Tuesday, July 10, 2018

👉උබටත් පියාඹන්න පුළුවන්ද ?👈



මේ ලෝකේ අසාධාරණ ලෝකයක්....
ගෝනූ මුවෝ ගහන පිනුම් හැමෝටම ගහන්න බෑ කියල මිනිස්සු තේරුම් ගන්නේ නෑ කවදාවත්....

         පියාඹන්න පුලුවන් අය තේරුම් ගන්නේ නෑ හැමෝටම ජන්මයෙන් පිහාටු ලැබිලා නෑ කියල. එයාල හිතන්නේ මට පියාඹන්න පුලුවන්නම් ඇයි අනිත් අයට බැරි කියල. පියාඹන්න ජන්මයෙන් අත්තටු ලැබුන අය අත්තටු නැති අයව හෑල්ලු කරන එක බලන්න අප්‍රියයි මගේ මිත්‍රයා... මොකද පොඩි කාලේ ඉදල අත්තටු තියෙන අය දන්නේ නෑ පියාඹන්න අත්තටු ඕනි කියල.

           පපුව පුරා වේදනාවක් යන නරකම දේ අත්තටු තියෙන අය අත්තටු නැති අයව පියාඹන්න පොළබවන එක කියල මට අද දැනුනා... හිතන්නකෝ පියාඹන්න ආසාවක් ඇති උනාට අත්තටු නැතුව පියාඹන්න බෑ කියල දැනෙනකොට තියෙන වේදනාව.... පරම්පරාගත අත්තටු කාරයෝ, ඇයි තේරුම් ගන්නේ නැත්තේ,
 "මට අත්තටු නෑ ඔයාලත් එක්ක පියඹන්න." කියල කියන එක..
          තේරුම් ගන්න. සමහර අය පියාඹන්න එන්නේ නැත්තේ, එයාලගේ අහංකාරය හෝ සතුටු වෙන්න අකමැති නිසා නෙවෙයි... ඇත්තටම දහසක් ප්‍රශ්න තියෙන අය මේ ලෝකේ ඉන්නවා කියල තේරුම් ගන්න... ණයට අත්තටු ඉල්ලගෙන පියඹන්න කියල කිව්වාම, හැම තැනටම ණයයි, කොහොමද මේ ණය පියවන්නේ කියල අහනකොට මොනවද දෙන උත්තර......?

          පියඹන්න පුලුවන් අත්තටු තියෙන සමහර අය පියාඹන්න යන්නේ නෑ මගේ මිත්‍රයා. ඒ පියාඹන්න බැරි, ඒත් පියාඹන්න ආස යාලුවා ගේ මූණ මැවිලා පේන නිසා... ඒ මූණ මතක් වෙනකොට උන්ව දාලා යන්න බැරි නිසා...
             පියාඹන්න බැරි ඒ යාළුවා
"කොහොමද යන්නේ ? ", "කොහෙන්ද අත්තටු ?" කියල අහනකොට මට දැනුන වේදනාව පපුව හරහ කොච්චර ගියාද කියනවනම්
     මගේ තියෙන අත්තටු කපාගෙන මැරෙන්න හිතුනා මගේ මිත්‍රයා මට... සමහරවිට ඒ අනුන්ගේ ප්‍රශ්න මගේ ඔලුවට දාගන්න නිසා වෙන්න ඇති. ඕකම තමයි රෝහණ විජේවීර මහත්තයා ට වෙන්න ඇත්තෙත්. මට තේරුම් ගියා විජේවීර මහත්තයා ට දුප්පත් මිනිස්සු ආදරේ කරන්නත්, අත්තටු කාරයෝ වෛර කරන්නත් හේතුව. පියාඹන්න බැරි ඒ යාළුවන්ගේ කඳුලු පිරුණ ඒ මූණවල් මතක් වෙද්දි, පියාඹලා ගිහින් මට සතුටු වෙන්න බෑ මගේ මිත්‍රයා. 
     මට ශක්තියක් තිබ්බනම් පියාඹන්න බැරි ඔක්කොම උස්සගෙන පියාඹන්න.....😔
මට වෛර කරන්න එපා අත්තටු කාරයිනි... කළත් කමකුත් නෑ... 
මං එන්නේ නෑ පියාඹන්න උඹලත් එක්ක. 
මං උඹලට වඩා ආදරේයි පියාඹන්න බැරි පොළොවේ ඉන්න අයට......


Sunday, July 8, 2018

👉මම ඉන්නෙමි ඈතට පලා යමින්👈




දුක  තරහ මම  සිතේ  හිර කරන්
මම  හිටියා  මගෙ  සිත රවටමින්
ඔයා අන්සතු බව දත්  නිසාවෙන්
මම ඉන්නෙමි ඈතට පලා යමින්.....
💔💔💔💔💔💔💔💔💔💔

තරහක් නෑ  මගෙ  හිතේ කිසිදාක
ඔබයි බිරිය මගේ උනේ පෙරදාක
පතමි  ඔබව වේවා මගේ  මතුදාක
තබමි ඔබට ජීවේ  හිතේ  හැමදාක.....
💔💔💔💔💔💔💔💔💔💔

රසිකයා ඔබයි  උනේ මගේ කවි දිවියේ
ඔබටම  තමයි  අනේ මගේ කවි ලියුවේ
කවියට සමයි මේ ඔබගේ පෙම සිහිවේ
ඔබටම තමයි මේ කවියේ පෙම පැතුවේ.....
💔💔💔💔💔💔💔💔💔💔

කප්පරක් මහන්සිය නිවන නිරෝධය
තප්පරෙන් හදවතම දවන  වියෝගය
කල්පයක් පුරාවටම පතන මහෝගය
අමිලයක්  තරමටම වටින  නිරෝගය.....💖
💔💔💔💔💔💔💔💔💔💔


👉ආදරේද මගේ බට්ටිත්ති👈



කොහෙන්ද ආවේ බට්ටිත්ති
හදවත මාගේ  සොරා ගත්ති
කියන්නකො  සතුටින් ඉද්දී
ආදරෙයි ද  මට බට්ටිත්ති.....

🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤

ඔයා හදවතේ තෙරපෙද්දී
ඉවසනු බෑ  මට බට්ටිත්ති
තරහා  ඕනි  නෑ  සූටික්කි
ආදරෙයි ද  මට බට්ටිත්ති.....

🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤


බට්ටිත්තියෙකුට  ආදරේ කරව්වට
අත්තටු  නැත මට පියාඹා යන්නට
දුරට යන්න  එපා  විහිළු කරන්නට
සිතෙනවා  මට ඔබ කූඩු කරන්නට......

🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤


පොඩි පොඩි දේටත් රණ්ඩු කරාට
ටික ටික  ආදරේ  දැනෙනවා අපිට
රණ්ඩු  වෙද්දි  අපි  තරහා  උනාට
ආදරේ  අඩු  නෑ  මගේ බට්ටිත්තිට......

🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤


මටත් පොඩි උන් සෙට් එකක් නංඟි කියාගෙන එනවා කියාල්ලකු... මට ඕනි ගොඩාක් ලොකු වෙන්න, ඒත් මම ඒම වෙන්නේ නෑනේ... අවුරුදු ගානක් තිස්සේ මම මේ උසමයි... (මේ කතාව කිව්ව කෙල්ලව මතක් උනා මේ 👆 පරණ කවිය දැක්කාම)😈

👉දේවාලයේ පෙරහැර 👈





නිමිත්ත :- සියඹලාව දේවාලයේ පෙරහැර දවසේ බකමූණේදි කෙල්ලෙක් දැකීම... හා 
(බකමූණෙන් පිටත් වෙන වෙලාවේ හිතට නැගුණු සිතුවිලි බයික් එකේ එන ගමන් අකුරු කළාම...)👇

කස පහරට වඩා සද්දෙයි   ඔයාගේ    බැල්ම මට...
ගිණි බෝලවල එලියට වඩා ඔයාගේ   හිනා කට....
ඇතාට වඩා ආඩම්බර පෙන්වන ඔයාව  ඇත්තට....
ගොඩාක් සුන්දරයි දළදා පෙරහැරටත්  වඩා මට..... 
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

කස පහරට බෑ වේදනා දෙන්න ඔයා  වගේ....
ගිණි බෝල වගේ දැල්වේවිද ආදරේ‍  මගේ....
ඔයා ගැන හිතේ  තියා ගත්ත ආදරේ  මගේ....
ඇත්තමයි  ඇතා පිට යන  කරඬුවක්  වගේ....
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

ආදර කොඩිය ලෙලදෙනවා  ඇහෙනවද....
හදවතේ සද්දේ මැණිකෙට   දැනෙනවද....
බොරු කකුල්  වගේ  පුදුමෙන්  බලනවද....
අම්මගෙන් අහන්නම්  ඔයා  මට දෙනවද..... 
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

නැට්ටුවන්ට වඩා  දඟ  කරන  කෙල්ලේ...
කාවඩි නැතුවත්  තාල  පද්දන  රිද්මයේ....
තාලයට වශී වෙලා මගේ හිත අහන්නේ....
මම වෙන්නද  උඹේ දිය  කපන නිළමේ....
😈😈😈😈😈😈😈😈😈😈😈😈😈





Saturday, July 7, 2018

👉බූට් කන්න ඕනි නෑ කවි ලියන්න...👈





     බූට් කන්න ඕනි නෑ කවි ලියන්න...

උත්තේජනයක් විතරයි ඕනි..... මෙන්න මෙහෙම,👇

අකිල මට රැප් එකක් ලියලා දීපන් කෙල්ලට පේන්න ෆේස්බුක් දාන්න. මට කෙල්ලො එපා වෙලා ඉන්නේ...’’



ඉතින් ලිව්වා මම...

සැලකිය යුතුයි :- බූට් කන්න ඕනි නෑ කවි ලියන්න...😈

හිටියට මං ආදරේ කියලා කෙල්ලට.....
රැවටෙන් නෑ මං අය ඔය බැල්මට......
කරන්නෙ නෑ මම අය ලව් ගැම්මට.....
මට ලව් කරන කෙල්ලෝ පලයන් අපායට.........💣


පදිරි නෑ මං අය කරන්න ලව් සෙල්ලම්....
බය නෑ මරා ගන්න බහින් නෑ පල්ලම්.....
අය නෑ ලව් කරන්නේ මගෙ නෑ වල්කම්....
මට නෑ දුකක් කෙල්ලො කරන්නෙ සල්ලම්......💣


දිව්‍ය ලෝකේ නෙවේ මම අපායෙමයි ඉන්නේ...
දෝලාවෙන් නෙවේ මම පයින් තමයි එන්නේ...
කාලා බීලා ඉදපු තැන කිසිදා නෑමයි  රෙන්නේ...
ඒකයි උඹව ඉතුරු කරලා මම පාඩුවේ යන්නේ......💣

👉ගන්ධබ්බ ජීවිතේ චාරිකාව👈



          සතුට හොයාගෙන, එහෙමත් නැත්නම් ආතල් එකක් ගන්නද චාරිකා යන්නේ ? මංනම් හිතන්නේ නෑ..... 
හුඟාක් අයට චාරිකාවක් යන එක ගොඩාක් විශේෂ, වටින දෙයක් වෙන්නේ, මහා ලොකූ දෙයක් වෙන්නේ ඇයි කියල මං දන්නෙ නෑ. මට තේරෙන්නෙත් නෑ. මගේ අත්දැකීම්වල තියෙන දුර්වලතාව නිසා වෙන්න ඇති.... සමහරවිට ඒ මං ගන්ධබ්බයෙක් නිසාවත්ද ?😈

          ලංකාව වටේ නෙවේ ලෝකේ වටේම යන එකත් ලොකු දෙයක් නෙවෙයි කියලයි ඒ ගැන හිතද්දි මට හිතෙන්නේ.... ගන්ධය උපයෝගී කරගෙන, ඔහේ පාවී පාවී උන්නූ මම, මේ ලෝකේට ආවෙත්, වෙනත් ලෝකෙකින්.... 👻👻
සමහරවිට චාතූර්ය, යාමය, තුසිතය, ඉදල වෙන්න ඇති....👼😇 
ඊට පස්සේ මම මාතෘත්වයට පණ දෙන, ආදරය නම් තැනට ආවා. ඔව්. ඒ මගේ අම්මගේ බඩට......💞 ඊට පස්සේ මගේ වර්තමාන ලෝකේ උන, මේ ලෝකේ නතර වෙලා ඉන්නවා වෙන ලෝකෙකට යන්න බලාගෙන....

චාරිකා එච්චර වැදගත් දෙයක් නෙවෙයි කියල තමයි මං මේ ලියන්න ගත්තේ.....ඒත් හොදමදේ, 
මේක ලියාගෙන එනකොට මට යමක් තේරුම් කරන්නට ස්වභාව ධර්මය සමත් උන විදිහ... ඒ පාරේ ගියපු වාහනයක සින්දුවක්..

බලාගෙන යනකොට,චාරිකාවක් යන එක සුළු දෙයක් නෙවෙයි..... චාරිකාවක් යන එක තමයි අපි මේ කරන්නෙ..... ඒකට තමයි ජීවත් වෙනවා කියන්නෙ...

ඇත්තමයි...
සාගරය බඳු වේදනාවෝ,
සුන් වෙලා යනවෝ....
ජීවිතය ගෙන වන්දනාවක,
යන්න අපි යනවෝ......

          වේදනාවන්ගේ තරම සමහරවිටෙක සාගරයට වඩා විශාල වෙනවා කියල මං කිව්වොත් වේදනා විදපු අය ඒකට එකඟ වේවි. වේදනා විදින්න ඉන්න අය ඒකට තාම එකඟ නොවේවි.
හැම විටම වේදනාව, කායික විතරක් නෙවෙයි.... මානසිකවත් දැනෙනවා.

විශ්වාස කරන්න........
කායික වේදනාවන්ට වඩා ගැඹුරුයි,
නැති බැරි කම..... 

පරාජය.....
අහිමි වීම.....
බඩගින්නට වඩා අමාරුයි

රැල්ලට කඩචෝරු කන්න බැරි එක.... 
රැල්ලට වියදම් කරන්න බැරි එක...
බඩගින්නට වඩා අමරුයි
අදින්න ඇදුම් පැලදුම් නැති එක....
විශ්වාස කරන්න......
බඩගින්න දැනෙන්නෙ නෑ නොහැකියාව ලඟ..
ඒ වගේම තමයි, තුවාල, අමාරු, කායික වේදනා මුකුත් දැනෙන්නේ නෑ,.... 

පරාජය උන වෙලාවට.....

        හිත හොඳ මිනිස්සුන්ට වරදින්නේ නෑ කියලා අහලා තියෙනවද.... 
විශ්වාස කරන්න අපි කොච්චර හිත හොඳ මිනිහෙක් උනත් අපිට වරදින තැන් අනිවාර්යෙන් මුණ ගැහෙනවා. නිකම් හිතන්න සියළු බැඳීම් අතහැරලා බුදු වෙන්න පෙරුම් පුරපු බුදු හාමුදුරුවන්ට තිබ්බ බාධා... මාරයෝ...
          අනික සමහර ප්‍රශ්න හරි රසයි.. නිකම් ගොඩාක් බඩගිනි වෙලාවක කන්නම මුකුත් නැති වෙලාවකදී, හම්බෙන පොඩි කෑමක් වගේ.... මට මතකයි බස් නැති වෙනකොට පයින් ගිහින් තියෙන අවස්ථා... කිලෝ මීටර් නමයක් මගේ යාළුවො එක්ක යන ඒ බස් නැති ප්‍රශ්නේ ඇත්තටම ගොඩාක් රසයි... තව මතක් උනා කඩේකින් කාලා බිල ගෙවා ගන්න සල්ලි නැතිව දෙන්නගෙම සල්ලි එකතු කරල ඒත් රුපියල් හැටක් අඩුවෙන් දීලා ආවා.... ගොඩාක් පැණි රසයි ඒවා...

පෙරුම් පුරනා බෝසතුන්ටත්
මාරසෙන් සිටියෝ
ඉතින් එහෙනම් අපිට නැතිවේද
රුදුරු බාධාවෝ
පැමිණි  දුක් කඳ පැණි රසක් ලෙස
බෝ සතුන් සිතුවෝ
ඉතින් එහෙනම් අපිත් ඉවසමු
දුක්ක ගංඟාවෝ.....

       ඉතින් මේ වගේ නොයෙකුත් වේදනා නිසා සාගරයක් පිරෙන්න කදුළු, දාඩිය හෙලපු මිනිස්සූ ඕනි තරම් ඇති. සාගරය හිදෙන්නෙත් නැත්තේ ඒ නිසා වෙන්න ඇති.
      මේ සාගරයක් තරම් වේදනා පුරවගෙන, වේදනා අඩු කරගෙන නැති කරගෙන වැඩි කරගෙන එකම රටාවට අපි ජීවිතේ ගෙනියනවා. ඇත්තටම "ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ".... හොඳම දේ වන්දනාවක් තනියම යන්නේ නෑ......

ඒ සිංදුවේ මගේ මොලය හාරපු තැන තමයි....
පැතුම් හොඳනම් යනෙන ගමනෙදි,
සිහින එළි වෙනවෝ.... 
මිනිස් ලොවකට ලබන්නට බැරි,
ජයක් කොතනකදෝ....
මිනිස්කම් මැද දිවි ගෙවයිනම්,
ඔවුන් ජය ලැබුවෝ...

        ඉතින් ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ට..... ප්‍රශ්න එක්ක ඔට්ටු දාන ගමන් මේ චාරිකාව යමු අපි... වන්දනාවක් කරගෙන...
       නමුත් මේ හැම දේකටම පස්සේ මගේ අවසාන නිගමනය උනේ..... මේ සිංදුව ආයෙත් අහන්න ඕනි........ ඔයාලත් අහන්න....🌹

      


Friday, July 6, 2018

👉හැමදේම වෙන්නේ මටමයි.....👈



     ලෝකය ගෝලාකරයි මගේ මිත්‍රයා....
හොදම දේ ඒ ගෝලාකාර වස්තුව, කැරකෙන එක.
ලෝකය කැරකෙන එක....කැරකෙන ඒ ලෝකේ හොදම දේ හොදම වෙලාවට වෙයි කියල මට විශ්වාසයි. 
චුම්බකයක් උනත් ඇදිලා යන්නේ බලය වැඩි දිසාවටනම්, හොදම දේ ලැබෙන තැනට ඕනෙම දෙයක් ආකර්ෂණය වෙනවා මගේ මිත්‍රයා...භ්‍රමණය වෙමින් පරිභ්‍රමණය වෙන ලෝකේ වාසි පැත්තටම විතරයි කැරකෙන්නේ.
 
කියලා මගේ යාළුවෙක් කීවා...

          ඒත් ඒක ටිකක් වැරදි. ලෝකය කැරකෙන්නෙත් නෑ... ගෝලාකාරත් නෑ... හැබැයි හැමදේම හොඳම වෙලාවට හොඳම විදිහට වෙනවා කියලනම් මම දන්නවා... වාසනාව ලඟට එන්නෙ නෑ අපි වාසනාව ලඟට යන්නම ඕනි. වැටුන දිවුල් ගෙඩියක් උනත් ලඟටම රෝල් වෙන්නේ නෑ  වගේම තමයිවාසනාව අපි ගාවටම එන එකත් හොද දෙයක් නෙවෙයි. හිතන්නකො දිවුල් ගෙඩියක් ඔළුවට වැටුනොත්..... වාසනාවන්තයෝ ජීවත් වෙනවා....

           නමුත් හැමෝම එක විදිහ නෙවෙයි. ලෝකය විශාලයි... අනුසෝතගාමී මිනිස්සු ජීවත් වෙනවා... ලෝකේ ගමන් කරන දිශාවට, සුළං හමන දිශාවට, ගංඟාව ගලන දිශාවටයමින්......
ඒ වගේම පටිසෝතගාමී මිනිස්සුත් ජීවත් වෙනවා... ලෝකේ ගමන් කරන දිශාවට, සුළං හමන දිශාවට, ගංඟාව ගලන දිශාවටප්‍රති විරුද්ධව....
           පටිසෝතගාමී අයව අනිත් අයට පේන්නේ පිස්සෝ, උම්මත්තකයො විදිහට.... මක් නිසාද යත්... පටිසෝතගාමී මිනිසුන් සුදු කැස්බෑවන් වගේ විරලයි. මොකද ලෝකයට විශිෂ්ඨයන් අවශ්‍ය කීප දෙනයි.....
          මං මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා, පසලොස්වක හඳකට කලින් අමාවක දවසක් එනවා කියල.......
ඒ නිසාම මම දන්නවා පසලොස්වක කියන්නෙ අවසානය නෙවෙයි කියල... අමාවක දවසකුත් තිබිය යුතුමයි... 
    
         එහෙනම් මිනිස්සුන්ගේ කෲරකම් වලින් දුක් වෙන එක අසාධාරණයි නේද.....

        1973 වසරේ ඔක්තෝබර් මාසෙ 17 වෙනිදා දොස්තරලගෙ පැය 73 ක මහන්සියෙක්, ඒ කියන්නෙ දවස් 2කට වඩා වෙලාවක් ගිහින් ළමයෙක් මෙලොව එලිය දකිනවා.. ඉපදෙනකොට අම්මාට වයස අවුරුදු 17යි....

ළමයගෙ නම Marshall Bruce mathers....
         ළමයාට අකමැත්තෙන් තාත්තා අම්මව දාලා යනවා...අද වෙනතුරු ඔහුට ඔහුගේ තාත්තව හමුවී නෑ.. අම්මා මත්ද්‍රව්‍ය  ඇබ්බැහිය සහ සූදු කෙලීම නිසා අම්මගෙ ආදරේ ලැබෙන්නෙත් නෑ.. ඉගෙනීමට අසමත්කම නිසා 9 ශ්‍රෙණියේ වසර 3 ක් එකදිගට ඉන්නවා... සුදු ජාතිකයෙක් නිසාත් පවුල් පසුබිම නිසාත් පාසලේදි කොන්වෙනවා...

             පාසල් කාලයේදි ආරම්භ කරපු ආදරය සමග විවාහ වෙනවා..1995/12/25 දින දී දෙදෙනාට දියණියක් ලැබෙනවා... (Hailie Jade Mathers) දවසක් මාශල් දකිනවා එයාගෙ බිරිද සමාජ ශාලාවක් ඉදිරිපස වෙනත් පුද්ගලයෙක් එක්ක ඉන්නවා... කේන්තියත් එක්ක මාශල් ඒ පුද්ගලයට තුවක්කුව දිගු කරනවා.. ඒත් වෙඩිතියන්නෙ නෑ... නමුත් තමුන්ගෙ බිරිද විසින්ම එයාට නඩුවක් වැටෙනවා... මිනීමැරුම් තැත්කිරීමේ චෝදනාවකට.... නඩුවෙන් පරාදවෙනවා.... හිරේ යනව.... නිවාස අඩස්සියට ලක්වෙනවා... වන්දියක් ගෙවන්න වෙනවා... බිරිද එයාව දික්කසාද කරනවා... තමන්ගෙ දුව හමුවෙන එක මාශල්ට අධිකරණයෙන් තහනම් කරනවා.... මානසික ආතතියට පත්වෙනවා.. 

       හිපොප් ක්ශේත්‍රයේ ඔහුගේ ඇල්බම් ගොඩක් හොදින් අලෙවි වෙනවා.. ඔහුගේ හැගීම්, සිතුවිලි සියල්ල ඔහු ගීත බවට පත්කරනවා... නමුත් බිරිදගේ වෙන්වීම, තමන්ගෙ දුවව තමන්ගෙන් වෙන්වීම ගොඩක් හිතට වද දෙනවා.

       මත්ද්‍රව්‍ය  සහ මත් පෙති වලට ඇබ්බැහි වෙනවා..

             ත් පෙති අධි මාත්‍රාවෙන් භාවිතා කිරීම නිසාත්, සතියක් එක දිගට නිදි නැතුව අවදිව සිටීම නිසාත් මොහු දවසක් යාලුවන්ට මොහුගේ කාමරයේ වැටී සිටීමෙන් පසුව හමුවනවා.... රෝහල් ගතවන විට මාශල් අසාධ්‍ය තත්වයේ.. පැය 9ක දොස්තරලගෙ කැපවීමෙන් මාශල්ට ජීවිතය ලැබෙනවා... දොස්තරලා කියනවා... තව පැය දෙකක් පරක්කු උනානම් සමහරවිට ජීවිතය නැතිවෙනවා කියලා.... ඔහු අවදිවනවිට ඔහුගෙ කකුල් දෙකට පණ නෑ... මාසයක ප්‍රතිකාර වලින් පසු ඔහුට සුව වෙනවා....

      ඔහු කියනවා..., තමන් මත්ද්‍රව්‍ය  භාවිතා කලත් තමන්ට සියදිවි නසාගන්න උවමනාවක් තිබුනෙ නෑ කියලා... ඔහු සතියක් එක දිගට නිදාගන්නැතුව මත්පෙති භාවිතා කරමින් කරලා තිබුණේ සින්දු ලියපු එක.. සුවනාට පස්සෙ ඔහු ඒ ලියපු සින්දු ඔක්කොම වලින් ඇල්බම් එකක් නිකුත් කරනවා....  ලෝකය පුරා වාරථා තබමින් ඉතාමත් වේගයෙන් ඇල්බමය අලෙවි වනවා.. (ලෝකයේ වේගයෙන්ම අලෙවි වූ හිපොප් ඇල්බමය)

        සුවනාට පස්සෙ ඔහු නැවතත් දික්කසාද කල පැරණි බිරිදව නැවතත් විවාහ කරගන්නවා... එවිට ඇයට වෙනත් දියණියක් සිටිනවා... දියණියන් දෙදෙනාම සමග  ඔහු කල් ගෙව්වත් බිරිද ඔහුව නැවතත් දික්කසාද කරනවා... නැවතත් මොහු තනිවෙනවා.. නමුත් මෙවර ඔහු මත්පෙති වලට යොමුවන්නේ නෑ... 
තමන් හිපොප් වලට එන්න මගපෙන්වපු හොදම යාලුවා අවාසනාවන්ත විදිහට මියයනවා.. මොහුට සිටින හොදම යාළුවත් නැතිවෙනවා.. (Proof)

       මොහුගේ ඇල්බම් වල පොඩි කාලෙදි මවගෙන් වුණ හිරිහැර ගැන ගීත තියෙනවා...  ළමයෙකුට පොඩිකාලෙ වෙන්න පුළුවන් කරදර ගැන ගීත තියෙනවා... ඔහුගේ මව මොහුට විරුද්ධව ඒ සම්බන්ධයෙන් නඩුවක් දමනවා... 
නඩුව මොහු පරදිනවා.. ඩොලර් 1000කට අධික මුදලක් මොහුට වන්දි වශයෙන් ගෙවන්න සිදුවෙනවා... 💵💵💵💵

      තාත්තත් නැතිව, අම්මාත් නැතිව, බිරිදත් නැතිව, දුවත් නැතිව, තමන්ගෙ හොදම යාලුවත් නැතිව ජීවත් උනත් මොහු ඒත් නැවත මත්ද්‍රව්‍ය  වලට යොමුවෙන්නෙ නෑ.. මොහු සංගීත ක්ෂේත්‍රයට සමුදෙනවා.. ජනප්‍රියත්වයේ උඩටම ගිහින් ඉන්න වෙලාවක, ලෝකෙම ප්‍රසාදය දිනාගත්ත වෙලාවක... මොහු අතුරුදහන් වෙනවා... ලෝකෙ පුරා සංගීත සංචාර තියන්න පුලුවන්කම තියෙද්දි වසර 4ක් හොයාගන්න බැරිවෙන්නම මොහු නිශ්ශබ්ද වෙනවා.. වසර 4කට පසු නැවතත් මොහු ඇල්බම් එකක් නිකුත් කරනවා...💥💥

          නැවතත් වාර්තා තබමින් ඇල්බමය ලොව පුරා සීග්‍ර‍යෙන් අලෙවි වෙනවා... එදා සිට අද වෙනතුරු මොහු මත්ද්‍රව්‍ය  වලට පෙබෙන්නෙ නෑ..

        අද වනතුරු ඔහුට බිරිදක් නෑ... ඔහුගේ මව ඔහුට හමුවන්නේ නෑ... ඔහුගේ පියා ඔහු තවමත් දැකලා නෑ... ඔහුට හොදම යහලුවෙක් නෑ... ඔහුගේ දියණිය ඔහු ලග නෑ... ඔහු තනියෙන්..
නමුත් ඔහු....
සියදිවි නසාගත්තෙ නෑ...

අදවෙනකොට....

           ඔහු සම්මාන 570ක හිමිකරුවෙක්... ඔස්කා සම්මානයක හිමිකරුවෙක්... ඇල්බම් 19ක නිෂ්පාදකයෙක්... 90 දශකයේ සිට අදවෙනතුරු හිපොප් කලාවේ විශේෂ පුද්ගලයෙක්... ලොව පුරා සංගීත ප්‍රසංග පවත්වනවා... ලෝකයේ සිටින වඩාත් සාර්කම හිපොප් රැප් ගායකයා...🎤

Eminem...


ඉතින් මට අහන්න තියෙන්නෙ?

ඔයාට ඔයාගෙ ජීවිතේ දෙයක් කරන්න බෑ කියලා ඔයා හිතනවනම් ?
ඔයාට දැනෙන දුක කාටවත් තේරෙන්නෑ කියලා හිතනවනම් ?
ඔයාට වෙච්ච දේ කාටවත් වෙලා නෑ කියලා දුක් වෙනවනම් ?
ඒ නිසා ඔයාට සියදිවි නසාගන්න හිතුනොත් ?
ඒ නිසා ඔයාට මැරෙන්න හිතුනොත් ?
එහෙම කරගන්න.. 😈😈😈


ඒත්...... ඔයාට මීට වඩා දේවල් වෙලා තියෙනවද ?👆👆👆

මටමයි වෙන්නේ, හැම දේම වෙන්නේ මටමයි, හැමෝම මටම වෙනස්කම් කරනව කියලා මට කෙනෙක් කීවා... මගේම සහෝදරියක් විදියට හිතන සළකන, හිතින් පට්ටෙටම ආදරේ කරන කෙල්ලෙක්... එයා නිරෝ... මම ආදරේට කියන්නේ නිරෝ කියලා..💖 එයාට කියන්නයි ඕනි උනේ මට මේක.....  තව අවුරුදු කීපයකින් ගුරුවරියක් වෙන්න පෙරුම් පුරන,....,
        නිරෝ.....! ඔයාට මොනවද නැත්තේ......!💪💪💪