Saturday, July 7, 2018

👉ගන්ධබ්බ ජීවිතේ චාරිකාව👈



          සතුට හොයාගෙන, එහෙමත් නැත්නම් ආතල් එකක් ගන්නද චාරිකා යන්නේ ? මංනම් හිතන්නේ නෑ..... 
හුඟාක් අයට චාරිකාවක් යන එක ගොඩාක් විශේෂ, වටින දෙයක් වෙන්නේ, මහා ලොකූ දෙයක් වෙන්නේ ඇයි කියල මං දන්නෙ නෑ. මට තේරෙන්නෙත් නෑ. මගේ අත්දැකීම්වල තියෙන දුර්වලතාව නිසා වෙන්න ඇති.... සමහරවිට ඒ මං ගන්ධබ්බයෙක් නිසාවත්ද ?😈

          ලංකාව වටේ නෙවේ ලෝකේ වටේම යන එකත් ලොකු දෙයක් නෙවෙයි කියලයි ඒ ගැන හිතද්දි මට හිතෙන්නේ.... ගන්ධය උපයෝගී කරගෙන, ඔහේ පාවී පාවී උන්නූ මම, මේ ලෝකේට ආවෙත්, වෙනත් ලෝකෙකින්.... 👻👻
සමහරවිට චාතූර්ය, යාමය, තුසිතය, ඉදල වෙන්න ඇති....👼😇 
ඊට පස්සේ මම මාතෘත්වයට පණ දෙන, ආදරය නම් තැනට ආවා. ඔව්. ඒ මගේ අම්මගේ බඩට......💞 ඊට පස්සේ මගේ වර්තමාන ලෝකේ උන, මේ ලෝකේ නතර වෙලා ඉන්නවා වෙන ලෝකෙකට යන්න බලාගෙන....

චාරිකා එච්චර වැදගත් දෙයක් නෙවෙයි කියල තමයි මං මේ ලියන්න ගත්තේ.....ඒත් හොදමදේ, 
මේක ලියාගෙන එනකොට මට යමක් තේරුම් කරන්නට ස්වභාව ධර්මය සමත් උන විදිහ... ඒ පාරේ ගියපු වාහනයක සින්දුවක්..

බලාගෙන යනකොට,චාරිකාවක් යන එක සුළු දෙයක් නෙවෙයි..... චාරිකාවක් යන එක තමයි අපි මේ කරන්නෙ..... ඒකට තමයි ජීවත් වෙනවා කියන්නෙ...

ඇත්තමයි...
සාගරය බඳු වේදනාවෝ,
සුන් වෙලා යනවෝ....
ජීවිතය ගෙන වන්දනාවක,
යන්න අපි යනවෝ......

          වේදනාවන්ගේ තරම සමහරවිටෙක සාගරයට වඩා විශාල වෙනවා කියල මං කිව්වොත් වේදනා විදපු අය ඒකට එකඟ වේවි. වේදනා විදින්න ඉන්න අය ඒකට තාම එකඟ නොවේවි.
හැම විටම වේදනාව, කායික විතරක් නෙවෙයි.... මානසිකවත් දැනෙනවා.

විශ්වාස කරන්න........
කායික වේදනාවන්ට වඩා ගැඹුරුයි,
නැති බැරි කම..... 

පරාජය.....
අහිමි වීම.....
බඩගින්නට වඩා අමාරුයි

රැල්ලට කඩචෝරු කන්න බැරි එක.... 
රැල්ලට වියදම් කරන්න බැරි එක...
බඩගින්නට වඩා අමරුයි
අදින්න ඇදුම් පැලදුම් නැති එක....
විශ්වාස කරන්න......
බඩගින්න දැනෙන්නෙ නෑ නොහැකියාව ලඟ..
ඒ වගේම තමයි, තුවාල, අමාරු, කායික වේදනා මුකුත් දැනෙන්නේ නෑ,.... 

පරාජය උන වෙලාවට.....

        හිත හොඳ මිනිස්සුන්ට වරදින්නේ නෑ කියලා අහලා තියෙනවද.... 
විශ්වාස කරන්න අපි කොච්චර හිත හොඳ මිනිහෙක් උනත් අපිට වරදින තැන් අනිවාර්යෙන් මුණ ගැහෙනවා. නිකම් හිතන්න සියළු බැඳීම් අතහැරලා බුදු වෙන්න පෙරුම් පුරපු බුදු හාමුදුරුවන්ට තිබ්බ බාධා... මාරයෝ...
          අනික සමහර ප්‍රශ්න හරි රසයි.. නිකම් ගොඩාක් බඩගිනි වෙලාවක කන්නම මුකුත් නැති වෙලාවකදී, හම්බෙන පොඩි කෑමක් වගේ.... මට මතකයි බස් නැති වෙනකොට පයින් ගිහින් තියෙන අවස්ථා... කිලෝ මීටර් නමයක් මගේ යාළුවො එක්ක යන ඒ බස් නැති ප්‍රශ්නේ ඇත්තටම ගොඩාක් රසයි... තව මතක් උනා කඩේකින් කාලා බිල ගෙවා ගන්න සල්ලි නැතිව දෙන්නගෙම සල්ලි එකතු කරල ඒත් රුපියල් හැටක් අඩුවෙන් දීලා ආවා.... ගොඩාක් පැණි රසයි ඒවා...

පෙරුම් පුරනා බෝසතුන්ටත්
මාරසෙන් සිටියෝ
ඉතින් එහෙනම් අපිට නැතිවේද
රුදුරු බාධාවෝ
පැමිණි  දුක් කඳ පැණි රසක් ලෙස
බෝ සතුන් සිතුවෝ
ඉතින් එහෙනම් අපිත් ඉවසමු
දුක්ක ගංඟාවෝ.....

       ඉතින් මේ වගේ නොයෙකුත් වේදනා නිසා සාගරයක් පිරෙන්න කදුළු, දාඩිය හෙලපු මිනිස්සූ ඕනි තරම් ඇති. සාගරය හිදෙන්නෙත් නැත්තේ ඒ නිසා වෙන්න ඇති.
      මේ සාගරයක් තරම් වේදනා පුරවගෙන, වේදනා අඩු කරගෙන නැති කරගෙන වැඩි කරගෙන එකම රටාවට අපි ජීවිතේ ගෙනියනවා. ඇත්තටම "ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ".... හොඳම දේ වන්දනාවක් තනියම යන්නේ නෑ......

ඒ සිංදුවේ මගේ මොලය හාරපු තැන තමයි....
පැතුම් හොඳනම් යනෙන ගමනෙදි,
සිහින එළි වෙනවෝ.... 
මිනිස් ලොවකට ලබන්නට බැරි,
ජයක් කොතනකදෝ....
මිනිස්කම් මැද දිවි ගෙවයිනම්,
ඔවුන් ජය ලැබුවෝ...

        ඉතින් ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ට..... ප්‍රශ්න එක්ක ඔට්ටු දාන ගමන් මේ චාරිකාව යමු අපි... වන්දනාවක් කරගෙන...
       නමුත් මේ හැම දේකටම පස්සේ මගේ අවසාන නිගමනය උනේ..... මේ සිංදුව ආයෙත් අහන්න ඕනි........ ඔයාලත් අහන්න....🌹

      


No comments:

Post a Comment