Saturday, December 1, 2018

👉..නිදහස..👈





          අපේ ජීවිත ක්‍රම ක්‍රමයෙන් කෘතිම වෙන්න පටන් අරන්. අපි සිතන පතන විදිහ, හැඟීම් පවා කෘතිම වෙලා. ආදරේ/ප්‍රේමය මහා පරිමාණයෙන් අපි කෘතිමව හදාගෙන අපේ හෘදය ඇතුලේ පුරවගෙන... එයා නැති උනොත් මං මැරෙයි කියන තරමටම... එයා නැතුව මං ජීවත් වෙලා මොකටද කියන තරමටම.... හෝර්මෝන හා මොලේ ඇතිවන රසායනික වෙනස්කම් අපි දෙවියන්ගේ කැමත්ත කරගෙන... මගේ මතයනම් ප්‍රේමය කියල දෙයක් නෑ.... ලෝකේ    ඔය තරම් ප්‍රේමය කියන දෙයක් තියෙනවනම් එකෙක් අනිකව දාල යන්නේ නෑනේ.... එක්කෙනෙක්ට ප්‍රේමය සුන්දර වෙන්නයි අනිකට අසුන්දර වෙන්නයි හේතුවක් නෑ. 

       මට හිතෙන විදිහට ආදරේ කියල හදාගෙන තියෙන්නෙ ගනුදෙනුවක්.... මිනිස් වර්ගයාගේ පැවත්ම තහවුරු කරන්න ස්වභාවධර්මය කරපු මවා පෑමක්. එහෙමත් නැත්නම් උප්පරවැට්ටියක්. හැම තැනම තියෙන්නේ ඉල්ලුමට සැපයුම... චුම්බකයක් උනත් ඇදෙන්නේ බලය වැඩි දිසාවට. වචන වලින් කෙනෙක්ගේ මනසට කතා කරන්න ඉගෙන ගත්ත කෙනෙකුට ආදරේ කියන දේ තේරෙන්නේ නෑ. ඇත්තටම ආදරේ කියල අමුතු වෙව්වා එකක් දැනෙන්නේ නෑ. මගේ ලෙඩක්වත්ද කියල මම දන්නේ නෑ.....😈ඒත් මටත් කෘතිමව පුළුවන් මහා ආදරයක් මවා ගන්න.. හැබැයි ටිකක් කල්පනා කරනකොට මටම හිතෙනවා මෙච්චර කෘතිම නිෂ්පාදන පාවිච්චි කරන්නේ ඇයි කියල....

ගෙදරටම වෙලා ඉදලා පිස්සු හැදිලද කොහෙද මට...

          උදේම නැගිටලා මිදුල අතුගාලා, ගේ අතුගාලා දාලා, මල් ගස් වලට වතුර දාලා, අම්මට උදව් කරලාහවස අම්මට කලින් නාල අම්මට පහන තියන්න මල් කඩලා අම්මට උයන්න පොල් ගාලා දීලා, පරිප්පු හරි හාල් හරි හෝදලා දීලා, අම්ම තේ හදලා දෙනකම් කුස්සියට වෙලා බලන් ඉදල, උයල ඉවර උනාම අම්මගේ ඔඩොක්කුවට වෙලා අම්ම එක්ක කතා කර ඉදලා, උයලා දුන්න කෑම අම්මගෙ අතින්ම කවන්න කියල කාලා, ගේම් ගහලා, ඇලේ දොලේ පැනලා නාලා, කැලේ පුරා ඇවිදලා, ගස් ගානේ නැගලා, හවස් වෙනකොට ගෙදර ඇවිත් අයෙත් නාලා, අම්මට පහන තියන්න මල් කඩලා, තේ හදනකම් ලිප ගාව ඉදගෙන ඉදලා, උදව් කරලා කාලා නිදාගෙන පහුවදාටත් ඒ විදිහට දවස ගෙවන එක තරම් සුන්දර දෙයක් තවත් නෑ.... 😍😍😍

          ඇත්තටම ජීවිතේ ගොඩාක් සුන්දරයි. සරලයි. අපි ඒ සුන්දර සරල ජීවිතේ අනවශ්‍ය බැදීම් නිසා සංකීර්ණ මහා ප්‍රශ්න ගොඩාක් කර ගන්නේ ඇයි කියල මට තේරෙන්නේ නෑ... කෝච්චියට යට වෙනකම් තේරෙන්නේ නෑ රේල් පාරක ඉන්නේ කියල.... 

          ජීවතේ මෙච්චර සුන්දරව ගෙවන්න තියෙද්දි අවාසනාවට ජොබ් එකක් කරන්න ඕනි.... හැමදාම වැඩට යන්න ඕනි.... කෙල්ලෙක් යාළු කර ගන්න ඕනි.... ඒ කෙල්ල බදින්න ඕනි.... ළමයි හදන්න ඕනි.... ළමයි ට උගන්වන්න ඕනි.... ඇයි මෙච්චර කරදර ජීවිතේ ට......😓😓😓😓

කොහොම හිටිය එකෙක්ද මම....😔



No comments:

Post a Comment