Sunday, July 8, 2018

👉දේවාලයේ පෙරහැර 👈





නිමිත්ත :- සියඹලාව දේවාලයේ පෙරහැර දවසේ බකමූණේදි කෙල්ලෙක් දැකීම... හා 
(බකමූණෙන් පිටත් වෙන වෙලාවේ හිතට නැගුණු සිතුවිලි බයික් එකේ එන ගමන් අකුරු කළාම...)👇

කස පහරට වඩා සද්දෙයි   ඔයාගේ    බැල්ම මට...
ගිණි බෝලවල එලියට වඩා ඔයාගේ   හිනා කට....
ඇතාට වඩා ආඩම්බර පෙන්වන ඔයාව  ඇත්තට....
ගොඩාක් සුන්දරයි දළදා පෙරහැරටත්  වඩා මට..... 
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘

කස පහරට බෑ වේදනා දෙන්න ඔයා  වගේ....
ගිණි බෝල වගේ දැල්වේවිද ආදරේ‍  මගේ....
ඔයා ගැන හිතේ  තියා ගත්ත ආදරේ  මගේ....
ඇත්තමයි  ඇතා පිට යන  කරඬුවක්  වගේ....
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

ආදර කොඩිය ලෙලදෙනවා  ඇහෙනවද....
හදවතේ සද්දේ මැණිකෙට   දැනෙනවද....
බොරු කකුල්  වගේ  පුදුමෙන්  බලනවද....
අම්මගෙන් අහන්නම්  ඔයා  මට දෙනවද..... 
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

නැට්ටුවන්ට වඩා  දඟ  කරන  කෙල්ලේ...
කාවඩි නැතුවත්  තාල  පද්දන  රිද්මයේ....
තාලයට වශී වෙලා මගේ හිත අහන්නේ....
මම වෙන්නද  උඹේ දිය  කපන නිළමේ....
😈😈😈😈😈😈😈😈😈😈😈😈😈





No comments:

Post a Comment