතුව මට තේරුම් ගියා...
දන්සල් කන්ඩ වෙන්න ඇති.....😅


          පංසලේ හොඳම දායකයා හරි ප්‍රධානියා හරි වෙන්න ඕනි එකම සාධකය සල්ලී විතරයි. මොකද පංසලේ නතර වෙලා වැඩ කරන කෙනාට මිනිස්සු කියන්නේ ඇබිත්තයා කියල... ඌ කවදාවත් ප්‍රධාන දායකයා වෙන්නේ නෑ.. බලන්නකො ඒකෙත් හැටි.. 

             ඒ වගේම තමයි පන්සලක් හොඳටම දියුණුනම් (උපාසක අම්මලා කියන විදිහට ෂෝක් පංසල්) ඒකෙන් කියන්නේ ශාසනේ දියුණුයි කියල නෙවේ, හාමුදුරුවෝ හොඳ ව්‍යාපාරිකයෙක් කියල... ඇත්තටම පන්සලක මහන වෙලා භාවනා කරන විදිහ හරි, තමන් දන්න දේවල් හරි උගන්න උගන්න හිටියනම් හරි සිදුහත් කුමාරයා, තාම සත්‍යාවබෝධය හොය හොය සංසාරේ ගමන් කරන්න ඉඩ තිබ්බා..හැම දෙයක්ම අතහැරල, ඒ කියන්නේ දෙමාපියන්, අඹු දරුවන්, නෑදෑයන්, ඔක්කොම දාලා, අත්හැරලා ගිය නිසා සත්‍ය අවබෝධ උනා මිසක් ඔක්කොම එක්ක ගියානම් තාමත් සංසාරේ....

          ඒත් දැන් පන්සල්වල ඉන්න උත්තමයන් තමන්ට දියුණුවකුත්, දායක බෞද්ධයන්ට දියුණුවකුත් ලබා දෙන්නේ නෑ...හැබැයි පන්සලනම් දියුණු වෙනවා.... භෞතික දියුණුවක් බුදු දහමේ කියනවනම් ඒ මම දැකපු බුදු දහම නෙවේ... සමහරවිට මම වැරදි වෙන්න පුළුවන්... ඒත් දියුණුයි ලොකුයි කියන හැම පංසලකම තියෙන්නෙ ව්‍යාපාරයක් නෙවෙයිද ? පංසල දියුණු කරන එක වැරදි නෑ කියල "චේතනාහං භික්කවේ" කියන ගාථාව දාලා මට බනින්න පුළුවන් චේතනාව වැදගත් වෙන්නේ කියල, ඒත් අභ්‍යන්තර දියුණුවක් නැතුව කොහොමද භෞතික දේවලින් සැනසීම ලබා ගන්නේ......?

          උදාහරණයට දඹුල්ල පංසල ගත්තොත් ඒක හොඳටම තේරෙනවා. මටනම් දඹුල්ල පංසල පේන්නේ කණ්ඩලම හෝටලේ ශාඛාවක් වගේ... කණ්ඩලම හෝටලය කරන්නේ දඹුල්ලේ පංසලේ ලොකු හාමුදුරුවෝද කියලත් මට හිතෙනවා... දඹුල්ල පංසල ඇත්තටම බිස්නස් මතක් කරනවා, ඒකෙන් සැනසීම හරි නිවීම හරි පේනවනම් ඒක අන්ධ භක්තිය... හරියටම කිව්වොත් සේසතම විකුණලා දඹදිව යන උපාසකයෝ වගේ... නැත්නම් ගමේ මිනිහෙක්ට පොල් අත්තක් කපා ගන්න නොදෙන ඒත් දඹදිව ගිහින් හාමුදුරුවරුන්ට දානේ පූජා කරන පොල් වත්තක අයිතිකාරයෙක් වගේ..

          ඇත්තටම දැන් දඹුල්ල පංසලේ පෝසත් විදිහට හදලා තියෙන එකට(ගෝල්ඩන් ටෙම්පල්) අමතරව දඹුල්ල වලගම්බා පිරිවෙන කියල පංසලක් තියෙනවා. දඹුල්ල ඔය පංසල වටේ පංසල් 4ක් තියෙනවා. ඒත් ඒ පංසල් දියුණුද ? දඹුල්ලේ තියෙන සෝමවතිය දාගැබ ගැන දන්න අය ඉන්නේ කීයෙන් කී දෙනාද ? කොටින්ම වලගම්බා පිරිවෙනට යන ගල්ලෙන් තියෙන කැලෑ පාරත් පෝසත් පංසලෙන් වහලා දාල තියෙන්නේ කුණු දාල....
මමත් බෞද්ධයෙක්. බුදුදහමට අපහාස කරනවා නෙවෙයි මේ,...
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

          දවසක් අපෙ ගෙදර ආව හාමුදුරු දෙනමක් තමා මේ ඉන්නේ... 




          මඩකලපුවේ වාලච්චේන ගමේ., කව්රුත් දානේ ගේන්නේ නෑලු, මුස්ලිම් දෙමළ අයලු ඉන්නෙත්,,, ඉතින් මෙයාල සියුරු පිරිකර අරන් දෙන්නලු. නැත්නම් ඒව ගන්න සල්ලි දෙන්නලු..(පිරිකර බිස්නස් එක ගැන මතක් උනත් කතා නොකර ඉන්නම්කො)... ඇත්තටම කතා බහ කරල විස්තර අහනකොට තේරුනේ කෑම ගෙනියන්න එහෙමත් නැත්නම් දානේ උයා පියා ගන්න බඩු ගෙනියන්න සල්ලි තමා මේ හොයන්නේ..... ඇත්තටම දුක හිතුනා... සමහර පංසල්වල සල්ලි පුරවගෙන වාහන අරගෙන බඩු ගහගෙන ඉන්න හාමුදුරුවරු අතරෙම මෙහෙම ගෙවල් ගානේ යමින් ජීවිතේ ගෙවන හාමුදුරුවරුත් ඉන්න එක ගැන... සමහරවිට සංසාරේ කරපු පව් ගෙවනවා ඇති මහන වෙලා...(දානේ හම්බෙන පංසලකට එන්න කිව්වාම ඒකට කැමතිත් නැති නිසයි එහෙම කිව්වේ)

          දඹුල්ල පංසලේ හම්බෙන මේ ආදායමින් බැරිද ඇත්තටම මේ වගේ පංසල් රැක ගන්න ? බුද්ධ ශාසන කටයුතු අමත්‍යංශයක් තියෙනවනේ... දඹුල්ල විතරක් නෙවේ දළදා මාළිගාවත් බිස්නස් එකක්නේ, සල්ලි හොයනවනේ.... මම පව් කාරයෙක් කියල හිතෙයි. ඒත් බුදු හාමුදුරුවෝ හිටියනම් එතුමත් මෙහෙම කියයි... බුදුදහම දහමේ තියෙන්නෙ තමන්ගේ නිවීම.... තමන්ගේ අත්හැරීම.... තමන් සංසාරෙන් එතෙර වෙන එක.... එහෙම නැතුව අල්ලාහ් වගේ ආගම පතුරන එක නෙවෙ. රහතුන් වහන්සේලාට බුදු දහම අල්ලාහ් කිව්වා වගේ පතුරවන්න කියල බුදු හාමුදුරුවෝ කියල නෑනේ. අපේකම හරි ජාතික හැගීම හරි ඒ වගේ අනුසෝතගාමී දේවල් ආවෙ බුදු දහම එක්ක නෙවෙ. ඒක මතක තියා ගන්න. බුදු දහම පටිසෝතගාමී දහමක්...පංසලේ බේබදු ගනයෙක්, කට්ටඩි ගනයෙක්, බිස්නස් ගනයෙක්, ගල් කාරයෙක්, කොල්ලො කාරයෙක් වගේ වයිවාරණ හාමුදුරුවරු දැකලා තියෙනවා මම....  ඇත්තටම මටනම් සංසාරෙන් එතෙර වෙන්න බැරි වෙයි පංසලකට ගිහින්... 😈

          ඒ වගේම මම දැකලා තියෙනවා රිවස්ටන් කන්දේ කැලේ ඉන්න හාමුදුරුවරු....🙏🙏🙏 ඒ වගේ කැලෑවල වාසය කරන හාමුදුරුවරු කීප දෙනෙක් එක්ක කතා කරලා තියෙනවා... ඇත්තටම බුදු දහම අතහැරල යන්න බැරි ඒකයි තාම.. මොකද මම දැකපු අත්දැකපු ආගම් වලින් හොඳම නිවීම තියෙන්නෙ බුදු දහමේ විතරයි...🌸🌸🌸

කාලේකට කලින් ලියපු එකක්...