Saturday, December 1, 2018

👉මට පෙන්වලා ආලේ හැටි..... ඔබ දුන්න දුක හොඳටම ඇති.....👈



           ප්‍රේමය, සෑම කාලෙකම, ප්‍රධාන මාතෘකාවක්නේ.... කොල්ලො කෙල්ලො ගොඩක් දෙනෙක් ප්‍රේමවන්තයො ප්‍රේමවන්තියො වෙලා. ඉදිරියටත් එහෙම වෙනවා.. ප්‍රේමය නිසා සතුටු වෙන පිරිස අතරෙ ප්‍රේමය නිසා ජීවිතේ එපා උන අයත් බොහෝමයි. හා හා හෝව්.... දැන් ඉතින් ඔය සින්දු වල වීඩියෝ වල පෙන්නන විදියට ආදරේ කරපු කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යද්දි අඬා වැලපෙන පෙම්වතුන් මවා ගන්න එපා. හැම පැත්තෙන්ම තියෙන්නෙ කෙල්ල බූට් තියෙන සින්දු තමා. ඒත් ඉතින් ඕක ඇත්ත නෙවේ. පෙම්වතා දාලා යන කෙල්ලො වගේම පෙම්වතිය දාලා යන කොල්ලොත් ඉන්නවා. උදාහරණයකට ගන්න මාව....😈😈  ඒක ඉතින් 50% දෙපැත්තටම.

          දාලා ගිය එකට හේතු ඇහුවම නම් ලෝකෙ නැති හේතු කියනවනේ, ඒක ඉතින් තම තමන්ගෙ සතුට තමා. ඉතින් දැන් ඔහොම ප්‍රේම සම්බන්ධයක් බිඳුනම දරාගන්න අමාරුයි ලු ඇත්තටම ආදරේ කරපු කෙනෙක් නම්. ආතල් එකට කරපු එකක් නම් දැනෙන්නෙවත් නෑලු (මම දන්නේ නෑ. මේ පාර ශිෂ්‍යත්වේ ලියපු කොල්ලෙක් කීවේ)  ඔන්න ඉතින් අඬලා වැලපිලා මානසිකව වැටෙනවා නැත්නම් ජීවත් උනා ඇති කියලා වහ බොනවා නැත්නම් කෝච්චියට බෙල්ල තියනවා එහෙමත් නැත්නම් ළිඳකට හරි ගඟකට පනිනවා.
නිකමටවත් හිතන්නේ නෑ තමන්ගෙ මරණය දැක්කම අම්මට තාත්තට දරාගන්න පුලුවන් වෙයිද කියලා....... පොඩි කාලෙ ඉදන් දහසක් බලාපොරොත්තු තියාගෙන හදපු ඔයාගෙ මරණය දරාගන්න එයාලට බෑ කියල..... අනික එහෙම මැරුණා කියලා හරි මානසිකව වැටුනා කියලා හරි ගියපු කෙනා ඒවිද ? ආවත් ඒ ආදරේ නිසාද ?

          හැබැයි මෙහෙම දෙයක් තියෙනවනේ දැන් ඒ විදියට මැරෙන්න ගියාම හරි හැමදාම අඬ අඬ ඉන්න ගියාම හරි සමාජය හිතනවා අනේ එයා කොච්චර ඒ කෙල්ලට/කොල්ලට ආදරේ කරලද කියලා. සතුටින් හිටියොත් හිතනවා බොරුවක්ද කොහෙද කරලා තියෙන්නෙ කියලා. ඒකනේ ලොජික් එක...අනේ ඉතින් ශ්‍රී ලංකන්...
සමාජයට ඕනි විදියට නෙවේ අපි ඉන්න ඕනි අපේ හෘද සාක්ෂිට එකඟව. අපිට ආදරේ නැත්නම් එයාලා යන එකමයි හොඳ. මොකද කසාද බැන්දට පස්සෙ යනවට වඩා ඊට කලින් යන එක කොච්චර හොඳයිද.......දුකයි තමා ඒත් හැමදේම වෙන්නේ හොඳට කියලා මතක තියාගන්නකෝ. හැබැයි ඉතින් ඒක තේරෙන්න ටිකක් කල් යනවා. හොඳම දේවල් ලැබෙන්නේ පරක්කු වෙලාලු. 
අත් හරින්න දහසක් හේතු තියෙද්දි ළඟින් ඉන්න එක හේතුවක් හොයාගන්න එක නේද ආදරේ කියන්නේ.😈

          මම කියන්නේ ලුණුයි බතුයි කමුකො රත්තරන් කියලා කියන අය ගැන නෙවේ. මොකද එහෙම කිව්වට කන්න ගියාමනෙ ප්‍රශ්නෙ. හැමෝම ළඟ අඩුපාඩු තියෙනවා හැමෝගෙන්ම වැරදි වෙනවා ඒවා හදාගෙන ඉස්සරහට යන එක නේද කරන්න ඕන,.... ඒත් ඉතින් තනි අතින් අත්පුඩි ගහන්නත් බෑ හොඳේ.... කොහොමහරි මට කියන්න ඕන උනේ තමන් ආදරේ කරපු කෙනා දාලා ගියා කියලා ජීවිතේ එක්ක තරහා වෙන්න එපා කියලා.

          මොකද, කෙනෙක්ට කළු ගලක් උනාට තව කෙනෙක්ට මැණිකක් වේවි ඔයාව. කළු ගලෙන් දේව රූපයක් හදලා වටිනාකම වැඩි කරන අය ඉන්නවා කියල තේරුම් ගන්න...තමන් කරපු පිං පව් අනුව තමා ඒක ඉතින්. හොඳම දේ හොඳම වෙලාවට වෙයි එතකම් ඉවසන්න. වැටෙන්න එපා ඒ දේවල් පාඩමක් කරගෙන ශක්තිමත් වෙන්න. ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවේ. හැඟීම් වලට නෙවේ බුද්ධියට ඉඩ දෙන්න. ඔන්න එතකොට පුලුවන් වේවි ඔයාට,ජීවිතේ ලස්සන දකින්නට..... 
           තව දෙයක්.... හිතන්නකො පළමු ප්‍රේමයෙන්ම මත් වෙලා රැවටිලා, පෙට්ටි කඩා ගත්ත, පටි රෝල් උන කෙල්ලෙක් ගැන.... ඒ වගේම ප්‍රේමයෙන් මත් වෙලා රැවටිලා ඉඩ කඩම් උකස් කරල කෙල්ලට වියදම් කරපු කොල්ලෙක් ගැන.... අන්න එහෙම ප්‍රේමයකට බූට් එකක් වැදුනාම මම මුලදි කියපු දේ ගැලපෙන්නේ නෑ කියල ඔයාල තර්ක කරයි. ඒ අයටත් මේක ගැලපෙනවා කියල මම තර්ක කරන්නේ නෑ. මොකද ප්‍රායෝගික ලෝකෙක ජීවත් වෙන නිසා... පිළිගන්නවනම් පිළිගනිල්ලා..... ඒත් මම දැකලා තියෙනවා බඩුවක් උන කෙල්ලෙක් ව රැජිණක් කරපු කොල්ලො වගේම, හිඟන්නෙක් උන කොල්ලෙක් ව පෝසතෙක් කරපු කෙල්ලොත්.... මම කියන්නේ හොඳම දේ සීමාවක ඉදලා ආදරේ කරන්න. ඒ කියන්නේ කිසිම දෙයක් උස්සගෙන ඉන්න  එපා කියලා.. කරේ තියා තියා ගන්න එපා. 

තමන්ගේ පෙම්වතිය ට ආදරේනම් ඇයව රැජිණක් කරනව මිසක් බඩුවක් කරන්නේ නෑනේ.... තමන්ගේ පෙම්වතා ට ආදරේනම් ඔහුව හිඟන්නෙක් කරන්නෙත් නෑනේ..... 
ගොනා හැරෙන්නේ පොල් පැලේට කියල නොතේරෙන්න තරම් උඹලා පොඩිනම් ලව් කරන්නේ නෑනේ.........

මගේ යාළුවෙක් කාලෙකට කලින් ලියලා දුන්න කතාවක් මේක...

No comments:

Post a Comment