Friday, July 6, 2018

👉එක පාරක් හරි කරල බලන්න👈



        ඉර බැහැලා යන හැන්දෑවක, සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සිංදුවක් අහගෙන ඉර බැහැලා යන එක දිහා බලාගෙන, බිම ඉදගෙන හුදකලාවේ ගිලීගෙන, අහන සිංදුවේ චිත්තරූප මවන එක, සිංදුවේ වචන එක්ක තුරුල් වෙන එක තරම් සිත සමාධියට පත් කරන තවත් භාවනා නැති තරම් සහෝ......

සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන් //

තරුවක් ලෙසින් වැලපී හඞා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංතලේ
නොසැලී රැඳී කදුලක් ඇගේ නෙතේ
හඞගා කියයි නටඹුන් අතීතයේ....

හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ
සඳ තාරකා අදුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ....💗


          එහෙම නැත්නම් ටී එම් ජයරත්න මහත්තයගේ සිංදුවකට කන් දීගෙන, හතර වටෙන් එන සැර සුළඟ එක්ක තරඟ කරන ගහක හෙවනක ඉදගෙන, වෙල් යායක් දිහා බලාගෙන ඉද්දි, ඒ සිංදුවේ අපේ ජීවිතේට සමීප තැන් අපිටත් නොදැනීම පිරිමැදිල කඳුළු එනකොට, අතීත කතාවක මතක මැවී මැවී පේනකොට, ඒ සිංදුව මටම ලියපු එකක් වගේ දැනෙනකොට, ජීවිතේ ගැන අමුතුම හැඟීමක් දැනෙනවා සහෝ.......

හිතින් මා නොසැලී හිදිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා 
නොබිඳිනු මැනවී....
තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඔ රැඳි දෑසේ.....

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කඳුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ.....💗





2 comments:

  1. Ow sinduwk ah ah parisaraya naraban eka niymai tamai.harima niskalankai........

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ස්තූතියි මික්‍රයා...

      Delete