Saturday, December 1, 2018

👉..රැඩිකල්ම ප්‍රශ්නයක්..👈




          ඔයාගේ ජීවිතේ ඔයා අහපු හොඳම දේ මොකද්ද කියල ඇහුවොත් ඒකට උත්තර දෙන්න ටිකක් කල්පනා කරන්න ඕනි... 
     ඒත් ඔයාගේ ජීවිතේ ඔයා අහපු හොඳම ප්‍රශ්නේ මොකද්ද කියල ඇහුවොත්, අන්න උත්තර දෙන්න ලේසි වෙන්න පුළුවන්. මම දන්න දන්න කීප දෙනෙක්ගෙන් ඇහුවා. සමහර අය කිව්වා "ඔයා මට කැමති ද ?" කියන ප්‍රශ්නේ තමයි ජීවිතේ අමතක නොවන ප්‍රශ්නේ කියල, තව කෙනෙක් කිව්වා "ඔයා ඇයි ජීවත් වෙන්නේ ?" කියන ප්‍රශ්නේ... ඇත්තටම ගොඩාක් අයගේ ජීවිත හොඳ අතට හරි නරක අතට හරි වෙනස් කරන්න ලොකු බලයක් තියෙනවා මේ ප්‍රශ්න දෙකට... මේ ප්‍රශ්න දෙක තමන්ගෙන්ම අහල බැලුවොත් ඒක තේරුම් යයි.. වෙන කෙනෙක්ගෙන් ඇහුවත් තේරුම් යයි... 😄

          මගේ ජීවිතේ මම අහපු මට අමතක නොවන ප්‍රශ්නයක් තියෙනවා.. ඒකේ නිධාන කතාව මෙහෙමයි.. යටගිය දවස බරණැස් නුවර බරණැස් රජතුමා රජ කරන කාලෙක මම වෙන්ඩ පොෂ් කෑල්ලක් ෆෝර්ම් කර කර හිටියා. මගෙයි යාළුවාගෙයි තර්ක උනේ "ආදරේ විතරක් එන්නත් කරල කෙල්ලෙක් යාළු කර ගන්න පුළුවන්."/ "සල්ලි පොරත්වය දෙක නැතුව කෙල්ලෙක් යාළු කර ගන්න බෑ" කියන තර්ක දෙක... ඉතින් මගේ රාජකාරිය උනේ කෙල්ලට මම මෝඩ පහේ ගොඩේ හිඟන චරිතයක් කියල පෙන්නගෙන (කොහොමත් එහෙමයි තමා) ආදරේ කියන එක උපරිමයෙන් උත්තේජනය කරන එක. ඔහොම කාලයක් යනකොට මේ සබන් බෝල කෙල්ල මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.. ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් මේ වෙනකම් හම්බුනේ නෑ.


ප්‍රශ්නේ තමයි.....

"අකිල ඇයි ඔයා මට ආදරේ කරන්නේ "❔ 


          යකූ උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් ද මේක... මට හම්බෙන හැම ආදරවන්තයන්ගෙන්ම මේ ප්‍රශ්නේ මම අහනවා... "ඇයි එයාට ආදරේ කරන්නේ ?" කියල. දෙයියනේ උන් එකෙකුටවත් උත්තරයක් නෑ... බොක්ක කඩාගෙන ආදරේ කරන උන්ගෙන් ඒ ප්‍රශ්නේ අහපුවාම උන් ගොළු වෙනවා. සමහර උන් ගොන් උත්තර දුන්නා සෑහෙන්න.(ගිය ආත්මේ ඉදන් පතාගෙන ආවා! එයා හරි හොඳයි! ගතිගුණ හොඳයි!) ඒත් රියල් ඔරිජිනල් කෙල්ලො කොල්ලො ගොඩාක් කිව්වා ඇත්තටම ඒකට උත්තරයක් නෑ කියල... හරි හේතුවක් කියන්න හම්බුනේ නෑ කාටවත්. එයාලා සාධාරණයි. මම සෑහෙන්න කල්පනා කරා ඔය ගැන.. මට විශ්වාසයි ඔයලාටත් ඒකට සාධාරණ උත්තරයක් නෑ කියල.. තමන්ට අවංකව උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට කියන්න. හම්බෙන හැම ලවර්ස්ලගෙන්ම අහන්න... තමන්ගෙන් ම අහල බලන්න. මගෙන් මේ ප්‍රශ්නේ අහපු ඒ කෙල්ලවත් තාම දන්නේ නැතුව ඇති මේ ප්‍රශ්නේ ගැඹුර... ඇත්තටම ඒ කෙල්ල මොන අදහසකින් ඇහුවත් හිතන්න දේවල් ගොඩාක් ඉතුරු වෙන පිස්සු හැදෙන රැඩිකල් ම ප්‍රශ්නය

"ඇයි ඔයා මට ආදරේ කරන්නේ ?" කියන එක උනා මගේ ජීවිතේ.

((මාව අංගොඩ යවන්න ඔන්න මෙන්න තියෙනකොට අම්ම බනිනවා ඇහුනා කන්න පරකකු උන එකට...😂😂 මට තේරුම් ගියා මම ජීවිතේ සාධාරණ හේතුවක් ඇතුව ආදරේ කරන්නේ මගේ අම්මට විතරයි කියල. මාව මාස 9ක් බඩෙන් උස්සගෙන,(දැන් අහන්න එපා මාස 10ක් හිටියේ නැත්තේ ඇයි කියල) ඉපදුන දවසේ ඉදලා ලේ කිරි කරලා පොව පොව, තාමත් ලේ දාඩිය වලින් වන්දි ගෙව ගෙව, මට බඩගිනි වෙනකොට එයාට බත් හිරවෙන, එයාට බඩගිනි වෙනකොට මට බත් හිර වෙන, මගේ අම්මට මම ආදරේ කරන එක සාධාරණයි කියල මට තේරුම් ගියා.....))

😈😈😈😈😈😈😈😈😈😈😈😈


No comments:

Post a Comment