Friday, July 6, 2018

👉කෙල්ලගේ පෙට්ටිය....👈




          ජීවිතය හරිම පුදුමාකාරයි. අපි ජීවිතේ පණ වගේ ආදරේ කරනවා මනුස්සයෙකුට......සමහරවිට එක් කෙනෙකුටමත් නෙවෙයි. අනික ඒ යම් දෙයකුත් නෙවේ. පණ තියෙන හැගීම් දැනීම් තියෙන එකෙකුට.. ඔව්... මනුස්සයෙක්. මනුස්සකම පිරුණ මිනිස් ගති තියෙන, තප්පරෙන් තප්පරේ වෙනස් වෙන මානුෂිය හැගීම් තියෙන මනුස්සයෙකුට. අපි වගේම තවත් ජීවි‍යෙකුට... ඉතින් අපි කොහොමද එයාවම ඕනේ කියන්නෙ....? අපි මිනිස්සුනේ. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් නෙවේනේ... ඒ කියන්නේ පෙර දැනුම් දීමකින් තොරව මිනිහෙක් ට වෙනස් වෙන්න පුළුවන් කියලා දැන දැනමයි අපි ජීවත් වෙන්නේ.... ඔව් අපිට රිස්ක් එකක් තියෙනවා. එයා වෙනස් වුනොත්.... ඒ රිස්ක් එක දැන දැනම අරගන්නවනම් අපිට වෙනස දැකලා ඒ ගැන දුක් වෙන්න අයිතියක් නෑ නේද ?😇

           එලබෙන හැම දවසක්ම අවසාන දවසක්. අහම්බෙන් සමහර අයගේ ඇස් දෙකට ගැටුනාම ඒක තේරෙනවා.... ආදරේ පරික්ෂාවක් කර ගන්න එක වැරදියි. ඒත් මිනිස්සුන්ගෙ මොළය විකසනය වෙලා තියෙන්නෙ පරික්ෂණ මෙහෙයවන්න.... හදවත කරනවයි කියන ආදරේ කන්‍යාභාවය හොයන්නෙ අන්න ඒ නිසා කියල මට හිතෙනවා. එක අතකට මට ආයෙම හිතෙනවා කන්‍යාභාවයක් හොයන ආදරේ හදවතින් එන එකක් නෙවේ, මොලෙන් එන එකක් කියල.. හරියට නිකන් ඩීල් එකක් වගේ... මාලාට ආදරේ කරපු දුටුගැමුණු රජතුමාගේ පුතා මාලාගේ කන්‍යාභාවය හෙව්වනම්.... අශෝකමාලා ගැන කියවන්න, අහන්න වෙන්නෙ නෑ නේද ? 
දැන් මගෙන් අහන්න එපා මාලාගේ කන්‍යාභාවය ගැන උඹ මොනවද දන්නේ කියල.... 
මම දන්නේ නෑ, මම දැක්කේ නෑ, මට මතක නෑ....🙊🙈🙉

      මට මේ ගැන හිතුනේ මගේ යාළුවෙක්ගේ පවුල් ප්‍රශ්නයක් මට කීවට පස්සේ...කන්‍යාභාවය නෑ කියලා දැන ගත්තාම කොල්ලාට ඒ කෙල්ලව එපා වෙලාලු... අනික ගෙදර අය දැන ගත්තොත් ප්‍රශ්ණයක් වෙයිලු... (උඹේ ගෙදර අයද ඒකිට හු*& කියලා මම අහපු නිසා ඌ ටිකක් අවුලෙන් මා එක්ක) කොල්ලා කීවේ එහෙමයි..


     කෙල්ල කීවේ එයා වෙනස් වෙලා, ඉස්සර වගේ නෑ අකිල කියලා....
මම කොල්ලට කීවේ, කෙල්ලව මනින මිනුම් දණ්ඩක් නෙවේ පෙට්ටිය කියල. මොකද කෙල්ල කොල්ලට ඒ ගැන කියලා තියෙන්නේ හිතේ හිර කරගෙන ඉන්න බැරි අවංකකම නිසා කියලා කොල්ලට තේරුම් කරා.කෙල්ලට තේරුම් කරා වෙනස් වෙන එක මිනිස් සභාවය කියලා.....💪 
       
         ජීවිතයේ වටිනාකම ගැන කියන්න කොච්චර ට්‍රයි කලත් ඒ ගැන කියන්න අමාරුයි. මොකද කිව්වොත් මිනිස්සුන්ගෙ තියෙන මනෝ පරාසයන්ගේ තිබෙන විවිධත්වය ගනණය කරන්න අමාරු නිසයි. මිනිස්සුන්ගෙ චින්තන ධාරාවලිය කොච්චර තරම් විශාලද කියල දැන ගත්ත දවසක අපට ජීවිතයේ වටිනාකම දශමයටම කියන්න පුළුවන් බව මට විශ්වාසයි. මොකද මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... මිනිසාමයි ලොව තිරිසන් වෙන්නේ.....😕

       දෙන්නම යාළුවෝ. ඉතින් දෙන්නටම තමා මේක ලීවේ මම....උඩ ටික කෙල්ලට...👆 යට ටික කොල්ලට...👆

        මේ ටිකේ මම රැප් අහනවා, හැම දෙයක්ම නිකන් රැප් සීන් එකෙන් දැනෙන්නේ... ඔයාලත් රැප් අහන්න ගන්න....😈


සීනී රත් කරලා හදලා පැණි මුට්ටිය . . . 
දාල කවනවා රසයි කිරි හට්ටිය . . .
බලන් හිටියම මහ උන්ගේ නාට්ටිය . . .
වැහෙනවා යකෝ මට මහසෝන් දිස්ටිය.....
💥💥💥💥💥💥💥💥💥💥💥

අදහස් ඕනෙ අය අරගෙන එන්න වට්ටිය....
ඔන්න විදිනව පෝලිමට අල්ලන්න කට්ටිය....
ගැහැනු ලමයි මනින්න මිනුම් දණ්ඩක් නෙමෙයි පෙට්ටිය....
බල්ලෝ තමයි බත් ටික කාල බිඳින්නෙ බත් මුට්ටිය....
💥💥💥💥💥💥💥💥💥💥💥💥    

3 comments:

  1. Oy wage hammoma hithanne nathi ekane prashne ayye ������✔✔✔

    ReplyDelete
    Replies
    1. Hm eththa eth hemoma ohom hithn neh

      Delete
    2. ස්තූතියි මික්‍රයා...

      Delete