Tuesday, January 17, 2023

👉 මරණ විකුණගෙන කන කාළකණ්නි දූපත් ජීවිත 👈

 


මං මැරුණාම මං ගැන හෑලි ලිය ලිය, මං මැරුණු විදිහ ගැන විචාර ලිය ලිය, මං කරපු දේවල් ගැන නිසදැස් ලිය ලිය, මගේ පොටෝ ශෙයා කර කර උඹලගේ රීච් හදා ගන්න රැල්ලට හැ මි නෙන්න එපා මචන්....  ප්ලීස්. අඩුම තරමේ උඹලගේ හෑලි වලට මගේ පොටෝ දාන එක, මගේ පොටෝ ශෙයා කරන එක, මගෙ පොටෝ පාවිච්චි කරන එක නොකර හිටහල්ල... 

මොකද මගේ පව්ලේ ඥාතීන්ට, මගේ සමීපතමයින්ට හා හිතවතුන්ට, මගේ දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට, ඒ මගේ පොටෝ ආය ආය දකින එක හෙනම ආතල් එකක් වෙන්නෙ නෑ... මගෙ පොටෝ එක දකින දකින වාරයක් ගානේ මට ආදරය කරපු අය වේදනා විදියි...  ප්ලීස්. මං මැරුණාම උන්ට හිත හදා ගන්න දීපල්ලා. උන්ට පාඩුවේ ඉන්න දීපල්ලා. ජීවත් වෙලා ඉන්න උන් ආය ආය නොමරා හිටහල්ලා... ආය ආය ඒ හිත් පාරන්න එපා.

බලාගෙන ඉදලා බැරිම තැන මෙහෙම කියන්න උනේ... මේ තියෙන්නෙ මගේ සමීපතම මිතුරියක් ඝාතනය උනාම, ඒ කෙල්ලගෙ පොටෝ විකුණගෙන කන විදිහ දැකලා වේදනාවෙන් ලියපු ලිපියක්... මේක ආයම දාන්න හිතුනා මට...
...................................................

මම ඉතාමත් කණගාටුවෙන් හා පිළිකුලෙන් යුතුව මෙසේ ලියා තබමි.

නිර්වාණය කියා හෝ නිවන කියා ලබ්බක් තිබේදැයි මා නොදනිමි. එසේ තිබුනත් නැතත් මට කමක් නැත. නමුත් නිවන කියන එක ෆේස්බුක් එකේ හෝ වෙනත් සමාජ ජාලාවක  "නිවන් සුව ලැබේවා...!" යැයි කියා අදාල මිය ගිය අයගේ පොටෝ එක දැමීමෙන් ලැබෙන්නෙ නැති බවනම් මා හොඳින්ම දනිමි. නිවන එසේ පොඩි වැඩකින් ලබා දෙන්න පුළුවන් එකක් නම් මාර ආතල් ය. නමුත් ඒක එහෙම නෑ බන් ය...

බොහෝවිට ඔය මිය ගිය කෙනෙකුගේ පොටෝ එකක් සමාජ මාධ්‍යයේ දමා "නිවන් සුව" බැනර් එක ගහන්නෙ වැස්සකටවත් පංසලකට ගොඩ නොවුන උන් වෙන්නට ඇතිය. සමහර වෙලාවල් වල "නිවන් සුව ලැබේවා...! අපි අතරම ඉපදේවා...!" යැයි එකටම අමුණලා ය. නිවනුත් ගිහින් අපි අතරම ඉපදෙන සීන් එක දකින මට සිතුනේ මා දන්නා ලබ්බක් නැති බවය. එක්කො නිවන අප්ඩේට් වෙලා වෙන්නට ඇතිය.

             එසේත් නැතිනම් එසේ දමන්නේ තමා මාර ටෞඛ්න බෞද්ධයෙක් යැයි හිතාගෙන එය උලුප්පා පෙන්වීම ආඩම්බරයක් කර ගත්තු උන් වෙන්නට ඇතිය. සමහරවිට මිනිස්සුන්ගේ නූගත්කම නිසාම එසේ නිවන් සුව ලබාදීම පාර්ථනයකින් කළ හැකියි උන් සිතනවා ඇතිය. බුදුන් කියා ඇත්තේනම් "නිර්වාණං පරමං සුඛං" ය.... මේ නිවන් යවන විදිහත් මාර සුඛංය.... සු නොව හු ය....

බොහෝවිට ඔය හුඟාක් උන් "නිවන් සුව ලැබේවා..!" යැයි අනෙකාගේ පොටෝ ෆේස්බුක් දාන්නේ සැබැවින්ම අනිකාව නිවන් යැවීමට නොව.... අනෙකාගේ මරණයයි මළ මිනියයි විකුණාගෙන කෑමට තියෙන පෙරේතකම නිසාය. සමාජ මාධ්‍ය ජාලයේ තියෙන ලයික් කොමෙන්ට් ශෙයා ආදීන්ගෙන් මිලක් දී මිනී විකුණන්නට ශ්‍රී ලාංකිකයන් වන අපි ජාතියක් ලෙස අපි මාර දක්ෂය. මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ කුණු රසය.. ඒක මළ මිනියකින් යසට උන් වලදින්නේ මළ මිනියට උඩින් "නිවන් සුව ලැබේවා.." යැයි අයිසින් දාමා ගෙන ය. සැබැවින්ම පිළිකුල් ය. තූ නොදකින් ය.

මේක කාළකණ්නි රටක් ය.. අසූචි කන බහිරවයින්ගෙන් පිරුණ මාධ්‍යය භාවිතයක් තියෙන රටක් ය. අතවරයකට ලක් උන කෙනෙක්ගේ පොටෝ පෙන්නමින් දහස් වාරයක් සමූහ දූෂණය කරන, මරණයක් සිදු වූ පසු මිය ගිය කෙනාගේ පොටෝ පෙන්නමින් දහස් වාරයක් ඝාතනය කරන, විනාශ කරන, මැරුණ කෙනාව විතරක් නොව මැරුණ කෙනාගේ සමීපතමයින් ද දහස් වාරයක් ඝාතනය කරන මාධ්‍යයක් තියෙන රටක් ය.... සැබැවින්ම ම පිළිකුල් ය. තූ නොදකින් ය. ඒකටම හරියන්නට හැදුන සමාජ මාධ්‍යය භාවිත කරන තාරුණ්‍යයත් මරේ මරු ය.

කෙසේ නමුත් අපි වසර 2500ක ඉතිහාසයක් තියෙන ප්‍රෞඩ ජාතියක් ය. අපිට මිනිහෙක් ගේ මරණයක් තරම් විකිණිය හැකි තවත් යමක් නැතිය.... බෙල්ලෙ වැල දා ගත්ත කෙනෙක්, ඔලුවට වෙඩි තියා ගත්ත කෙනෙක්, වාහනයකට හැප්පුන කෙනෙක්, බෙල්ල කපපු කෙනෙක්, ඔය එකී මෙකී නොකී අයුරින් මැරෙන හැම කෙනෙක්වම මාතෘකාවක් කරගෙන මැරුණ කෙනාගේ චරිතය හෝ මරණය වූ ආකාරය කියා මළ මිනිය ඝාතනය කරන්නේ කරන්නට දෙයක් නොමැති නිසාද කියා මට තේරෙන්නේ නැතිය.... මැරුණ කෙනාගේ පොටෝ, මළමිනියේ පොටෝ, කලින් දාපු ස්ටේටස්, පෙර වැරදි, ගතිගුණ, ගුණ කතන, කවි, පත හෑලි, අරකයි මේකයි අර රෙද්දයි මේ රෙද්දයි ඔක්කොම අවුස්ස අවුස්ස උන් එසේ හැසිරෙන්නේ ලයික් කොමෙන්ට් වෙනුවෙන්ද නැතිනම් ප්‍රසිද්ධිය වෙනුවෙන්ද කියා තේරෙන්නේම නැතිය...

තව සමහර උන් මැරුණ කෙනා එක්ක සමීප සම්බන්ධයක් නැතුව, හතුරු කමක්වත් නැතුව, කොටින්ම දැකලවත් හම්බෙලාවත් නැතුව මැරුණ කෙනා ගැන ලොකු ලොකු ටොක් දමන්නේ, උගේ ජීවිත කතාව ලියපු එකා ලෙස ය. ඒ තරම් ලාංකිකයන් දැනුමෙන් සන්නද්ධ ය.

ඔය බහුතරය ටෞඛ්න බෞද්ධ සෙට් එක ය. අපි බුදු බණට හීලෑ උන යක්කු බොලව් කියන, අපි බුද්ධාගම වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති කියන, ටෞඛ්න බෞද්ධයන් ය. ඇහුවොත් තෙරුවන් සරණ කටේ ය. පංචශීලය කරේ ය. බුදුන් හිසේ ය. නමුත් කිසිදා දැකලවත් නැති ප්‍රවෘත්ති වලින් දැකපු සිද්ධියකට කියන්නේ "ඕකි බඩුව, බඩුවට බඩුව නොකියා මොකක් කියන්නද ?" "ඕකුන් මැරෙන එකම තමයි හොඳ..." කියා ය. හෙන ශීලවන්ත පිංවන්ත බෞද්ධයෝ ය. කොටින්ම උන්ට අවම සදාචාරයවත් නැති ය....   ආය කතා දෙකක් නෑ " carry ම බෞද්ධයෝ ය.."

මේ සතිය ඇතුලත මට දැනුන දෙයක් ඇත. ඒ, තමන්ගේ ජීවිත වල තියෙන අදුර බොහෝ උන්ට නොපෙනෙනවා වෙන්නට ඇතිය. එක්කො උන් ඒක නොදැක ඉන්නවා වගේ රඟපෑමක යෙදෙනවා විය හැකිය. නමුත් උන් අදුරේ ය. තමන් ඉන්නෙත් අනිත් උන් වගේම මහා කාළකණ්නි තැනක කියා උන් දන්නෙ නැති ය... මෑතකදි මට ඇසුණු වචන කීපයක් මෙසේ ය.

"ආමි එකේ එකෙක්ගේ ගෑණියෙක් කියන්නේ බඩුවක්ම තමයි...! මම ගහලා තියෙනවා අම්බානකට ආමි උන්ගේ ගෑණුන්ට...! ආමි එකේ උන් ගෙදර එන්නෙ නෑනෙ, ඒ නිසා ගෑණු ඉන්නෙ අමාරුවෙන්....!"

පුදුමෙට කාරණය, මෙසේ කියූ එකාගේ පියා හමුදා නිළධාරියෙක් ය.... එසේනම් මේ කියා ඇත්තේ තමන්ගේම අම්මා ගැන නොවේදැයි ඔවුන්ට නොතේරෙන තරම් උන් අදුරේ ය.
.........................................

අවසානයේ කීමට ඇත්තේ මෙයයි...,

මිනිසුන් හා සතුන් අතර ඇති වෙනස මිනිසුන්ට ඇති සහකම්පනය (empathy) බව මම තදින් විශ්වාස කරමි. අනෙකාගේ දුක වේදනාව දැනෙන තාක් කල්ම අපි මනුශ්‍යන් සේ ජීවත් වනු ඇත. අනෙකාගේ දුකේදි සතුටු වෙනවනම්, සතුටු වෙන්න පුළුවන්නම් ඒ මනුශ්‍යත්වයෙන් ගිලිහී යන මිලේච්ඡ ජීවියෙක් යැයි මම විශ්වාස කරමි.

මහා කාරුණික දහමක් අදහන සරණ යන බහුතරයක් මනුශ්‍යත්වයෙන් ගිලිහී යන්නේ ඇයි ද කියා මට තේරුම් ගත නොහැකිය.... තව අයෙකුට දුකක් කරදරයක් වූ විට, "ඌ කරපු පව් නිසා ඔය, හොඳ වැඩේ ඕකට" යැයි සිතන්නේම මහා කාරුණික දහමක් සරණ යන, කර්මයක් විශ්වාස කරන, කර්මයක් කර පින්නාගෙන යන උපාසක උපාසිකාවන් ය...

මට මතක් වෙන්නේ මා කිය වූ ලිපියක කොටසකි.....

විසි එක්වන සියවසේ තාක්ෂණය සහ සන්නිවේදනය අතින් අප එකිනෙකා කොයිතරම් ළං වෙලා යැයි අප සිතුවත් මානුෂීය හැඟීම් අතින් අප එකිනෙකාගෙන් කොයි තරම් ඈත් වෙලාද? එක ගොඩේ ජීවත් වුනාට අනෙකාගේ හැඟීම් නොදැනෙන්න තරම් අපගේ සහකම්පනය(empathy) ක්ෂය වෙලාද?

“කාලකණ්ණි දූපත් ජීවිත…
ඉපදෙනවා විතරයි. ඊට පස්සෙ කුණු වෙනවා…
මිනිස්සු ළඟ වැඩියි....
ඒ හින්දම එකෙකුට අනිත් එකාව දැනෙන් නෑ.”

අනෙකාගේ දුක නොදැනෙන මිනිසුන් තුළ ඇති හිස්කම පිරවීමට කුමන ආගමටවත් කුමන විද්‍යාවටවත් කුමන දර්ශනයටවත් නොහැක.

මිනිස්කම මිය යන තැන එතනය...

2021/03/07
#අකිල

පරණ ලිපියකි. මෙය නැවත දමන්නට හේතුව ඔබට දැනටමත් වැටහී ඇත....

Tuesday, November 8, 2022

👉 බනින්නේ ආදරේටද ? 👈


මේක මම දැකපු ස්ටේටස් එකක්. බහුතරයක් පොඩි කාලේ ඉදන් හැදෙන්නෙ ගහලා හදන්නෝන කියන මානසික මට්ටම එක්ක. බැනලා හදන්නෝන ගහලා හදන්නෝන කියන එකත් එක්ක. ඉතින් ඒ කාලෙ එහෙම කරන එක සාධාරණීකරණය කරනවා, *එහෙම කරන්නෙ ආදරේටනේ පුතේ* කියලා. ඉතින් එහෙම ලොකු උනාම මිනිස්සු හිතන්න ගන්නවා ආදරේනම් බනින්න ඕනි, ආදරේනම් ගහන්න ඕනි වගෙ එකක්.. එතකොට ආදරේදි බැන්නෙ නැත්නම් එතන ආදරයක් නෑනෙ වගේ එකක් ඔළුවට ගන්නවා. ඇත්තටම ආදරේනම් බනින්නෝන. *කොටට අදින්න බෑ, රෑ වෙලා එළියට යන්න බෑ, විශම ලිංගික යාළුවො ඉන්න බෑ, ට්‍රිප් යන්න බෑ, ඔන්ලයින් ඉන්න බෑ, කොණ්ඩේ වවන්න බෑ, රැව්ල වවන්න බෑ..* වගේ දේවල් වලට බැනලා පාලනය කිරීම් හා පාවිච්චි කිරීම් වලට ආදරේ කියලා හිතන්න ගන්නවා. මගෙ ජීවිතේ මට බැනලා තියෙන උන් බැනලා තියෙන්නෙ මට ආදරේට නෙවේ. උන්ට පාලනය කර ගන්න බැරි නිසා. උන්ට ඕනි ඕනි විදිහට හැසිරෙන්නෙ නැති නිසා. ඉතින් ඔෆිස් එකේ බොස් උඹට බනින්නෙ ආදරේට නෙවේ. උඹෙන් වැඩ ගන්න ඕනි නිසා. ඉතින් උඹට බනින බනින හැම එකාම බනින්නෙ ආදරේට කියලා හිතන්නෙපා. 🙂

Tuesday, December 29, 2020

👉 වල් බල්ලට පණු පෙති.... 👈


මේ පාර හේනේ කුරහන් ඉහින්න පටන් ගත්තු මුල්ම දවස් වල ඉදන් මගේ ඔළුවේ තිබ්බා බල්ලෙක් හදන්න ඕනි කියලා අදහසක්... ඒ හේනට පාටි දාන්න එන බීමත් රිලව්, වදුරො, මොනරු, හාවෝ, ඌරෝ, හරක්, අලි වගේ නොසන්ඩාලයෝ බය කර ගැනීමේ අරමුණෙන්. ඉතින් ඔය කුරහන් වපුරන අතරේ මහන්සියට තේ බොන අරමුණෙන් පාර්ලිමේන්තු සැසියක් තියෙන වෙලාවක මගේ අදහස යෝජනාවක් විදිහට අපේ ගෙදර අයට ඉදිරිපත් කරලා ඒකමතිකව සභා සම්මත කර ගන්න මට පුළුවන් උනා... ඇත්තටම ඒකමතිකවම නෙවේ, අම්මගේ බර බරේ මැද්දේ තමා ඒක සම්මත උනේ... කොහොමෙන් කොහොම හරි ප්‍රජාතන්ත්‍රවාදී පව්ල් සංස්ථාවක් ඇතුලේ අපි බලු පැටියෙක් හොයාගෙන හදන එක ගැන විවිධ තීරණ හා සැලසුම් සාකච්ඡා කරා...

"කුරහන් වලට යන්නේ මාස තුන හමාරයි. එතකොට දැන් බලු පැටියෙක් හොයා ගත්තොත් මාස තුනක් යනකොට ඌ ටිකක් ලොකුයි. මාස තුනක් වෙනකොට තමා කුරහන් රකින්න අමාරුම. එතකොට ඌ සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි..." එහෙම කිව්වේ මම...

"එකෙක් නෙවේ. දෙන්නෙක් හදන්න ඕනි. බල්ලෙකුයි බැල්ලියෙකුයි හැදුවොත් තමා හොඳ... වට කරලා සත්තු අල්ලයි. දෙන්නෙක්නේ අකිල එතකොට" එහෙම කිව්වේ අයියා...

"ආපෝ උන් පැටව් දාන්න ගත්තාම එපා වෙයි" එහෙම කිව්වේ ආයෙත් මම...

"ඒකටනම් බැල්ලිව ඔපරේෂන් කරලා දාන්න බැරියෑ බන්.. නැත්නම් බල්ලොම දෙන්නෙක් හදන්න ඕනි..." එහෙම කිව්වේ තාත්තා...

"පොඩි කාලේ ඉදන් හේනෙම හදා ගන්න. ගෙදර ගේන්න බෑ. ගෙට ගන්නත් බෑ. ජරාව අයින් කරන්නත් ගේන අය භාර ගන්න ඕනි.., මං ආය නොකිව්වයි කියන්න එපා.." එහෙම කිව්වේ...., ඔව් ඔව් අම්මා තමයි...!

"හේනෙම හදන්න බෑ. ගෙදර හදලා හේනට ගේන්න ඕනි. පොඩි කාලේ ඉදලා හේනෙ හැදුවොත් බල්ලො රිලව්න්ට පුරුදු වෙයි.. රිලව් එක්ක යාළු වෙයි.... ආය රිලව්න්ට බුරන එකක් නෑ."  එහෙම කිව්වේ ආයෙත් අයියා...

අයියා කියන එක හරි. මට මතක් උනේ සත්තිගුම්බ ජාතකය... අර ගිරව් පැටව් දෙන්නෙක් හුළං බොකන වෙලාවක දෙපැත්තක වැටිලා එක ගිරවෙක් යහපත් වචන කතා කරනකොට අනිත් ගිරවා "පෙත්තෝ පෙත්තෝ කියනකොට, පෙත්තො නෙවේ හු#තෝ කන්න දෙයක් ගෙනපිය" කියපු ජාතක කතාව... 

ඒක මතක් වෙලා පණ්ඩිතයා වගේ,
"අයියා කියන එක හරි අම්මා. පොඩි කාලේ ඉදන් නරක ආශ්‍රයට වැටුනොත් බල්ලො නරක් වෙන්න ඉඩ තියෙනවා. නරක ආශ්‍රය නිසා රිලවෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ගස් නගින්නත් ඉඩ තියෙනවා...!!!" කියලා කියපු නිසා මම නිකම් මෝඩයා උනා.... 

..............................................................

ඔහොම සතියක් විතර ගියා. අපි බලු පැටව් හෙව්වා හෙව්වා හැම තැනම. අපේ කරුමෙට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ම වල් බල්ලෙක්ගෙ පැටියෙක් හොයා ගන්න හම්බුනේ නෑ. අහන අහන එකා ගාව පැටව් ඉන්නවා, හැබැයි සල්ලි වලට. නිකම් දෙන්නෙ නෑ. අනික හෙන ගණන්. හරියට සිංහල තේරෙන සිංහල බල්ලො වගේ සීන් එකක් තිබ්බේ... සමහර පැටව්න්ගේ ගණන් කියනකොට මට අහන්න හිතුනේ යකෝ මේ පැටිය හැදුනේ උගේ අම්මට සිංහයෙක් මෙව්වා කරලද ?" කියලා... හැබැයි හිතුනා විතරයි ඇහුවේ නෑ මම.... සිංහල බල්ලන්ගෙ ලොකුකම කියලා මට එදා තේරුනා... ඒත් මගෙ කරුමෙට මුෂ්ලිම් බල්ලෙක්වත් හිටියේ නෑ...

ඇත්තටම මට ඕනි උනේ දඩාවතේ යන, මං මුලාවී පාර අසාගෙන, සසරක් හොයමින් යන, සසරක් නැති බලු පැටව් දෙන්නෙක් හොයා ගන්න.... මම මගේ පාප මිත්‍රයාට SMS එකක් දැම්මා...

"ඒ මචන්..  බලු පැටියෙක් හොයලා දියන්කො" කියලා.  

උගෙන් රිප්ලයි එකක් ආවා.. ප්‍රශ්නාථයක්.
"ඒ මොකටද යකෝ ?"

"කන්න කියලා හිතුවද ප#යෝ... හදන්න හොයන්නේ"

"ඉතින් මාව හදා ගනින්කො"

"අනේ හුයන්නො... බැල්ලියක් නෙවේ හොයන්නෙ බල්ලෙක්....!" කියලා මම ඒ සංවාදේ නතර කරා... 

කොහොමෙන් කොහොම හරි බලු පැටව් හම්බුනේ නෑ සෑහෙන්න හොයලත්. තව සතියක් විතර ගියා බලු පැටව් හොයමින්... ඔහොම යනකොට දඩයමෙන් දිවි ගෙවන, කැලෑ වැදිලා ඉන්න වල් බල්ලෝ දෙන්නෙක් මාරුවෙන් මාරුවට නිතරම හේනට එන්න ගත්තා... මොකද අපි දවසෙ වේල් දෙකක්ම කෑවේ හේනේ ඉදන් ඒ දවස් වල. ඉතින් ඉතුරු බත් දාන නිසා මුන් දෙන්නා සැරෙන් සැරේට කන්න ආවා... මුන් හෙන සැර, දරුණු, දඩයම් කරන, සත්තු මරාගෙන කාලා ජීවිතේ ගෙවන උන් දෙන්නෙක්... අනික මිනිස්සුන්ට හෙන බය ගතියක් තිබ්බා. අපි ලං වෙනකොට මුන් දුවනවා..

හැබැයි ඉතින් මම උන්ට ආදරේ දක්වනකොට උන්ගෙන් එකෙක්ට ඒක දැනෙන්න ගත්තා... "සම්මත උනත් අසම්මත උනත් ආදරේ දැනෙන තැනක තමයි රැදෙන්න ඕනි" කියලනේ ඔය කෙල්ලොයි බල්ලොයි දෙගොල්ලොම හිතාගෙන ඉන්නේ.... (හැබැයි පූසොයි පූසියොයි ඒම නෑ ඈ. උන්ට කොහොම සැලකුවත් උන් හිතාගෙන ඉන්නෙ උන් තමයි අපිව පාලනය කරන්නෙ කියලා... කිරි කැටියො. දෙන්නෝන පයින් ඕකුන්ට) ඉතින් මම මුන්ට බත් දාන එක පුරුද්දක් කර ගත්තා. හැමදාම බත් විසික් නොකර තියාගෙන ඉදලා උන් එන වෙලාවට දුන්නා... උනුත් දවසෙ එක වෙලාවකම ආවා. කොහොමෙන් කොහොම හරි මම මුන් එක්ක යාළු වෙලා, මුන්ව අත ගාලා, කනේ ඇහේ බෙල්ලෙ හැම තැනම හිටිය කිණිතුල්ලො ගලවලා ගිණිගොඩට දාන එක පුරුද්දට ගියා. හැබැයි දෙන්නගෙම නෙවෙ එකෙක්ගේ. අනිත් එකානම් අල්ලන්න ලං වෙනකොටත් බලු කුණුහරුපෙන් බනිනවා... හැබැයි ශේප්. කරදරයක් නෑ. "පාඩුවේ හිටපන් ලව් කරන්න එන්නෙ නැතුව" වගේ සීන් එක්කින් ඌ ඉන්නෙ.. අව්ලක් නෑනේ ඒත් හේනෙ ඉන්නවනම්. ඉතින් මුන් දෙන්නා දවසෙම හේනේ ඉන්න පුරුදු උනා කුරහන් වලට මාසයක් වෙනවත් එක්ක. මොකද අපේ ගෙදර කෙනෙක් අනිවාර්යයෙන් ම හේනේ ඉන්න ඕනි උනා හරක් රිලව් මොනරු වගේ උන් නිසා... ඉතින් හේන තනි නොකර අපි හිටියා. අපිව තනි නොකර බල්ලො දෙන්නා හිටියා....



මේ බල්ලො දෙන්නගෙයි අපෙයි බැදීම තවත් ශක්තිමත් වෙන්න හේතු උන තව කාරණයක් තිබ්බා... ඒ හාවෙක්. ඒ දවස් ටිකේම බීමත් හාවෙක් වෙරි පිට ඇවිත් කුරහන් යාය විනාශ කර කර හිටියේ... අපි මොකද කරන්නෙ කියලා හිත හිත හිටියට මුකුත් කර ගන්න බැරි උනා අපිටත්...ඉතින් දවසක් පාන්දර 1.25ට පැලේ නිදාගෙන හිටිය මට ඇහුනා සද්දයක්. මම ඉස්සෙල්ලා වෙලාව බලලා, පස්සෙ ටෝච් එක ගහලා බැලුවා... ම්හූ... මුකුත් පේන්න නෑ... මම ටෝච් එක ගහලා බලන ගමන් හිටියේ.... එතකොට දැක්කා ඇස් දෙකක් කුරහන් යායෙ. "ඒයි..!හාවෙක් නැගිටපන්...! නැගිටපන්...!" කියල අයියවත් නැගිට්ටුවට පස්සෙ තමයි දැක්කේ ඒ අපේ ගස් බල්ලා කියලා.... විසිල් එකක් ගැහුවාම බල්ලා අපි ගාවට ඇවිත් නැට්ට වනලා ආය හිටපු තැනට ගිහින් අපි දිහා බලාගෙන හිටිය නිසා අපි දෙන්නත් අකමැත්තෙන් ම "යමන්කො බලන්න" කියලා ගියා එතෙන්ට...

කුරහන් යායක පාන්දර එකට ගියා කියන්නෙ මුහුද මැදට ගිහින් වැල්ල පෑගුවා වගේ තමා... පින්නට කකුල් දෙකම තෙමෙනවා. සීතල එහෙන්... පින්න එහෙන්. ඒත් හෙන අකමැත්තෙන් යනකොට මෙන්න හෙන පත කිලෝ දෙකක විතර හාවෙක් නිදි කුරහන් යාය මැද... බේබදුකමට බීලා වෙරි පිට ඇවිත් මෙතන වැටිලා... දැන් උඹලට හිතෙයි "ළමයින්ට කන්න ගේන්න ගියපු තාත්තා කෙනෙක් නේද...! දැන් ළමයි පව්, තාත්තා නැතුව බඩගින්නේ ඉදියි නේද....!" කියලා.... මට හිතුනෙත් ඒක... අම්මපා මේ බල්ලට හිතිලා තියෙන්නෙත් ඒක.... ඒ නිසාම මේ බීලා වැටිලා ඉන්න හාවට කෘතිම ශ්වසනය දීලා පියවි සිහියට අරන් ගෙදර යවන්න අපේ බල්ලත් සෑහෙන්න උත්සාහ කරලා කියලා තේරුණා හාවගෙ බෙල්ලෙ තිබ්බ බල්ලගෙ දත් පාරවල් නිසා.... ඒත් වැඩක් වෙලා නෑ... අපි යනකොටත් මැරිලනෙ. 



ඉතින් පාන්දර එකට අධිකරණ වෛද්‍යතුමා නිදිනේ... ඒ නිසා පශ්චාත් මරණ පරීක්ෂණය කරනකම් හාවා ගෙනල්ලා වාඩියේ එල්ලලා අපි දෙන්නා නිදා ගත්තා... පහුවදා හාවගෙ පශ්චාත් මරණ පරීක්ෂණයකදී ඔප්පු උනා අධික බීමත්කම නිසා සිරෝසිස් හැදිලා හාවා මැරිලා තියෙන්නේ කියලා. හාවා මැරෙන්න ඔන්න මෙන්න ඉන්නකොට හාවා බල්ලගෙන් ඉල්ලීමක් කරලා තිබ්බා... ඒ ඉල්ලීමේ පරිදි හා මස් වලින් කොටසක් බල්ලන්ටත් ඉතුරු කොටස් ටික කතරගම දෙවියන්ටත් ගිහින් දුන්නා... නෑ නෑ කතරගම දෙවියො හා මස් කන්නෙ නෑ. සමහරවිට ඔය කතරගම දෙවියො අදහන බැතිමතෙක්ට හරි දෙවියන්ගෙ දාසයා උන කඩවර මල්ලිට හරි දෙන්න ඇති... මමනම් හිතන්නෙ බැතිමතෙක්ට දෙන්න ඇති. අනික දෙවියො දුන්නම අහක දාන්න බෑනේ කාට උනත්...😋  ඉතින් හාවගෙ ඉල්ලීම ඉටු කරපු නිසා බල්ලන්ට සෑහෙන්න සතුටුයි. ඒ නිසා බල්ලන්ගෙයි අපෙයි බැදීම තවත් ශක්තිමත් උනා... බේබදු හාවො එන එකත් නතර උනා..... 

.............................................................




රෑට අලි හරක් ආවත් කතරගම දෙවියො ආවත් බුරලා සද්දේ දාලා අපිව ඇහැරවන්නේ මුන් දෙන්නා. සමහර දවස් වලට සමන් දෙයියෝ, විශ්ණු දෙයියො, ශිව දෙයියෝ, ගණ දෙයියෝ, පවා එලවන්නෙත් මුන් දෙන්නා.. දවල්ට හරක් එලවන්නෙ මුන් දෙන්නා... කොටින්ම හේන සම්පූර්ණයෙන් ම වගෙ ආරක්ෂා කරන්නෙ මුන් දෙන්නා.... දැන් තේරෙනවනෙ ඔයාලට බල්ලො දෙන්නා හම්බුන විදිහ... හැබැයි කතාව ඒක නෙවේ. මුන්ට මේ ලඟකදි ඉදන් පණු අමාරුව හැදිලා. කුරහන් කොල කනවා. එක එක කොළ ජාති කනවා. වමනෙ දානවා. කන්නෙ අඩුවෙන්. කම්මැලිකමේ ඉන්නෙ. නිදා ගත්තු ගමන්මයි... අලස ගතියෙන්... ඉතින් ඔය රෝග ලක්ෂණ එක්ක මම තීරණය කරා මුන්ට පණු බෙහෙත් දෙන්න.

මම ගියා ඉතින් මුළු විශ්වයේම මගේ ප්‍රියතම ෆාමසිය වෙච්ච බකමූණෙ එක්තරා ෆාමසියකට.... මගෙ හදවත තප්පර ගානකට මෙව්වා වෙලා යන ඇස් දෙකක් තියෙන එකම තැන... ෆාමසියේ කීප දෙනෙක් හිටියත් මෙදා මගේ කරුමෙට ඒ ඇස් දෙකම තමා මං ගාවට ඇවිත් ඇයි ඇහුවේ ? අහන ශබ්ධයක්නම් ඇහුනේ නැද්ද මන්දා... ඒත් ඒ ඇස් දෙක ලාවට උස්සපු විදිහෙන් "ඇයි" කියලා අහනවා මට දැනුණා.... මම "බල්ලන්ට පණු බෙහෙත් තියෙනවා ද ?" අසමින් ඇය දෙසට පාත් උනා... ඒ ඇස් දෙක දිහා බලපු මිලි තප්පර ගානට, මට අමරදේව මහත්තයා මතක් උනා.. එතුමා මතක් වෙන්න සාධාරණ හේතුවකුත් තිබුණා... අමරදේව මහත්තයාගේ

නිම් හිම් සෙව්වා මා සසරේ....
හමුවී යුගයෙන් බැඳි යුගයේ....
ලං වී වෙන් වී වරින් වරේ... 
ඔබ හා මා රන් හුයකින් බැඳුනේ.... 

සිංදුව මගේ ඔළුවෙන් ඇහෙන්න ගත්තා... ඇහෙන්න අරන් මගේ ඇස් දෙක එයාගෙ ඇස් දෙක පැත්තට බර වෙන්න ගත්තා ටිකෙන් ටික.., හින්දි ෆිලුමක කොස් කිරන්න ලෑස්ති වෙන රොමෑන්ටික් සීන් එකක් වගේ. ඊළඟ පදය යන්න හදනකොටම "දිවියේ ආආඅ "දඩෝං"......!

මගේ හෙල්මට් එකේ වයිසර් කෑල්ල ඇයයි මායි අතර තිබුණු කොරෝනා ආරක්ෂක වීදුරු පවුරේ වැදුනා.... 

ඇය, ඇස කට නාසය මාස් එක ඇතුළු මුළු මූණම අත් දෙකෙන් වසා ගත්තා.... ෆාමසියේ හිටිය සියළු දෙනාම තුෂ්නිම්භූත වෙලා මං දිහා බලනවා වගේ මට දැණුනා.... මම හිතුවේ වීදුරුව ඉවරයි කියලා... එහෙම හිතෙනවත් එක්කම අතේ තියෙන්නේ රුපියල් 200ක් විතරයි කියලා මතක් වෙලා මගේ ඇස් දෙකත් මිලි තප්පර ගානකට වැහුනා... ඒ මිලි තප්පර ගානේ කොහේදි හරි හු#කනවා කියන පදයේ ඉංග්‍රීසි වචනෙ හිතින් කියවුනා.....

මම ඇස් ඇරලා බලනකොට තමයි ඇයත් ඇස් ඇරලා බැලුවේ... මගෙ වෙලාවට අව්ලක් වෙලා නෑ. ඇය "මොනවද ?" කියලා මේ පාර කටින්ම ඇහුවා ශබ්දෙන්. මමත් ලං වෙන්නවත් ඇස් දිහා බලන්නවත් නොගිහින් වීදුරුව දිහා බලාගෙනම "බල්ලන්ට පණු පෙති තියෙනවා ද ? ඇහුවා..

"බල්ලන්ට දෙන්න කලින් තමුසේ බීලා ඉන්නවා.." ඇය එහෙම කිව්වේ නෑ. හැබැයි එහෙම හිතන්න ඇති කියලා මට හිතුනා...  ඒ වෙනුවට එයා, 

"බල්ලගෙ බර කීයද ?" ඇහුවා...

යකෝ මේ වල් බල්ලන්ගෙ බර බලන්න මම ඕකුන්ව වඩා ගන්නවා කියලැයි... අනික මේ වල් බල්ලන්ගෙ බර බල බල ඉන්න උන් මසට ගන්න කුකුල්ලු යැයි.... 

දස අතේ කල්පනා කරලා සාමාන්‍යය ගැලපෙන උත්තරයක් දුන්නා... "ටිකක් ලොකු බල්ලෙක්" කියලා...

"කිලෝ 10ක් විතර ?" ඇය ඇහුවාම මම "ඔව් ඔව් ඒ වගේ ඇති" කියලා කිව්වා...  එහෙම කියලා පෙති දෙකක් ගත්තා... වෙලාවට 160ක් විතර ගියේ. රුපියල් 200ක් විතරයි අතේම තිබ්බේ... 

"කොහොමද දෙන්නේ මේක ?" කියලා අහපුවාම ඇය,

"කිරි එකට දාලා දිය කරලා දෙන්න...!" කිව්වා...

"එළු කිරි වලටද ? බලු කිරි වලටද ?" 
කියලා අහන්න හිතුනට මම ඇහුවේ නෑ... හිතෙන හිතෙන හැමදේම අහන්න යන්න හොඳ නෑ...

යකෝව් කිරි... ? අපිටවත් කිරි නැතුව කොහෙන්ද යකෝ බල්ලන්ට කිරි දෙන්නෙ කියලා කල්පනා කරලා ප්‍රශ්නාර්ථ මූණකින් "කිරි වලට" කියලා ආයම කිව්වාම එතන හිටපු ෆාමසියෙ තව කෙනෙක් 

"මස් එකට දාලා දෙන්න. නැත්නම් ඕකේ අමුතු සැරක් එනවා. එතකොට බල්ලො බොන්නෙ නෑ" කිව්වේ නිකම් එයා බීලා තියෙනවා වගේ. සමහරවිට බීලා ඇති. බෙහෙත් පරික්ෂා කරලා බලලා නෙවැ දෙනවා ඇත්තේ... 

"හෑයියා මස්ස්ස්ස්... ඊයා හලෝ.. අපේ බල්ලෝ වෙජිටේරියන්... උන් මස් කන්නෙ නෑ.." කියලා ඕවර් ඇක්‍ටින් පාරක් දාන්න හිතුනට මම දැම්මේ නෑ. හිතෙන හිතෙන හැමදේම කරන්න යන්නත් හොඳ නෑ... ඊට පස්සේ මම ගෙදර ආවා කොහෙන්ද දැන් මස් කියලා කල්පනා කර කර.....

ගෙදර ෆ්‍රිජ් එකේ මස් තිබ්බෙත් නෑ. මොන මස්ද කියලා හිතලා, බත් එකට දාලා අනලා දෙනවා හිතාගෙන බත් එකත් අරන් බෙහෙත් පෙති දෙකත් අරන් ගියා හේනට. 

යනකොට මේන් මුන් දෙන්නා මුගටි පැටියෙක් මරලා.... එතෙන්ට වෙලා නැට්ට වන වන මට කියනවා "අඩෝ හොරෙක් ඇල්ලුවා... මේ බලපන්... මේ බලපන්... මේ බලපන්..." කියලා. ඔය මේ බලපන් කියන තාලෙට තමයි උන්ගෙ නැට්ට වැනුනේ... මුගටි පැටිය මැරිලා. උගෙ බඩවැල් එළියට ඇවිත් දඟලන විදිහ දැකලා මගෙ බඩවැල් තව පොඩ්ඩෙන් එළියට එන සීන් එකක් තිබ්බ නිසා "තොපි දෙන්නා ඕනි හු#තක් කර ගනින්" කියලා එතනින් කේන්තියෙන් එනකොට හිත රිදිලද මන්දා මුන් දෙන්නත් මගෙ පස්සෙන් ආවා.... 




කොහොම හරි පණු බෙහෙත් දෙක අරගෙන එකක් කුඩු කරන්න ලෑස්ති වෙලා උපකරණයක් හොයාන එනකොට, බිම තිබ්බ අනිත් බෙහෙත් පෙත්ත එකෙක් ඉටි කවරේ එක්කම කනවා... ඌට හෙන පණු අමාරුවක් තියෙන්න ඇති කියලා හිතුනා කවරේ එක්කම කනකොට. මේ බල්ලො කන දේවල් පරික්ෂා කරන්න ගිහින් කලිනුත් බලු කුණුහරුප අහලා අත්දැකීම් තියෙන නිසා මම ආය උගෙ ලඟටවත් ගියේ නෑ... ඌ ඒකම ගිල්ලා බලාගෙන ඉද්දී..... අනිත් එක තලලා කුඩු කරලා බත් එකට දාලා දීලා අනිත් බල්ලටත් කැව්වා.... 

දැන්නම් අව්ලක් නෑ.... ආය වල් බල්ලන්ට පණු බෙහෙත් නොදී ඉන්න මම තීරණය කරා...

#අකිල



Monday, December 28, 2020

👉 බය... 👈


හේනේ පැලේ ඉන්නේ. තනියම. ඉතින් එක එක එව්වා හිතට එනවා. ඔහේ කල්පනා වෙනවා. එකක් ඉවර වෙනකොට එකක්. සමහර එව්වා එකට එක සම්බන්ධයි. ඒ අතර කිසිම සම්බන්ධයක් නැති එව්වත් හිතට එනවා... ඔහොම ටිකක් කල්පනා ලෝකේ ඉන්නකොට අතු කැඩෙන සද්දයක් ඇහෙනවා... එතකොට කල්පනා ලෝකේ බිඳිලා සුනු විසුණු වෙලා කල්පනා කර කර හිටියේ මොකක්ද කියලවත් හිතා ගන්න බැරි මූඩ් එක්කට එනවා.  ඉතින් ටෝච් එක අල්ලලා අලියද හරක්ද හොල්මනක්ද කියලා බලනවා.. අලි හරි හරක් හරිනම් ඌව එලවන්න ගන්නවා. එහෙම නැතුව  හොල්මනක් උනොත් ආය ටිකකින් කල්පනා ලෝකෙට වැටෙනවා. 

ඔහොම ඉන්නකොට මට හිතෙනවා මිනිහෙක් උනාම මොකකට හරි බය වෙන්න ඕනි කියලා. මොකකට හරි කියනවට වැඩිය ඒක හරියන්නෙ කාට හරිම කියලා කියනකොට. මං කියන්නෙ මිනිහෙක් උනාම කාට හරි බය වෙන්න ඕනි. අම්මට, තාත්තාට, අයියට, මල්ලිට, අක්කට, නංඟිට, ලව් කරන එකාට, කසාද බැදලා ඉන්න එකාට, හොර ගෑණිට, හොර මිනිහට, දෙයියන්ට, යක්කුන්ට වගේ මොකෙකුට හරි බය වෙන්න ඕනි කියලා. කාටවත් බය නැති මිනිහෙක් ? . ඔය "කාටවත් බය නැති මිනිහෙක්" කියනකොට මට ආය හිතෙනවා ඔය "කාටවත් බය නැති ළමයෙක්" කියනකොට ඒකෙ තියෙන බැරෑරුම් ගතිය පෙනේවි කියලා....

ඉතින් ඔහොම එව්වා හිතෙන ගමන් කාලේ ඔහේ ගෙවෙනකොට ආය අතු කැඩෙන සද්දයක් ඇහෙනවා... ආයෙමත් මොකෙක්ද කියලා ටෝච් එක ගහලා බලනකොට හරක්....  ඉතින් උන් එළවනවා...

ඊට පස්සෙ ටිකකින් වෙන මොකක් හරි වැදගත් නැති ඕපදූපයක් මතක් වෙලා ආයම මතක් වෙනවා, මොකෙකුටවත් බය නැති ළමයෙක් ගැන.... ඒ ළමයා මොන විදිහකට හැදෙයිද කියලා මට හිතෙනවා. බොහෝවිට වීරයෙක් වේවි. අපි පොඩි කාලේ ඉදන්ම බය නැති අයව දකින්නේ වීරයෝ විදිහට... 

එක්කෝ දුෂ්ඨයෙක් වේවි කියලත් හිතෙනවා... ආය මටම හිතෙනවා, වීරයෙක් උනත් දුෂ්ඨයෙක් උනත් වෙනසක් නෑනේ කියලා.... පිරිසකට වීරයෙක් වෙනකොට ඒ වීරයම තව පිරිසකට දුෂ්ඨයෙක් වෙන එක අනිවාර්යයි.. එහෙම නැත්නම් යම්කිසි කාලයකට වීරයෙක් වෙන වීරයා තව කාලයකින් දුෂ්ඨයෙක් වෙනවා... නිකම් රාවණා ඉන්දියාවේ අයට දුෂ්ඨයා වෙනකොට ලංකාවේ අයට වීරයෙක් වෙනවා වගේ දුෂ්ඨයාගෙයි වීරයාගෙයි වෙනසක් නෑ කියලා මට තේරුම් යනවා. වීරයෝ හා දුෂ්ඨයෝ තීරණය වෙන්නෙ අපි ඉන්න පැත්ත අනුව නේද කියලා මට ආය හිතෙනවා.... සරදියෙල් වීරයෙක් වෙන්නේ මම සිංහල පැත්තේ හිටිය නිසානේ. මම අනිත් පැත්තේ හිටියනම් සරදියෙල් කියන්නේ දුෂ්ඨයනේ....

බය නැති වැඩ කියලා හිතෙන වැඩ ගැන තාත්තා කිව්වේ මෝඩ වැඩ කියලා. මෝඩකමට කරන වැඩ කියලා. මුලින් මට ඒක තේරුනේ නෑ. හැබැයි කාලෙකට පස්සේ තේරෙනවා, බය නැතිව වීරයෝ වෙන බහුතරයක් මෝඩයෝ කියලා... බය නැතිව වලි වලට යන, බය නැතුව හොරකමේ යන, දඩයමේ යන, බය නැතුව වැරදි කරන, බය නැතුව අසික්කිතකම් කරන හැමෝම වගේ මෝඩයෝ කියලා දැන් තේරෙනවා..

වෙලාවකට බය නැතිකම තමයි මෝඩකම කියලත් හිතෙනවා. බය නැති උන් මෝඩයෝ කියලා තාත්තා කියන්න ඇත්තේ අත්දැකීම් වලින් වෙන්න ඇති. ජේ වි පි කාලේ බය නැති තරුණ අය ටයර් සෑයවල් වල හිටිය හැටි ගැන මම අහලා තියෙනවා.... අලියෙක් එලවන වෙලාවට බය නොවී අලියා එන පැත්තට දුවන කෙනෙක්ට අපි කියන්නෙ වීරයා කියලා නෙවේ. මෝඩයා කියලා.  ඉතින් මොකකටවත් බය නෑ කියලා කෙනෙක් කියනවනම් ඌ මෝඩයෙක් වෙන්න ඕනි. නැත්නම් කපටියෙක් වෙන්න ඕනි... 

හේනට මම තනියම එන එක ගැන දැන ගත්ත මිනිහෙක් මගෙන් ඇහුවේ, " ඔය කෑල්ලේ යක්කු හොල්මන් ඉන්නවා.. බය නැද්ද ?" කියලා... "මම හොල්මන් යක්කුන්ට තිබ්බ බය නැති උනේ මම දෙයියන්ට බුදුන්ට තිබ්බ බය නැති උන කාලේ... අනික දෙයියන්ට බුදුන්ට බය නැති එකේ හොල්මන් යක්කු ආවොත් යක්කු පට ගහන්න වෙන්නේ..." කියලයි මගෙ උත්තරේ උනේ.... 

ආය සද්ද... මට හෙන බයයි. ඒ අලිය එනවට. අලියට නෙවේ. ඌ ඇවිල්ලා කනවට. මම පැලේ ඉද්දිත් අලියා ඇවිත් කෑවොත් මට ඇති වෙන ලැජ්ජාවට... පැල් ඇවිල්ලත් රැක ගන්න බැරි උනොත් වස ලැජ්ජාව.... අනික මට නින්ද ගියොත් එහෙම කියලා ආය බයයි. ඇයි, ඒත් ලැජ්ජාව. පැලට ආවේ නිදා ගන්නද කියලා අහයි කියලා තියෙන ලැජ්ජාව බය....

ඔය ලැජ්ජාව ගැන හිතෙනකොට මට ආය හිතෙනවා මිනිස්සු වැඩියෙන්ම බය ලැජ්ජාවට කියලා. මිනිස්සු ලැජ්ජා වෙන්න බයයි. සමහරවිට මිනිස්සු මිනිස්සු විදිහට ඉන්නෙත් ඔය ලැජ්ජාව නිසාම වෙන්න ඇති. දේව ධර්ම විදිහට ලැජ්ජාව සහ බය නම් කරපු එක කොච්චර උචිත ද කියලා හිතෙනවා ආයම මට. හිරි සහ ඔතප්....

බය නැති එකා මෝඩයා උනාට ලැජ්ජා නැති එකා මෝඩයා වෙන්නෙ නැතුව ඇති කියලා හිතෙනවා. "බය නැද්ද ?" කියලා ඇහුවම උත්තරේ නෑ උනාම වීරයෙක් වගේ උනාට "ලැජ්ජා නැද්ද ?" ඇහුවාම උත්තරේ නෑ උනාම වසලයෙක් වෙන්නයි වෙන්නෙ...
ඔහොම හිතනකොට තව හිතෙනවා දිගට දිගට. කරන්න දේකුත් නෑනේ කළුවරේ. හිතන එක ඇරෙන්න. මෙහෙමයි,  ඔය "ලැජ්ජාවට තියෙන බය" වගේ නෙවේ "බයට තියෙන ලැජ්ජාව"... දෙක සම්පූර්ණයෙන් දෙකක්...

බය නැති එකාව නිර්භීත කරලා ඔටුණු දානකොට බය ඇති එකාව බය ගුල්ලා කියලා නෙරපලා දානවා... එතකොට ලැජ්ජා නැති එකාව වසලයා කියලා පිටුවහල් කරනවා... මට ආය හිතෙනවා ඔය බය නැති එකාට ඔටුණු දාලා වීරයෙක් කියලා උලුප්පන්නෙම ඌව මෝඩයා කරලා වැඩ ගන්න දෝ කියලා. මට මතක් වෙනවා "බය වෙන්න එපා මචන් අපි ඉන්නවා" කියලා මාව ඉස්සරහට තල්ලු කරපු යාළුවෝ. උන් කියපු නිසා බය නැති කරගෙන වලි වලදි එහෙම ගමකට කාපුවා මතක් වෙනවා... එතකොට ආයම මට එන්නෙ ලැජ්ජාව... එක අතකට අපි ලැජ්ජා වෙන්න ඕනි තමයි කියලත් හිතෙනවා. ඇයි දෙයියනෙ මැදවච්චිය, අනුරාධපුරය, ගල්නෑව, බුල්නෑව, එප්පාවල, පොළොන්නරුව, මැදිරිගිරිය, අම්පාර,.... වගේ දුෂ්කර පළාත්වල දුප්පත් කොල්ලො කෙල්ලො දුප්පත්කම නිසයි, කරන්නම දෙයක් නැති නිසයි, ආමි එකට ගියාම උන්ව "නිර්භීත රණවිරුවණි...!" කියලා කඩේ යවලා පදක්කම් ගහලා උන්ගෙන් වැඩේ කර ගත්තු එකට...... මං කියන්නෙ දෙපැත්තෙම... කරන්නම දෙයක් නැතුව යුද්ධ කරපු දෙපැත්තෙම දුප්පත් අහිංසක අසරණ කොල්ලො කෙල්ලො "නිර්භීත" කියලා ලේබල් ගහලා උන්ව දාම් බෝඩ් එක්ක ඉත්තො වගේ පාවිච්චි කරලා නේද කියල හිතිලා, ඒ කාලේ අපි ඒවට ගෙදර ඉදන් හුරේ දැම්මා නේද කියලා හිතෙනකොට මටනම් ලැජ්ජයි වගේ....

කළුවරේ ඉන්නකොට හිතෙන විකාර....! එහෙම හිතලා ලැජ්ජාවෙන් බේරෙන්න ඕනි.... ඒක ලේසි ඔය විකාර හිතනවට වැඩිය. විකාර..... 

ආය සද්දයක් ඇහෙනවා... ටෝච් එක ගහලා බලන්න කම්මැලි. ඒත් බයයි ලැජ්ජා වෙන්න වෙයි කියලා....

ඒ බලලා ඇවිල්ලා ආය හිතෙයි මොන මොනවා හරි.......

#අකිල


Saturday, December 26, 2020

👉 මේ ජීවිතේ තේරුම !බලාගෙන ඉන්න එක" 👈


අපේ ජීවිත කාලේ වැඩිපුරම අපි කරලා තියෙන්නේ බලාගෙන ඉන්න එක....

එක අතකට "මේ ජීවිතේ තේරුම මොකද්ද ?" කියලා කෙනෙක් ඇහුවොත් උත්තරේ වෙන්න ඕනි,

"බලාගෙන ඉන්න එක" කියලා..

ඉපදුන දවසේ ඉදලා මැරෙනකම්ම අපි කරන්නෙ බලාගෙන ඉන්න එක... අපිට මොකක් හරිම තියෙනවා බලාගෙන ඉන්න. අපි බලාගෙන ඉන්න දේ තමයි අපේ ජීවිතේ තීරණය කරන්නෙ කියලා, බලාගෙන ඉන්න හැම තිස්සෙම හිතෙනවා..... ඒත් බලාගෙන ඉන්න වෙන එකේ අවසානයක්වත් බලාගෙන ඉන්න දේ තමා අපේ ජීවිතේ තීරණය කරන්නෙ කියලා හිතෙන එකේ අවසානයක්වත් නෑ...

ඉතින් අලුත් අලුත් දේවල් වෙනුවෙන් බලාගෙන ඉන්නවා.., හැම පාරම ඒක තමයි ජීවිතේ තීරණය කරන්නෙ කියලා හිතාගෙන... 

ඒක තමයි ජීවිතේ තීරණය කරන්නෙ කියලා,

විභාග ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්න අය, 
සිලෙක්ට් උන කැම්පස් එකෙන්, ජොබ් එකෙන් ලියුමක් එනකම් බලාගෙන ඉන්න අය,
බැංකුවෙන් ඉල්ලපු ලෝන් එක ලැබෙනකම් බලාගෙන ඉන්න අය,
බලාපොරොත්තු වෙන ප්‍රේමය ලැබෙනකම් බලාගෙන ඉන්න අය,
කසාදේ වෙනකම් බලාගෙන ඉන්න අය,
දරුවෙක් ලැබෙනකම් බලාගෙන ඉන්න අය,
ඔපරේෂන් එකට දීපු දිනය එනකම් බලාගෙන ඉන්න අය,
නඩු දිනය එනකම් බලාගෙන ඉන්න අය,
රට දියුණු වෙනකම් බලාගෙන ඉන්න අය,
වහිනකම් බලාගෙන ඉන්න අය,
පායනකම් බලාගෙන ඉන්න අය,
මුහුදට ගියපු බෝට්ටුව ආය එනකම් බලාගෙන ඉන්න අය,
රැකියාවට ගිය අය එනකම් බලාගෙන ඉන්න අය,
දාලා ගියපු අය එනකම් බලාගෙන ඉන්න අය,
ගත්ත ලොතරැයිය ඇදෙනකම් බලාගෙන ඉන්න අය,
හෙට වෙනකම් බලාගෙන ඉන්න අය,
කොරෝනා නැති වෙනකම් බලාගෙන ඉන්න අය,

තව ඔහොම ඔහොම ගොඩාක් අය හම්බෙනවා... හැමෝම කරන්නෙ මොකක් හරිම වෙනුවෙන් බලාගෙන ඉන්න එක.... 

ඒක තමයි ජීවිතේ තීරණය කරන්නෙ කියලා හිතෙන්නෙ නැතුවත් සමහර වෙලාවල් වලට අපි බලාගෙන ඉන්නවා පොඩි පොඩි දේවල් වලටත්... බස් එකක් එනකම්, පෙම්වතා පෙම්වතීගේ මැසේජ් එකක් කෝල් එකක් එනකම්, උයනකම්, පෝන් එක චාජ් වෙනකම්, රෑ වෙනකම්, උදේ වෙනකම් වගේ හැම තිස්සෙම වගේ කරන්නෙ බලාගෙන ඉන්න එක.....

මට හිතනකොටත් සමහර වෙලාවලට බය හිතෙනවා, "බලාගෙන ඉන්න දෙයක් නැති උනොත්" කියලා.... ඇත්තටම බලාගෙන ඉන්න දෙයක් නැති ජීවිතයක තේරුමක් තියේවිද ? එහෙම ජීවිතයක සතුටක් තියෙයිද දුකක් තියෙයිද කියලා මට තාම හිතා ගන්න බෑ.... බලාගෙන ඉන්න දෙයක් නැති උනාම සැනසීමක් ලැබෙයිද ? මහා හිස් කමක් ලැබෙයිද ? 

මට හිතා ගන්න බැරිව, කල්පනා කර කර, 
මමත් බලාගෙන ඉන්නවා....

#අකිල


👉 කාටවත් හොරෙන්ම, ඉවර වෙන්න ඇති.. 👈


මට වගේම ලොකු කතාවක්,
එයාටත් තියෙන්න ඇති.. 
මං වගේම කියන්න,
එයත් හිතාගෙන ඉන්න ඇති...
මං වගේම ඇඟිලි,
එයත් ගනින්නම ඇති...
කියන්න දවසක් එනකම්,
මඟ බලාගෙන ඉන්න ඇති.......
________________________________

මගෙ කතාව අහන්න,
එයාට වෙලාව නැති වෙන්න ඇති...
එයාගෙ කතාව අහන්න,
මට වෙලාව නැති වෙන්න ඇති...
දෙන්නටම වෙලාව,
මදි වෙන්න ඇති...

ඉතින් කතාවක්,
ඇති නොවෙන්නට ඇති...
කතා හිත පතුලෙම,
ගිළිලා යන්න ඇති.......

ඒ නිසා තවත්,
අපි දුරස් වෙන්න ඇති.....💔
---------------------------------------------------
.
.
.

ඉතිහාසය පුරාවට ඒ වගේ කතා
තව තියෙන්න ඇති....
බොහෝ කතාවල,
අවසානය එහෙම වෙන්න ඇති....
කාටවත් හොරෙන්ම,
ඉවර වෙන්න ඇති......

#අකිල

👉 මමනේ ලෙඩා පැරලයිස් වෙච්ච.... 👈


මට කියන්නම ඕනි උනාට
මට කියා ගන්න බැරිම උනේ ඒක...
කිව්වට වැඩක් නැති උනත්,
අවසාන මොහොතෙදිවත්,
"මාව දාලා යන්න එපා" කියන එක.... 

මෙහෙම වෙන්නම ඕනි මට 
මං කව්දැයි අමතක උනාට...
සංවාද කරන්න ගත්තාට...
දුක සැප බෙදා ගත්තාට...
ඇයි තව,
ඇය එනකොට වාට්ටුවට
සතුටෙන් මාව පුරව ගත්තාට,
ඒකට හිත පුරුදු කර ගත්තට....

ඇත්තටම ඉතින්,

ඇයට ඉන්න ඕනි උනත්
ඇයට යන්නම වෙනවා කාලය ආපුවම,
මොකද ඉතින් ඇයනේ දොස්තර....
ඒත්,
එකම ඉස්පිරිතාලෙ,
සමහරවිට එකම ඇදේ ඉදීවි මම,
ඇය එනකම් බලාගෙන....

මොකද ඉතින් මමනේ ලෙඩා 
පැරලයිස් වෙච්ච.......

(2020/09/11)

#අකිල

👉 සිදුහත්ට උනත් හරි ගියේ අත අරින්න ඉඩ දුන්න ආදරයක් ලැබුන නිසා 👈


මම තදින් විශ්වාස කරපු වගේම නිතරම කියපු දෙයක් තමයි,
"සිදුහත්ට උනත් හරි ගියේ අත අරින්න පුළුවන් උන නිසා හා අත ඇරපු නිසා" කියලා... 

ඒත් වයසින් මුහුකුරා ගිහින් ආයෙත් ජීවිතේ දිහා හැරිලා බලනකොට මට දැන් හිතෙනවා, මට දැන් තේරෙනවා.....

"සිදුහත්ට උනත් හරි ගියේ අත අරින්න ඉඩ දුන්න ආදරයක් ලැබුන නිසා" කියලා...

අත හැරලා ගියාට පස්සෙත් පස්සෙන් ගියානම්, පණිවිඩකරුවන් යැව්වනම්, ආදරේ ආය ආය ඉල්ලලා කරදර කරානම්, නිතරම බලන්න ගියානම්, සැප දුක හොයල බැලුවනම්, තැන තැන දෝෂාරෝපණය කරමින් බැණ වැදුනනම්, අඩා වැළපුනානම්, සරලවම අත අරින්න ඉඩ නොදුන්නානම්,  

මට හිතෙන්නේ සිදුහත් සසරේ අතරමං වෙන්න තිබ්බා.... හෘද ශාක්ෂියට අනුව තමන් වැරදි කාරයෙක් කියලා දැනෙන්න තිබ්බා...  හැගීම් වලට වහල් වෙන්න තිබ්බා..... පරදින්න තිබ්බා.... වීරයෙක් නොවෙන්න තිබ්බා.... දර්ශනයක් බිහි නොවෙන්න තිබ්බා......

ඇත්තමයි... මට හිතෙන්නෙම එහෙමයි....
බුදුදහමේ විදිහට කිව්වොත්
"අත අරින්න ඉඩ දෙන ආදරයක් ලබන්න සසරේ ගොඩාක් පිං කරලා තියෙන්න ඕනි...."
("අත අරින්න පුළුවන් තරම් ආදරයක්..." ❤)

ඒ වගේමයි, "අත අරින්න ඉඩ දෙන්න තරම් ගැහැණියකට ශක්තිමත් වෙන්න පුළුවන්නම් ඇය වන්දනීයත්වයට පත් වෙන්නම ඕනි... සිදුහත් තරම්ම උතුම් කෙනෙක් වෙන්න ඕනි"

ඉතින්,
මම ආයෙත් කියනවා......!

"සිදුහත්ට උනත් හරි ගියේ අත අරින්න ඉඩ දුන්න ආදරයක් ලැබුන නිසා"

#අකිල

👉 සහකම්පනය 👈


මිනිසුන් හා සතුන් අතර ඇති වෙනස මිනිසුන්ට ඇති සහකම්පනය (empathy) බව මම තදින් විශ්වාස කරමි. අනෙකාගේ දුක වේදනාව දැනෙන තාක් කල්ම අපි මනුශ්‍යන් සේ ජීවත් වනු ඇත. අනෙකාගේ දුකේදි සතුටු වෙනවනම්, සතුටු වෙන්න පුළුවන්නම් ඒ මනුශ්‍යත්වයෙන් ගිලිහී යන මිලේච්ඡ ජීවියෙක් යැයි මම විශ්වාස කරමි. 

මහා කාරුණික දහමක් අදහන සරණ යන බහුතරයක් මනුශ්‍යත්වයෙන් ගිලිහී යන්නේ ඇයි ද කියා මට තේරුම් ගත නොහැක... තව අයෙකුට දුකක් කරදරයක් වූ විට, "ඌ කරපු පව් නිසා ඔය, හොඳ වැඩේ ඕකට" යැයි සිතන්නේම මහා කාරුණික දහමක් සරණ යන, කර්මයක් විශ්වාස කරන, කර්මයක් කර පින්නාගෙන යන උපාසක උපාසිකාවන් ය... 
       
                     ඇඟ පුරා ගෙඩි හැදී වේදනා විදිමින් හිටි පූතිගත්ත තිස්ස තෙරුණ් දෙස බලා "හොඳ වැඩේ තොට, තෝ කරපු පව් ඔය ගෙවන්නේ" යැයි ඒ කාරුණික සාස්තෘන් වහන්සේ කිසිදා කියා නැත.... ඒ වෙනුවට කලේ පූතිගත්ත තිස්ස තෙරුණ්ටත් පිහිට වීම ය. පිහිට වීමේ අගය කියා දීම ය... එවැනි උදාහරණ ඕනි තරම් දිය හැකි උනත් අසරණයන්ට පිහිට වීම හා අනෙකාගේ දුකේදි කරදරයේදි පිහිට වෙන ආකාරය ක්‍රියාවෙන් පෙන්නූ දහමක් කර පින්නාගෙන යන්නා වූ මිලේච්ඡයින් බිහි වන්නේ කෙසේදැයි මට හිතා ගැනීමටවත් නොහැක....

           ආබාධිත පුද්ගලයෙක් දෙස බලා ඒ ආබාධිත වීමට හේතුව පෙර කර්මයක් යැයි සිතා "හොඳ වැඩේ තොට" කීමට තරම් අපි මිලේච්ඡත්වයට පත් වී ඇත.... 

           තමන් කැමති පක්ෂයට ඡන්දය නොදීපු නිසා "බෝම්බ ගහලා මදි උන්ට" යැයි කීමට තරම් අපි මිලේච්ඡත්වයට පත් වී ඇත..... 

           දරුණු ලෙඩ රෝග සැදී ඇති හය හතර නොතේරෙන ළමයින් දෙස බලා "මහ උන් කරපුවා තමා ඔය ගෙවන්නේ" යැයි උජාරුවෙන් කියා වචනයෙන් හෝ පළිගැනීමේ කුණු රස සතුටක් ලැබීමට තරම් අපි මිලේච්ඡත්වයට පත් වී ඇත....

මේ මේ ලෙස තව බොහෝ අවස්ථා මා දැක ඇත....
 

          ඒ අතර නවතම පුරුදු මිලේච්ඡ ආතල් එක ලෙබනනයේ සිදු වූ පිපිරුම දෙස බලා, "හොද වැඩේ උන්ට, දවස් දෙක්කට කලින් සත්තු මරපුවා තමයි පලදීලා තියෙන්නේ" යැයි එළියට ඇවිත් ඇත.....  මේ පලදීම ගැන මහා කාරුණික දහමක් අදහන උපාසක උපාසිකාවන්ට ආතල් ය... තමන්ගේ දහමේ සදහන් කර්මය ඔප්පු වී යැයි හුරේ දමන්නට හැකිය.....  තමන් අදහන එක තමා හොඳම එක යැයි ආඩම්බර විය හැකිය.... සිත යටින් ඒ මිනිස්සු මැරුණ එක ගැන සතුටු වෙන එක එළියට පනින්න පටන් ගෙන ඇත.... 

මට මතක් වෙන්නේ කොරෝනා නිසා චීන්නුන් මැරෙන විට "සත්තු මරාගෙන කන චීන්නුන්ට කොරෝනා හැදිලා මදි" කියා පෝස්ට් ශෙයා කරපු උපාසක උපාසිකාවන් ය...

සත්තු මරාගෙන කෑ චීන්නුන්ගේ හා චීන්නුන්ට කොරෝනා හැදිලා මදි යැයි කියපු උපාසක උපාසිකාවන් අතර කිසිදු වෙනසක් නැත..... 
ඒ වගේම ලෙබනනයේ සතුන් මරපු මිනිසුන් හා ලෙබනනයේ මිනිසුන් මැරුණේ සතුන් මැරූ නිසයි කියා හුරේ දාන උපාසක උපාසිකාවන් අතරත් වෙනසක් නැත.......

             නමුත් මා පොඩි කාලයේ සිටම ඉගෙන ගෙන ඇත්තේ අසරණයෙක් දැක අනුකම්පා කිරීමට ය. අසරණයෙක්ට පිහිට වීමට ය.... සතුරෙකුටවත් එසේ නොවේවා යැයි පාර්ථනා කිරීමට ය.... අහල ගමක මළ ගෙදරක් ඇත්නම් පමණක් නොව, සුනාමි ව්‍යසනය, පාස්කු ප්‍රහාරය, ආදි අවාසනාවන්ත සිදු වීම් සිදු වූ කිසි දිනක අපේ ගමේ සද්දෙන් ටීවි රේඩියෝ සිංදු දැමුවෙ නැත.... අපේ වැඩිහිටියන් අපට ඉගැන්නුවේ එසේ ය. මෙහෙ දුප්පත් නූගත් යැයි හදුන්වන මිනිසුන් හැසිරෙන්නෙ එසේ ය.... මම ඒ ගැන සතුටු වෙමි.... ඒ එක්කම, ලෙබනනයේ මිය ගිය මිනිස්සුන්ට හොඳ වැඩේ කියන උපාසක උපාසිකාවන්ට ඔවුන් විශ්වාස කරන කර්මයම ඔවුන්ට පල දෙන ආකාරය ගැන සිතා කණගාටු වෙමි........

මට මතක් වෙන්නේ මා කිය වූ ලිපියක කොටසකි..... 

විසි එක්වන සියවසේ තාක්ෂණය සහ සන්නිවේදනය අතින් අප එකිනෙකා කොයිතරම් ළං වෙලා යැයි අප සිතුවත් මානුෂීය හැඟීම් අතින් අප එකිනෙකාගෙන් කොයි තරම් ඈත් වෙලාද? එක ගොඩේ ජීවත් වුනාට අනෙකාගේ හැඟීම් නොදැනෙන්න තරම් අපගේ සහකම්පනය(empathy) ක්ෂය වෙලාද?

“කාලකණ්ණි දූපත් ජීවිත…
ඉපදෙනවා විතරයි. ඊට පස්සෙ කුණු වෙනවා…
මිනිස්සු ළඟ වැඩියි....
ඒ හින්දම එකෙකුට අනිත් එකාව දැනෙන් නෑ.”

අනෙකාගේ දුක නොදැනෙන මිනිසුන් තුළ ඇති හිස්කම පිරවීමට කුමන ආගමටවත් කුමන විද්‍යාවටවත් කුමන දර්ශනයටවත් නොහැක.

මිනිස්කම මිය යන තැන එතනය...

#අකිල


👉 සික් එක.... 👈


කොරෝනා භීශනය තදින්ම තිබී අවසන් වූ දෙවන සතියේම මා මාගේ ලැප්ටොප් එක සඳහා අවශ්‍ය උපාංගයක් සොයා මිලදී ගැනීමට ගියෙමි. ඒ බස් රථයක නැඟී කුරුණෑගලට ය. කුරුණෑගල යන නාමය ඇසූ සැනින් බහුතරයකට කුරුණෑගල වෙරළ තීරය මතකයට පැමිණියත් මා වැනි සුළුතරය නියෝජනය කරන්නන්ට මතකයට නැඟුනේ මහා විශාල ගල ය. මා මේ සිදුවීමට මුහුණ දුන් දිනයේ සිට මටනම් කුරුණෑගල කියූ සැනින් ගල නොව මතක් වෙන්නේ ලයිව් සෙක්ස් ය. එයට හේතුව  කුරුණෑගල බීච් සයිඩ් එක අයින දිගේ පාරෙන් මා හට ගමන් කිරීමට සිදු වූ නිසා බව මතක් කරන්නට කැමැත්තෙමි. එදින බැලූ බැලූ අත කපල්... කපල්... කපල්... ය. ඒ කපල් පිරි මාවතේ මා වැනි තනි පංගලමේ ගමන් ගන්නා දරුවෙකු දැඩි අසීරුතාවයකට පත් වීම ගැන ඔබට වටහා ගත හැකි වනු ඇත. විශේෂයෙන්ම අම්බානකට වලත්ත හිතක් හා හිතුවක්කාර ඇසක් හිමි මා පත් වන්නේ එසේ මෙසේ අපහසුවක නොවන බව ඔබට නැවතත් මතක් කිරීමට කැමැත්තෙමි. කටවල් කා ගැනීම්, කුක්කු දීම්, බෙලි හපා ගැනීම්, තුරුළු කර ගැනීම් වගේ විවිධාකාර දර්ශන දෙස මා කට අයාගෙන බලාගෙන මගේ ගමන ගියේ ‍ය. ඒ දඹුලු ලෙන් විහාරයේ චිත්‍ර දෙස බලමින් යන සිත්තරෙක් ලෙස ය... නැත. නැත...!  සැබැවින්ම මා බලන්න ඇත්තේ ගවයන් මිලදී ගැනීමට අපේ ගමට එන තම්බි මුදලාලි නිදැල්ලේ යන ගවයන් දෙස බලන අන්දමට ය. එනම් තම්බි හරක් බලන ලෙස ය....  එසේ බලාගෙන යන විට පය හැප්පි උඩ විසික් වී මා නතර වූයේ පෙම්වතියගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන නිදා සිටින පෙම්වතෙක් සිටින බංකුවක් අසලට ය. පෙම්වතිය පෙම්වතාගේ ඔළුව කොණ්ඩය පහුරු ගාමින් සිටී ය. දඹුලු ලෙන් විහාරයේ සිටින රිලවෙක් අනෙකාගේ උකුණෝ බලන අන්දම මට මතක් විය. මා පය හැප්පි ගැස්සි උඩ විසි වී නතර වන විටම අර ඔඩොක්කුවේ නිදාගෙන සිටි පෙම්වතත් උඩ විසික් වී නැගිට්ටේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හෝ පියා පැමිණ ඇතැයි සිතා විය යුතු ය. ඔහු තක්බීරි වී සිටි ආකාරය අනුව එක්කො පොලීසියෙන් හෝ ඔහුගේ වෙන පෙම්වතියක් හෝ ඇයගේ වෙන පෙම්වතෙක් පැමිණ ඇතැයි බලාපොරොත්තු වී ඇති බව පෙනුණි.... එම නිසාම හොඳය... නැත්නම් මට අසන්න වෙන්නේ, "බිම බලාගෙන යනවා මනුස්සයෝ අනුන්ගේ ගෑණු දිහා බලන්නේ නැතුව" කියා ය.....
(කෙසේ වෙතත් ඊට සති දෙක්කට පසු කුරුණෑගල බීච් එක කපල් සඳහා තහනම් කරනු ලැබූ බව මට අසන්නට ලැබුණි...)

ඉතින් එදා මගේ වැඩේ කරගෙන, මිලදී ගැනීමට අවශ්‍ය වූ උපාංගය මිලදී ගෙන මම බස් එකට පැමිණියේ නැවත දඹුල්ල බලා ඒමට ය. කොළඹ - පොළොන්නරුව බස් එකක් පැමිණි නිසාම මම එයට ගොඩ විය. කොරෝනා භීශනය නිසාමදෝ බස් රථයේ ආසන බොහෝ හිස් වී තිබිණි. මගේ ප්‍රියතම ආසනය වූ බසයේ පිටුපසම දකුණු පැත්ත ආසනය හිස් වී තිබූ නිසා මම සතුටින් එහි වාඩි වී ගමනට සැරසිනි. 

දුර ගමන් බසයක නැඟී ට්‍රැෆික් නැති හොඳ කාපට් පාරක පිටු පසම අසුනේ ජනේලය අසල සිට ජනේලයෙන් පිටත බලාගෙන යෑම තරම් වින්දනයක් තවත් නැත. ඊට සමාන කිරීමට හැකි වෙනත් වින්දනීයත්වයක් මට ගලප ගන්නත් බැරිය... ජනේලයෙන් එන සුළඟ, ජනේලයෙන් පේන දේවල්, පාරේ දකින්න ලැබෙන ලස්සන කෙල්ලන් මොහොතකින් නැති වෙන එක, බස් රථයේ වේගය එක්ක හැදෙන ශබ්දය, ඔය අතරට ආසම ටයිප් එකේ සිංදු ලිස්ට් එකක් ප්ලේ වෙන එක, වගේ ලැබෙන දහසක් ප්‍රතිලාභ අතර මම ආසම එක "කිසිවෙකුගෙන් බාධාවක් නැතුව හුඳකලාව විදින්න ලැබෙන එක" ය....  ඒ තනියම මනෝ ලෝකෙක පාවෙමින් සිතමින් අනාගතය ප්ලෑන් කරමින් යන්න ලැබෙන එක ය... හිතන්නයි හිතෙන්නයි මේ තරම් උත්තේජනයක් ලැබෙන තැනක් තවත් නැතිය. එහෙම හිත හිත නින්දට යෑමට මට හැකිය. මම ආසම ඒකට ය. මට එදා සිතීමට දේවලුත් තිබිණි. ඒ භාතිය සර් ඇතුළු සැට් එක සමඟ මීටින් එක්කට සහභාගි වීම ගැනය.... මම යන විදිහ, පාර හොයා ගන්න විදිය, හැසිරිය යුතු විදිහ, කට පරිස්සම් කර ගත යුතු විදිහ(නිහඬ විය යුතු), ඩීසන් විය යුතු විදිහ, වගේ හැම දෙයක් ගැනම හිත හිත ගියේ ලොකු උන් සෙට් එකක් හම්බෙන්න ලැබෙන චාන්ස් එක ගැන සතුටු සිතිණි.... 

මද දුරක් පසු වන විටම මගේ ආතල් කුඩු වෙන සීන් එක පැමිණ මා අසල වාඩි විය. ඒ අවුරුදු 50-60 අතර කාන්තාවකි. මා පුරුදු පුහුණු කළ අංග ලක්ෂණ විද්‍යාවට අනුව ඈ රජයේ සේවිකාවක් විය යුතු ය. බොහෝවිට ගුරුවරියක් විය හැක. එසේම තරමක් ධනවත් අයෙක් විය යුතු ය. මා එලෙස නිගමනය කරේ ඈ ඇද සිටි සාරිය, සාරිය සුදු පාටට හුරු වීම, ඇද සිටි ආකාරය, කොණ්ඩය පීරා ඇති ආකාරය, අතේ ඇති ඔරලෝසුව, කරේ ඇති රත්තරන් පාට මාලය, පොත් පත් කීපයක් එළියට ඉස්සී තිබූ හෑන්ඩ් බෑගය, සමඟ වතුර බෝතලය නිසා ය. නිතැතින්ම යොමු වන මගේ ඇස් විසින් ඒ දත්ත පරික්ෂා කර මොළය දත්ත විශ්ලේෂණය කර සම්පූර්ණ වාර්ථාව මට ලබා දීමට ගියේ ඇය පිටුපස දොරෙන් බයසට නැඟී මා සිටි පසු පස ආසනයට ආසන්න වීමට පෙර නිසා ම සැමටම මා නිතරම බෙදන සුහදශීලි සිනහවෙන් ඇයටත් සංග්‍රහ කලෙමි.... සමහරවිට වරද්ද ගත්තේ එතනින් විය හැකි බව පසුව හිතුණි...

මගේ සුහදශීලි සිනහවෙන් පසු සුහදත්වය පිළිගත් ඇය මා සමඟ කතා කරන්න පටන් ගත්තේ මගේ හුදකලාව උස්සා පොළවේ ගසා ය. ඇය ගුරුවරියක් බව මට පවසා මගේ නිගමනය තහවුරු කරන ගමන්ම මගේ විස්තර ඇසීමට පටන් ගතිමි. මා ගැන අසන කාට උනත් අම්බානකට බොරු කීම මගේ ස්භාවය නිසා මැයටත් එසේ ය. මා ඉන්නේ කොහෙද ? යන්නේ කොහෙද ? කරන්නෙ මොනවාද ? අම්මා තාත්තා කරන්න මොනවාද ? ආදි නොයෙක් ප්‍රශ්න ඇය අසනවා පමණක් නොව මට උපදේශත් අම්බානකට දීමට පටන් අරන් ඇත. ඇය ගැනත් විස්තර කීමට පටන් ගෙන ඇත. ඒ විතරක් නොව, ඇය සමාජීය ප්‍රශ්නත් මා සමඟ කතා කිරීමට පටන් ගෙනය. "කොරෝනා හමුවේ ජන ජීවිතය" මැයෙන් ඈ කතාවක් කරන අතරම මගෙනුත් අදහස් විමසන්න අමතක නොකරන නිසා මට එපා වීය....  මැය පැමිණීමට පෙර සිටම ටී.එම්. ජයරත්න මහත්තයාගේ ලස්සන සිංදු නන්ස්ටොප් එකක් ප්ලේ වීම නිසා ඒ වින්දනය විදිමින් ඒ සංගීතය විදිමින් සිටි මට මේ සංවාදය දැන් එපා වී ය..... ටී.එම්. ජයරත්න මහත්තයාගේ කඩහඩ, ඒ සිංදු වල සංගීතය, පද රචනය මාව සෑම විටම වෙනම ලෝකෙකට ගෙන යෑමට සමත් ය. මට නිදිමතත් දැන් ඇවිත් ය. ලාවට නින්දත් යයි.... ආය ඇහැරෙයි. "ඇති ගෑණියේ ඔය කට පොඩ්ඩක් වහගනින්කො...!" කියා කීමට සිතුනත් මට එය කිරීමට නොහැකි ය. එහෙම සිතුන හැම වෙලාවකම මම සිනා මුහුණ පෙන්නාගෙන ඇය කියන එක අනුමත කිරීමට සේ ඔළුව වැනී ය. මම මාස හයකට අධික කාලයක් කොණ්ඩය වවාගෙන සිටි නිසා හෙන කොණ්ඩයක් ඒ දිනවල තිබිණි... මාස්ක් එක දාගෙන නිසා මාව අදුර ගැනීමටත් බැරිය...  ආය ආය මට නින්ද යන්න ගත් නිසා ඈ මගේ නින්ද ගැන කතා කිරීමට පටන් ගත්තා ය.

"හරියට නින්ද යනවා නේද ?" ඒ ඇය යි.

එවිට මා "ඔව් බෙහෙත් බීලනේ ඉන්නේ. ඒකයි. බෙහෙත් වලට." කියා තවත් බොරුවක් කීය....

එවිට ඈ "බස් වල යනකොට බොන වමනේ පෙතිද ? එව්වනම් බොන්න හොඳ නෑ. නැත්නම් සෙමට වගේ බෙහෙත් බොනවද ? එතකොට තමයි නිදි මත එන්නේ. ඇයි බෙහෙත් මොනවටද බොන්නේ ?" ලෙස කියාගෙන ගොස් ප්‍රශ්නාර්ථ මූණෙන් මා දෙස බලා සිටී ය. 

එවිට මා "කුඩු සික් එකට" කියා කෙටි පිළිතුරක් දුන්නත් ඇයට එය නොතේරුන නිසා ආය මම මෙසේ කී ය...

"කුඩු ගහන්න නැති නිසා සික් වෙලා ඉන්නේ. සික් එකට මේ බෙහෙත් බීලා ඉන්නේ."

ඇය මා දෙසත් මාගේ කොණ්ඩය දෙසත් මගේ ඇදුම් විලාශය දෙසත්, ගිය අවුරුද්දේ උදැල්ලට කෙටී නියපොත්ත ගැලවුන කකුළේ මහපට ඇඟිල්ල දෙසත්, මඩ දූවිලි වලින් සුදු පාට උනු පොල් ගහ ලකුණ බාටා දෙක දෙසත් උඩ සිට පහලට බලාගෙන ගොස් අහක බලා ගත්තේ ය... ආය කතා කරේම නැත. 

මම නිදහසේ නිදා ගෙන ඇහැරී බලන විට ඇය වෙනත් අසුනකට ගොස් ය...

#අකිල


👉 සිංහයෙක් ඇති කරන්න හදන්නේ... 👈


සිංහයෙක් ගෙදරක ඇති කරන්න තහනම් ...

මට මාර ආසයි මගේම කියලා සිංහයෙක් ඇති කරන්න... 

ඒ නිසා මම කල්පනා කරේ, සිංහ ධේනුවක් හොයාගෙන සෙක්ස් කරලා පැටියෙක් ගන්න. (දූශණය කරලා හරි) 

එතකොට අව්ලක් නෑනෙ. එන පැටියා මගේ පුතා..  දරුවගේ තාත්තා මම.  එතකොට නීතියෙන් මට දෙන්නවම බලා ගන්න කියලා භාර කරනවා....

කොහොමද අකිලගෙ ටිකිරි මොළේ 🤗

 ----------------------------------

දන්න සිංහ ධේනුවක් ඉන්නවනම් මෙන්ෂන් කරන්න. නැත්නම් මට ඉන්න තැනක් කියන්න. 

අමතන්න.

#අකිල ට

👉 මාස්ක් එක දා ගන්න.... 👈


කොරෝනා භීශනය තදින්ම තිබු දවස් වල ගමේ සිට සිදාදියට යෑමට මම තරමක් බිය විය.... ඒ කොරෝනා හැදේවි යන සැකයට වඩා වෙනත් හේතුවකි. මට බයක් තිබුණේම, මීඩියා නිසා ය. මීඩියාකාරයෝ නිසා ය. උන් වැහි වැහැලා ය. කැමරා පෝන් එකක් අතේ තියෙන ගංකඹරයෝ සේරම මීඩියා සීන් එකේ ය. ඒ විතරක් නම් කමක් නැත, බලනවට සල්ලි දෙන - සල්ලි දීලා බලව ගන්න ටීවී චැනල් කාරයොත් හැම තැනම ය... 

          ඉතින් කැළෑ ගමේ ඉදන් නගරෙට එන මට අමුතු බියක් තිබිණි. ඒ දවස් වල ටීවි එකෙ පෙන්වන්නෙම,

         "ඒ මාස්ක් එක කෝ ?" 
         "මාස්ක් දාන්නෙ නැද්ද ?"
         "මාසක් තියෙන්නේ නිකටට දාන්නද ?"
         "මාස්ක් එක අපි දාන්නද ?"

වගේ සැර ප්‍රශ්නයක් අහලා, මාස්ක් එක නැති එකාට කට උත්තර නැති වෙන විදිහ වීඩියෝ කරලා ඒක හෙන ලොකු වැඩක් කරා වගේ පෙන්වන එකය... 

       මට බිය තිබුණේ ඇදගෙන ඉන්න කමිසේ පිටින් මාව ටීවි එකේ පෙන්නුවොත් කමිසේ අයිතිකාරයා කොහේ හෝ සිට මේක දැක, මගෙන් කමිසේ ඉල්ලාවි කියලා ය. 

මම කන්න හෝ බොන්න මාස්ක් එක පාත් කරපු වෙලාවක ඔය කැමරාවක් උස්සගෙන එන සෙට් එකක් වීඩියෝ කරන ගමන් මගෙන් ඔය ඉහත කී ප්‍රශ්න ඇසීමට ඉඩ ඇත. මීඩියානම් මීඩියාය. උන් එහෙමය... එහෙම උනොත් එක්කො මම, "අනේ අයියේ ටීවි එකෙ දාන්න එපා" යැයි උන් ඉදිරියේ වැද වැටිය යුතු යි. නැත්නම් උන්ට අල්ලගෙන ගුටි කැටියක් දී වීඩියෝ එක ඩිලිට් කළ යුතු යි. එච්චර කෙලියක් කිරීමට මට බැරිය. මම බස් එකේ යන ගමන් කල්පනා කිරීමට පටන් ගතිමි. බස් එකේ ජනේලයක් ගාව එළිය බලාගෙන සිටීමේදි අදහස් එන්නේ සුළගේ ගසාගෙන ය. මට අදහසක් ආවේ ය.... එය මන්‍තරයකි. එය නියමිත වෙලාවට මැතුරූ පසු වීඩියෝ කරන කෙනා ආය ඕක පබ්ලිෂ් කරන්නේ නැත. අත්දුටු ය... පත්‍යක්ෂ ය... 

ඒ මෙහෙමය... 

ඔය වීඩීයෝ කරන ගමන් "ඒ මාස්ක් එක කෝ ?" වගේ මාස්ක් එක ගැන අහගෙන එනකොටම කැමරාවට හිනා වී ලස්සන පෝස් එක්කට ඇවිත් කැමරාව දිහා බලාගෙනම ශබ්ධ නගා පහත මන්තරය කිව යුතු ය....

"ආ සොරි. ඔය වීඩියෝ කරන කෙනා මාස්ක් දාන්න ඕනි නැද්ද ?" හෝ 

"ඔය වීඩියෝ කරන කෙනාගෙ මාස්ක් එක කෝ ? එයා දාන්නේ නැද්ද ?" කියා පමණි....

(කියා අවසන් වන විටම ඔවුන් මඟහැර පසු පස නොබලා යෑමට වගබලා ගත යුතු ය...)

#අකිල

👉 බුදු දහම බේර ගන්න ඕනිද ? 👈


මේ බෞද්ධ ආගමට ගරහන අවජාතකයින්ට තරු පේන්න වැඩක් කරමු මචන්... බුද්ධාගමට ගරහන ක්‍රිස්තියානි මුස්ලිම් වගේ අන්‍යාගමික අවජාතකයින්ට හොඳ පාඩමක් උගන්නමු මචන්.

බුදු දහම ආරක්ෂා කර ගැනීමටනම් ළමයින් මහණ කළ යුතුයි කියන මගේ ආදරණීය බෞද්ධ මිතුරන්ටයි මම මේ කතා කරන්නේ.... ඒ වගේම, ළමයින් මහණ කිරීම තමයි ඒ ළමයින් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොඳම දේ කියා සිතන උතුම් බුද්ධිමත් බෞද්ධ මිතුරන්ටයි මේ ආරාධනය, යෝජනාව කරන්නෙ.....

ඔයාලගේ මතේ හරි කියලා ඔප්පු කරමු මචන් අපි.. ඔයාලගේ ළමයි සේරම මහණ කරලා පොටෝ එකක් දාපන් මචන්... උඹට ළමයි නැද්ද 🙄 (හදා ගන්නත් එපා මචන් ප්ලීස්.මට කතා කරපන්)

උඹගේ පව්ලේ උන්ට ළමයි ඉන්නවනෙ. මේ දේවල් පවුලේ හැම නෑයෙක්ටම තේරුම් කරලා සේරම ළමයි මහණ කරපන් මචන්...

උඹලගේ ගමේ හැමෝම ළමයින්වත් බේර ගනින් මචන්... උන් සේරම දෙනාවත් මහණ කරපන් මචන්.... 

ප්ලීස් මචන්. එහෙම කරලා මේ බුදු දහම බේර ගනින් මචන්. උඹලට විතරයි ඒක කරන්න පුළුවන්. උඹලා තමයි මේ බුදු දහම බේර ගන්න ඉපදිලා තියෙන්නෙ මචන්... උඹලා මම අපි දිව්‍යලෝකයේ ඉදන් එන්න ඇත්තේ මේ බුදු දහම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ළමයි මහණ කිරීමට මචන්... මට උඹව විශ්වාසයි.... උඹ මාව විශ්වාස කරපන්...

ළමයි මහණ කරන එක හරි කියන හැමෝගෙන්ම මම මේ ඉල්ලන්නේ මචන්. අපි කොහොම හරි බුදු දහම බේර ගමු. 

මම කසාද බැදල නෑ මචන්. ඒත් මට පුළුවන් උඹලට ළමයි හදන්න උදව් කරන්න මචන්. මම කිසිම රාගික සිතක් නැතුව උතුම් චේතනාවෙන් මේ කියන්නෙ මචන්.... මම දිනපතා ස්වයං වින්දනයෙන් අහක දාන ශුක්‍රාණු වලින් වැඩක් ගමු මචන්.... උඹ මං වගේ මේ බුදු දහම ආරක්ෂා කරන්න ඉපදුන අපි රාගයෙන් තොරව ළමයි හදමු මචන්.... උඹගේ ගෑණිට තේරුම් කරපන් මචන්.. උඹේ පෙම්වතියට තේරුම් කරපන් මචන්. ඒ උතුම් සත්ක්‍රියාවට උදව් වී කුසල් රැස් කර ගැනීමට මටත් අවස්ථාවක් ලබා දියන් මචන්. පිං අතේ වැඩකට උදව් කරත් පිං සිද්ධ වෙනවනෙ මචන්...  ගෑණි, පෙම්වතිය කැමතිනම් මට කතා කරපන් මචන්.. ප්ලීස්...

මේක කියවන උඹ බුදු දහම රැක ගැනීමට ළමයින් මහණ කිරීම සිදු කළ යුතු යැයි සිතන උපාසිකාවක්නම් අපි ළමයි හදමු මචන්. සැමියට පෙම්වතාට තේරුම් කරන්න බැරිනම් හොරෙන් හරි අපි ළමයි හදමු මචන්. සාසනේ වෙනුවෙන් මම රහස් රකිනවා මචන්... මට කතා කරපන්. අපි හදලා හදලා හදලා පංසල් වලට ගිහින් දාමු මචන්. උන් මහණ කරමු. මේ උතුම් සාසනේ වෙනුවෙන් අපි එහෙම කරමු මචන්. මම මේ උතුම් සාසනේ රැක ගැනීමට ළමයි හදන්න ඕනි තැනකට එන්නම් මචන්... මේ උතුම් ශාසනේ දියුණුව වෙනුවෙන් අපි එකතු වෙන ඕනිම හෝටල් කාමරයකට යන මුදල බුදු දහම වෙනුවෙන් මම දරන්නම් මචන්.. අපි ළමයි හදමු. මහණ කරමු... උතුම් සාසනේ රැක ගමු... ළමයින්ට හොඳම දේ දෙමු...

            මේ උතුම් සාසනේ වෙනුවෙන් වගේම අහිංසක ළමයින් වෙනුවෙන් මම මේ කැපකිරීම කරන්නෙ මචන්. මේ වැඩේ නිසා මගේ පෙම්වතිය පවා කැප කරන්න උනත් මම පසුබට වෙන්නෙ නෑ මචන්.... බොහෝවිට මේ පෝස්ට් එකෙන් පස්සේ පෙම්වතියක් ජීවිතේ ට සෙට් වෙන්නෙත් නැති වෙයි මචන්... ඒත් කමක් නෑ මට හිතේ සතුට තියෙනවනෙ. මං දන්නවා බුද්ධ සාසනේ දියුණුව වගේම පරලොව සැපත ගැන හිතන උඹලා මගෙත් එක්ක එකතු වෙනවා කියලා..... 

       බුදු දහම ආරක්ෂා කරන්න ඕනි නිසා සක්‍ර දේවේන්ද්‍රයා තමයි මට මෙහෙම කරන්න කීවේ මචන්. මගේ ජීවිතේ පරදුවට තියලා හරි මම එ ළමයි හදන එක කරනවා මචන්. මගේ එකම අරමුණ ළමයි 1000ක් හදා සාසනේට බාර කිරීමයි මචන්. උඹලගේ පරලොව සැපත වෙනුවෙන් මට ඒකට උදව් කරන්න දෙපාරක් හිතන්න එපා මචන්....
 
ඉතින් ළමයි හදමු... මහණ කරමු....! 

බුදු සරණයි. තෙරුවන් සරණයි. විප්ලවයට ජය වේවා... 

ඉන්බොක්ස් අමතන්න 
දු.ක. අමතන්න - 071 916 $$$$ 
(විහිළුවට නොගන්න)

(බුදු දහම වෙනුවෙන් මේක ශෙයා කරන්නත් අමතක කරන්න එපා මචන්... උඹලගේ සාසනේ දියුණුව වෙනුවෙන් වගේම මගේ පිංවන්ත උත්සහයට උදව්වක් ලෙස මෙය ශෙයා කරහන් මචන්... 🙏 ඒ වගේම බුදු දහම ආරක්ෂා කිරීමට හා ළමයින්ට හොඳම දේ විදිහට ළමයි මහණ කිරීම සිදු කළ යුතු යැයි සිතන අයටත් මෙය පෙන්නලා මාව සම්බන්ධ කරපන් මචන්... පිනක් කර ගන්න තියෙන අවස්ථාවක්. 🙏)

ජීවත්ව ඉන්න කෙටි කාලයේදි මේ වගේ පෝස්ට් එකක් ශෙයා කරල හරි පිනක් කර ගනිල්ලා 

#ඉන්නඉන්නහිකෙනරටක්

#අකිල

👉 මෙහෙව් ඒවා බලු වැඩය. මෙහෙව් ඒවට හුරේ දමන්නෙත් බලු කමටය.. 👈


ඇගේ කැමැත්ත අකමැත්ත නොදනිමි. 

නිවනට යන එක හොඳය...එහෙත් මෙහෙව් ඒවා බලු වැඩය. මෙහෙව් ඒවට හුරේ දමන්නෙත් බලු කමටය.. මට හිතෙන්නේ එහෙමය. 

පොඩි වයසට මොනවා තේරෙනවා කියලාද..? 

මහණ කැර ගැනීමට හෝ මෙහෙණි සසුන්ගත කරගැනීමේ අවම වයස, අවුරුදු 18ක් ලෙසවත් නීතිගත කළ යුතුය.

නොමැති නම්, විවාහ වීමට සහ මත්ද්‍ර්‍යව්‍ය ලබාගැනීමට හැකි අවම වයස් සීමා වන අවුරුදු 18 සහ 21 තවත් පහළට දැමිය යුතුය.

අවසානයේ මේ දරුවකුට/ දැරියකට වරදක් වූ විට බලන්නට කෙනෙක් නැතිය.
බැලුවත්, අස්සයා පිට වූ පසු ඉස්තාලය වසා දමා පලක් නැත. 

අප ජීවත් වන්නේ රජකාලයේ හෝ පැරණි සියවසක නොවේ.
දැන් ලෝකය වෙනස්‍ ය. සියලු දේ අප්ඩේට් විය යුතුය. ආගමටත් එය එසේය.

දෙමාපිය රැකවණය අහිමි හෝ දෙමාපියන්ට නඩත්තු කල නොහැකි දරුවන් රජය මගින් රැකවණය ලබා දී සමාජගත කිරීමේ නිශ්චිත ක්‍රමෝපායන් ඇති කල යුතුය. 

පසුව ඔවුන්ගේ ගමන් මග ඔවුන්ට තෝරාගත හැකිය.

සෙල්ලම් ළමා කාලය, නිදහසේ අධ්‍යාපනය ලැබිය යුතු කාලය සිවුරට හෝ කුමන හෝ පූජක වස්ත්‍රයකට සීමා කිරීම තරයේ හෙළා දකිමි. 

මම බෞද්ධාගමික වීමෙන් මට වැඩක් නැත. 
මම මෙය දකින්නේ මනුශ්‍යයෙකු, ස්ත්‍රියක හෝ දරුවෙකු යන තැන සිටගෙනය. 

දැන් කුනුහර්ප කතා දොඩාගෙන එන්නට එපාය. එසේ වූවොත් තොපිට වැඩිය කුනුහර්ප කියන්ට මම දන්නවාය. තොපිට ආගම ලොකු නම් සියල්ල අතහැර ගොස් මහන වෙයල්ලාය..

මේවා රෙද්දේ බලු වැඩය.
මට හිතෙන්නේම එහෙමය.
එය මගේ පව්කාරකම නම්, මෙය හොඳැයි කියනා තොපේ රෙද්දේ සීලයට වඩා මගේ පව්කාරකම මට වටනේය. 

(මා සිල්වත් දැරියක යැයි කියා වරක් මා කුඩා කලදී මහණ කැරගැනීමට ඉල්ලුවා මට මතකය. මගේ අම්මා තදින් විරුද්ධ විණි. "ඔයාව දුන්නොත් තාත්තගෙ හුස්ම යයි" අම්මා කීවේ එහෙමය. වෙලාවට අපේ අම්මාට සතර වරිගයම නිවනින් එතෙර කරන්නට ආශාවක් තිබුනේ නැත. නොඑසේනම් මට සිදුවිය හැකිව තිබුණු ගැහැට සහ අතවරයන් ගැන මට සිතාගැනීමටවත් නොහැකිය. )

- මේ ඝා - 

මේ ලියවිල්ල මේඝාගේයි.. මේ සම්බන්ධ මගෙ සත දෙක පහළින් සටහන් කරමි.

ළමයි කියන්නෙ ළමයින්ට. සියුරක් කියන රෙද්දක් ඇන්දුවා කියලා ඒ ළමයින්ගේ ළමා මනස නැති වෙන්නෙ නෑ. ළමයෙක්ට ළමයෙක් වගේ ජිවත් වෙන්න දෙන්න. උඹලා දකින ඔය ෆැන්ටසි කතාවල තියෙන, (උඩ දාගෙන බලන සිදූ වගේ) ජීවිත නෙවේ පංසල් වල තියෙන්නේ.. සිදූ එකෙන් බලලා ශාසනේ ගැනවත්, පංසල් ගැනවත්, ලොකු හාමුදුරුවන්ගේ, ඇබිත්තයගේ හැසිරීම ගැනවත්, පොඩි හාමුදුරුවන් ගේ ආශාවන් ගැනවත් මනින්න යන්න එපා. (තව කියන්න එන්න එපා ළමයින්ගේ ආසාවට මහණ කරන්නෙ කියන ගොන් කතාවනම්. ආයෙත් කියන්නෙ ළමයෙක් කියන්නෙ ළමයෙක්ට. ඌට ආසයි කියලා අරක්කු සිගරට් බොන්න බැරිනම් කසාද බදින්න බැරිනම් ඒ පොඩි එකාගේ ආසාවට කියලා පංසලේ හාමුදුරුවන් ට කසාද බන්දලා දෙන්නත් එපා. ලිංගික අපයෝජනය නීතියේ පැහැදිලි කරන්නෙ කොහොමද කියලා බලපල්ලකො හොයලා)

             හෙනම දාර්ශනික දහමක් නේද ඕක. 

"සබ්බෙ තසන්ති දණ්ඩස්ස"
"සබ්බෙ භායන්ති මච්චුනො"
"අත්තානං උපමං කත්වා"
"න හනෙය්‍ය න ඝාතයෙ."

      තමන් උපමා කොට අනුන්ට පිහිට වෙන්න කියන ආගමක උන් නේද හුඟාක්ම මේ තමන්ගේ ළමයා මහණ කරන්න අකමැති ව අනුන්ගේ ළමයි මහණ කරන එක දිරිමත් කරන්න හදන්නෙ... 

    තමන් උපමා කොට අනුන්ට පිහිට වෙන්න කියන ආගමක උන් නේද මේ තමන්ගේ රෙද්දේ ආශාවන් වෙනුවෙන් ළමයින්ගේ ජීවිතේ කැප කරන්න කියන්නෙ (ශාසනේ දියුණුවට ළමයි මහණ කරන්නේ කියන උන්ට මේ කියන්නෙ) ටිපිටිප් චොකලට් කන්න ආස පොඩි උන් මහණ කරලා තමයි උඹලගේ ඔය ශාසනේ දියුණු කරන්න හිතාගෙන ඉන්නෙ. ඉතින් දියුණු වෙයිද කියලා හිතපල්ලකො. ඔය පොඩි කාලේ ටොපි චොකලට් කන උන් තමා ටික කාලෙකින් පෝන් එකක් අරගෙන ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන කෙල්ලොන්ගෙ කුක්කු ඉල්ලන්නෙ.(පොඩි කමට)  නිකමට තෙර හරි හිමි හරි කියලා සර්ච් කරලා බලපල්ලකො එන එකවුන්ට් වල ඉන්න පොඩි හාමුදුරුවන් ගෙ එකවුන්ට් කොහොමද කියලා....

          ලකේ පංකාවේ ගොඩාක් ඉන්න උන්ට ඕනි තමන්ගේ ජීවිතේ ආතල් එක ගන්න. තමන් හෙන පිං කරනවා කියන ආතල් එක ගන්න. "අපි හැමදාම දානේ ගෙනියනවා." "පොඩි හාමුදුරුවරු අපි ගාවට දුවගෙන එනවා" "අපිත් චොකලට් ගෙනියනවා." "අපිත් ගෙනියනවා.." අපිත්.. අපිත්.. අපිත්...... 

         ඕන්න බලාපන් මේ වගෙ පොඩි උන් මහණ කරන පෝස්ට් ආඩම්බරෙන් ශෙයා කරන උපාසක අවධාන ගණිකාවෝ ඊළඟට කරන්නෙ පිරිවෙනකට ඉන්න පොඩි උන් සෙට් එක්කට ටොපී චොකලට් ටිපිටිප් ගිහින් දීලා සෙල්ෆියක් ගහලා අපි මේම කරා මේම කරා, අන්න්න්හෙහ්හ් එයාලගෙ සතුට දැක්කාම අපි මෙව්වා උනා වගේ  කියලා මේකේ හැමනෙන එක නෙවේද කියලා...
           (කාලයක් ගිහින් පොඩි හාමුදුරුවෝ සතුටු කරන්න අරක්කු බෝතලයක්, සිගරට් පැකට් එකක් ගෙනිහින් දෙන්නත් ඉඩ තියෙනවා මේ බෞද්ධ කියාගන්න මෝඩ කාළකණ්නි)

      ඒක හරියට මට පේන්නෙ කූඩු කරලා ඉන්න සතෙක්ට කන්න ගිහින් දීලා ගන්න ආතල් එකක් වගේ. බලු කපුටු දාන දීලා ආතල් එකක් ගන්නවා වගේ. මාළු ටැංකියක ඉන්න මාළුන්ට කෑම දාලා ගන්න ආතල් එකක් වගේ... පංසල් වල ඔය පොඩි පොඩි ළමයි සියුරු ඇදගෙන නැති උනාම උන්ට ඒ දානේ දෙනවා කියන ඒ ආතල් එක නැති වෙනවනෙ. ඉතින් පොඩි උන් මහණ කරන්නම ඕනි උන්ගේ කාළකණ්නි ආතල් එක ගන්න. 
         
          පංසල් ආරාම ඇතුලෙ ළමා අපචාර කොච්චර තියෙනවා ද කියලා දැන ගන්න උන් කවදාවත් හොයලා බලන්න කැමති නෑ... කවදාවත් අර පොඩි උන්ට වෙන කරදර ගැන හිතන්නෙ නෑ.මොකද උන්ට ඕනි බඩගින්නේ ඉන්න සතෙක්ට කෑම දාලා ඌ ඒක ආසාවෙන් කනවා බලාගෙන ඉදලා ගෙදර එන්න. එච්චරයි. හරියට සත්තු වත්ත බලන්න යනවා වගේ. ඒ මොහොතේ ආතල් එක අරගෙන උන්ට ගෙදර එන්න තිබ්බාම ඇති. ඒ සතාගේ ජීවිතේ ගැන උන්ට කිසිම අව්ලක් නෑ... උන්ගේ මොහොතක ආතල් එක ගන්න තිබ්බාම ඇති. මේ ලෝකේ අනාථයෝ අසරණයෝ නැති වෙනවට උන් කැමති නෑ... එහෙම උනොත් උන්ගේ ජීවිත වල තියෙන කාළකණ්නි ගතිය නැති කර ගන්න උන් පාවිච්චි කරන ඒ මොහොතක ආතල් එක ගන්න වෙන්නෙ නෑ..

      මේක කිව්ව ගමන් උන් කියන්නෙ මේ අපිට තියෙන්නේ බෞද්ධ ආගමක් එක්ක ප්‍රශ්නයක්, තරහක් කියලා. ‍යකෝ මටනම් තියෙන එකම තරහා අවුරුදු 21 මේ රෙද්දේ ආගම අදහන මෝඩයෝ එක්ක ඉන්න උන එක. ඔය මහා උපාසක අවධාන ගණිකාවොන්ට සහතික වෙන්න පුළුවන් ද ලිංගික හිරිහැර මේ පොඩි උන්ට වෙන්නෙ නෑ කියලා...  උන්ට සහතික වෙන්න පුළුවන් ද ළමයෙකුට දරන්න බැරි දේවල් සියුරු අස්සේ හැංගිලා ඉන්න පෙරේතයෝ කරන්නෙ නෑ කියලා... උන්ට සහතික වෙන්න පුළුවන් ද පංසල් වල ඉන්න හැම එකාම මාර හොද උන් කියලා... බෑ.. ඒත් උන් හිතන්න පුරුදු වෙලා ඉන්නෙ, සියුරක් ඇන්දාම අම්මටසිරි වෙන පොරක් වෙලා රහතන් වහන්සේ කෙනෙක් වෙලා ඉන්නෙ කියලා... ඉදකින් ඉතින්. උන්ට ආයෙම ආයෙම මේ ගැන කියන්න වෙන එකත් ලැජ්ජාවක්...

#ඉන්නඉන්නටහිකෙනරටක්

#අකිල

👉 සෙල්ෆි 👈


ඔබ දන්නවද... 

ඔය සෙල්ෆි කියන වචනේ ලෝකෙට ගියේ ශ්‍රී ලංකාවෙන් බව.

තම තමන්ගේ පොයිය කෙලීමට භාවිතා කළ සෙල්ලිපි නවීකරණය වීමෙන් සෙල්ෆි ලොවට හදුන්වා දී ඇත.

පැරැන්නන් අනාගතය වෙනුවෙන් පොයිය කෙලීමට සෙල්ලිෆි භාවිත කිරීම සිදු කළ අතර වර්ථමානයේ මිනිසුන් අනාගතය වෙනුවෙන් පොයිය කෙලීමට සෙල්ෆි භාවිත කරයි...

එනම්,
ඉතිහාසයේ සෙල්ලිපි වලින් කරපු පොයිය කෙලීම වර්ථමානයේ සෙල්ෆි මඟින් සිදු කරයි.....

අසාසිටි ඔබ සැමට,
ස්කෝතුයි...

මීට,
#අකිල

FEELING IN #බොන්නැතුවත්වෙරි

👉 ජීවිතේ සැනසීම තියෙන්නේ මේ රඟපාන එක නතර කරන එකේ නෙවේද ? 👈


මේ ලියවිල්ල ලියන මොහොතේදි මා මානසික ආතතියෙන් පෙලෙනවාදැයි මා නොදනිමි. මානසික ආතතිය පිළිබද මා දන්නා බොහෝ කරුණු වලට අනුව බොහෝවිට මේ මානසික ආතතිය විය හැකියි සිතමි....

         මේ මොහොතට හේතුවක් නොදනිමි. මේ මොහොතේදි කිසි අරමුණක් නැත... බලාපොරොත්තුවක් නැත... දුශ්ඨයෙක් නැත... සටනක් නැත.. මම සටන අත ඇරලා ඉන්න බවයි දැනෙන්නේ.... මට අදුරෙන්වත් එළියෙන්වත් වැඩක් නැත... මට බඩගිනි වෙන්නේ නැත. නිදිමත වෙන්නෙ නැත.... කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නැත.... මේ තත්ත්වය ආතතිය නොවේද ?

         මට ඕනි උනේ මගෙ ඇතුලාන්තයේ නිවීම හොයාගන්න. ඇතුලාන්තයේ සැනසීම හොයා ගන්න. සැනසීම වෙනුවෙන් මම කරේ හිතන්න ගත්තු එක.. හිතාගෙන හිතාගෙන යනකොට මට ප්‍රශ්න එනවා... මම ඒවට උත්තර කල්පනා කරනවා. ප්‍රශ්න උත්තර එක්ක මම අතරමං වෙනවා. කාලය යනවා දැනෙන්නේ නෑ. නින්ද යන්නේ නෑ... පැය ගානක් මම හිතන එකයි කරලා තියෙන්නේ... ප්‍රශ්න වලදි උත්තර නිවැරැදි ම උත්තර වීමටනම් මා අවංක විය යුතුයි මම හිතනවා. එතකොට මගේ පළවෙනි ප්‍රශ්නය එනවා..  

               මම අවංකද ? මම ඇත්තටම අවංක මනුස්සයෙක් ද ? අනිත් අයට කෙසේ වෙතත් මම මට අවංකද ? මට පුළුවන් ද කණ්නාඩියක් ගාවට ගිහින් මගේ හෘද ශාක්ෂියට එකඟව මම අවංකයි කියලා කියන්න.....? මම හොඳ යහපත් අයෙකු කියා කියන්න.. ? මට ආය හිතෙනවා... අවංකනම් මට ඇයි මූණවල් ගොඩාක්... අවංකනම්, මගේ සැබෑ ස්වරූපය එළියට පෙන්වනවනම් මම කොහොමද හොඳ මිනිහෙක් විදිහට සමාජේ පිළිගැනීමට ලක් වෙන්නේ ? කොහොමද අනිත් අය මට ආදරේ කරන්නේ ?

       මට ආය ප්‍රශ්නයක් එනවා... මම ආදරය කරනවද ? කරන්න දන්නවද...? මම මගේ පෙම්වතියට ආදරෙයිද ? මම ඇයට කරන්නෙ ආදරයද ? මම එයා හිතාගෙන ඉන්න කෙනා නෙවෙයි කියලා හොඳටම දැන දැන ඇයට වෙනස්ම චරිතයක් පෙන්වීමේ තියෙන්නේ ආදරයද ? මට අවශ්‍ය ඇය සතුටින් සිටීම උනත්, ඇයගේ සතුට ගැන මම හිතන එක ආදරයද ? ඒත් ඒ වෙනුවෙන් මම ඇයට බොරු කරන එක සාධාරණද ? ඇයට කොපමණ බොරු කර ඇත්ද... ? ඒ බොරු මතක් වෙනකොට මට මං ගැනම ඇතිවෙන පිළිකුලෙන් මිදෙන්නේ කොහොමද ? ඇයගේ සතුට වෙනුවෙන් මම මවාපෑම් කරන එක ආදරයද ? මම රඟපානවා වගේ. ඔව් මම රඟපානවා. මම නළුවෙක් වගේ. තැනෙන් තැනට මම චරිතේ මාරු කරනවා... මම වෙස්වලා ගන්නවා. කටහඩ වෙනස් කරනවා. හැසිරීම වෙනස් කරනවා... හැගීම් වෙනස් කරනවා. මම එකිනෙකා රවට්ටනවා. ඒ එක්කම මාවත් රවට්ට ගන්නවා මම කරන්නේ ඇත්තක් කියලා.... 
       
               මට ආයම හිතෙනවා... මම අම්මට තාත්තාට ආදරෙයිද ? මේ ලෝකේ ඉන්න හොඳම අම්මා තාත්තා ඉන්නේ මටද ? එයාලා ඇත්තටම හොඳම අයද ? එතකොට මම එයාලට පෙන්වන මූණ ඇත්ත එකක්ද ? මම එයාලගෙ හොඳම පුතාද ? නෑ මම එයාලා ඉස්සරහත් රඟපානවා. මම නළුවෙක්... රඟපාලා එයාලා රවට්ටන ගමන් මම මාවත් රවට්ට ගන්නවා. මගේ අම්මයි තාත්තායි තමා ලෝකේ හොදම අම්මයි තාත්තායි කියලා..... මම ආය ආය මාව රවට්ට ගන්නවා. මම නළුවෙක් වගේ. තැනෙන් තැනට මම චරිතේ මාරු කරනවා... මම වෙස්වලා ගන්නවා. කටහඩ වෙනස් කරනවා. හැසිරීම වෙනස් කරනවා... හැගීම් වෙනස් කරනවා. මම එකිනෙකා රවට්ටනවා. ඒ එක්කම මාවත් රවට්ට ගන්නවා මම කරන්නේ ඇත්තක් කියලා....  මම ආදරෙයි කියලා මම හිතනවා... එතකොට ආදරය කියන කාරණය රඟපෑමකින් බිහි කරන අතුරු ඵලයක්ද ? තමන්වත් රවට්ටගෙන අනුන්වත් රවට්ටන රඟපෑමක්ද ?

          මට ආයම හිතෙනවා. මම වැඩ කරන තැන හොඳම තැනද ? මගේ බොස් ලෝකේ හොඳම බොස්ද ? අනිත් ධනපතියන් වගේම මොහුත් කරන්නේ අපගෙ මහන්සිය හූරා කන එක නෙවේද ? ඔහු ඇත්තටම කැමති ද ඔහුගේ සේවකයින් දියුණු වෙනවට ? එහෙම දියුණු උනොත් ඔහුගේ ආයතනයේ වැඩ කරන්න සේවකයින් කොහෙන්ද ? එතකොට මගේ මිතුරන් ඇත්තටම හොඳ අයද ? පණ උනත් දෙන්න කතා කරාට එහෙම පුළුවන් ද ? ඔවුන්ගේ ජීවිතේ මා වෙනුවෙන් දෙන්න හදන්නේ බලාපොරොත්තුවක් නැතුවද ? කොපමණ මිත්‍රයෙක් උවත් මගේ බිරිදගේ නිරුවත් දර්ශණයක් දැකීමට ඔවුන් තුල ආසාවක් නැද්ද ? එවැනි දර්ශණයකින් ඔවුන්ව ලිංගික උද්දීපනයකට පත් කරන්නේ නැද්ද ? මම ඔවුන් ඉදිරියේ රඟපානවා සේම ඔවුනුත් මා ඉදිරියේ රඟපානවා නොවේද ? මට ආයෙත් හිතෙනවා. මම නළුවෙක්. මම රඟපානවා. ඒ විතරක් නෙවේ, උනුත් නළුවෝ. උනුත් රඟපානවා.... මම වගේම තැනෙන් තැනට චරිතේ මාරු කරනවා... වෙස්වලා ගන්නවා. කටහඩ වෙනස් කරනවා. හැසිරීම වෙනස් කරනවා... හැගීම් වෙනස් කරනවා. එකිනෙකා රවට්ටනවා. ඒ එක්කම උන්වත් රවට්ට ගන්නවා උන් කරන්නේ ඇත්තක් කියලා....  එතකොට මේ ලෝකේ තියෙන සෑම බැදීමක්ම තමන්වත් රවට්ටගෙන අනුන්වත් රවට්ටන රඟපෑමක්ද ?

          මට ආය මතක් වෙනවා සංජය ශ්‍රීකාන්ත්ගේ ලිපියක කියවපු දෙයක්... "තමාව පහතට හෙළා ගන්නෙ නැති, කණ්ණාඩියෙන් බැලුවම තමා ගැන පිළිකුලක් ඇති වෙන්නැති මනුස්සයෙක්ට අවංකව ලෝකෙ ගැන හිතන මනුස්සයෙක් වෙන්න බෑ" කියන කාරණය...

ඒ වගේම මට මතක් වෙනවා, "Can someone who is self-conscious have any degree of self-esteem?" ("තමන්ගේ ස්වභාවය ගැන හරි හැටි අවබෝධයක් ඇති කෙනෙකුට තමන් ගැන ආත්මාභිමානයක් තබා ගන්න පුළුවන් වේවිද...?") කියන ප්‍රශ්ණය...

           මම ආය කල්පනා කරනවා. එතකොට එහෙම අය නැද්ද ? මට එතකොට මතක් වෙන්නේ ගොඩාක් සිල්වත් හැසිරීම් පෙන්වන අය..  නිතරම සිල් ගන්න සෝමා අත්තම්මා, අපේ ලොකු අම්මා, පිරිත් ගෙවල් වල පිරිත් කියන පිරිත් නඩේ... එයාලා එහෙම හැසිරෙන්නේ එයාලවත් රවට්ටගෙනද ? එයාලා තමන්වත් රවට්ටගෙන අනුන්වත් රවට්ටන්නේ ඇයි ? එයාලා රැවටිලා ඉන්නේ කාටද ?
                  
                   මට මතක් වෙන්නේ මම පොඩි කාලේ ඉදන් මට උගන්නපු ආගම. බුද්ධාගම. බුදුන් ගැන මට හිතෙනවා. බුදුන් අවංකද ? ඔහු ඇත්තටම හොඳ මනුස්සයෙක්ද ? ඔහු මනුස්සයෙක්ද ? දෙවියෙක්ද ? මනුස්සයෙක් නොවන නිසාද පස් මහ බැලුම් බැලුවේ ? බුදුන් සියල්ල අත හැරියද ? මමත් සියල්ල අත ඇරියොත් මමත් බුදු වෙයිද ? එහෙම නැත්නම් රහත් වෙන්නවත් සෝවන් වෙන්නවත් පුළුවන් වෙයිද ? මට මොනවාද තියෙන්නේ අත අරින්න ? මට සියල්ල අත ඇරලා බලාපොරොත්තු නැති කරලා, කිසි දෙයක් ගණන් නොගන්නා තැනට එන්න පුළුවන් ද ? එහෙම පුළුවන් උනොත් මම ඒ ගැන හැමෝටම කියව කියව යන්න ඕනිද ? සියල්ල අත ඇරලා මම අම්මව තාත්තාව මගේ යාළුවන්ව, දුක් විදින ජනතාව හොයාගෙන යන්න ඕනිද ?  ඒ ගැන කියන්න යන්න ඕනිද ? එතකොට මොකද්ද මම අත ඇරලා තියෙන්නේ ? එතකොට බුදුන් කරලා තියෙන්නේ බොරුවක්ද ? සියල්ල අත ඇරියා අත ඇරියා කිය කිය, අනිත් අයටත් සියල්ල අත අරින්න කිය කිය, ඇයි ධර්ම ප්‍රචාරයේ ගියේ ? ඇයි අනිත් අය ගැන හිතුවේ ? ඇයි අංගුලිමාල වගේ අය වෙනුවෙන් දිව්වේ මහන්සි උනේ ? ඇයි ක්ෂණයකින් වැඩියේ ? බුදුන් කරෙත් රඟපෑමක්ද ? හරියට දේශපාලනික ක්‍රියාවලියක් වගේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න මහන්සි උනේ ඇයි ? තුන් බෑ ජටිලයෝ ගාවට ගියේ ඇයි, ලංකාවට වැඩියේ ඇයි ? සියල්ල අත ඇරපු කෙනෙක්ට සටනක් ඇයි ?  නන්ද කුමාරයට ජනපද කළ්‍යාණි හා වැදිරියක් මවා පෑවේ ඇයි.... බලය අනිසි විදිහට පාවිච්චි කරා නෙවේද ඒ ? ඒකට කියන්නේ මෝහනය කියලා නෙවෙයිද ?  මන්දා මට තේරෙන්නෙ නෑ... මට ස්ට්‍රෙස් නිසාද මෙහෙම හිතෙන්නෙ ? මට විතරද ස්ට්‍රෙස් එතකොට ? බුදුන් කරෙත් රඟපාන එකනම් මම කරන්නෙත් රඟපාන එකනම් අනිත් අය කරන්නේ රඟපෑමක් නොවන්නෙ කොහොමද ? 

            මට ආය හිතෙනවා, අනිත් අයට ඒ ගැන හිතෙන්නෙ නැත්තේ මොකද ? මම හිතන එකේද ගැටළුව ? මට හිතෙන ඒවා වැරදිද ? මම ස්ට්‍රේස් නිසා විකාර කියවනවද ? 

          ජීවිතේ සැනසීම තියෙන්නේ මේ රඟපාන එක නතර කරන එකේ නෙවේද ? මට හිතෙන්නෙම එහෙම. මම හිතන්නේ මේ අසීමිත විවිධාකාර රඟපෑම් නතර කළ යුතුයි කියාය... ඒ ගැන හොඳින්ම දැන දැනත් ඇයි මට මේ රඟපෑම් නතර කරන්න දෙන්නේ නැත්තේ ? ඇයි මට මේ රඟපෑම් නවත්වන්න බැරි ?...............

මම තවත්, තව තවත් හිතනවා... 

#අකිල

👉 සහරාන් හා හමීඩ් 👈


71දී අපි මිනි මැරුවෙමු. ඒ කවුද කියා මා මෙහි කියන්නේ නැතිය. එය කිව්වොත්  උඹ ඒවා දැක්කාද කියා අහන්නට බැරි නැත. එහෙත් අපේ තාත්තා මුහුණ දුන් අත්දැකීම් බොහොමයක් මට කියා ඇත.

දඹුල්ල කුරුනෑගල පාරේ ඇති පාලමකට චේගුවේරා කාරයෝ යැයි කියා ගන්නා පිරිසක් ගිනි තියන්නේය. උන් ගිය පසු පාලම මායිමේ ඉන්නා කඩයක අයියා මලයෝ දෙදෙනා පැමිණ බාල්දි වලින් වතුර ඇද ගින්න නිමමින් සිටින්න්නේය. ජීප්පුවක් පැමණ උන් දෙදෙනාට වෙඩි තබා මරන්නේය.

83 ජූලියක් ආවේය. බස් එකේ ගිය අහිංසක දෙමලා බිමට ඇද කීතු කලේය. යාපනේ පුස්තකාලය ගිනි තැබීය. අහිංසක සිංහලයාද මැරුනේය.

88/89 ආවේය.  දරුවන් වෙනුවෙන්   දෙමාපියන් මැරුම් කෑවේය. ඉස්කෝල ලමයින්ද මැරුම් කෑවේය. හන්දියේ සිටි බල්ලෝ මිනිමස් කන්නට පුරුදු විය. තල්පොත හන්දියේ මිනිස් අත පය ඇදගෙන දුවන බල්ලෝ මා දෙඇසින් දැක ඇත්තේය. මිනිසත්කම බල්ලො කෑවේය.

තිස් වසරක තිරිසන් යුද්ධයකට අපි මැදි වුනේය.  LTTE තිරිසන් යක්කු බඩ දරු අම්මාගේ බඩ පලා ළමයා වැටේ ගැසුවේය. පල්ලියගොඩැල්ල මුස්ලිම් පල්ලියේ දෙවියන් යදිමින් සිටි මිනිසුන් මැරීමෙන් අපේ ගම සලිත විය. ජය සිරි මහා බෝ පාමුල සුදු වත ලෙයින් තෙත් විය. අරන්තලාවේ ස්වාමින්වහන්සේලා කඩු පහරට බිලි විය. ලියා ඉවර කරන්නට බැරිය.

සාමයෙන් සිටි අපිව සහරාන් ඇවිත් සමාදානයේ සැතපුවේය. සිය ගනනක් එක් පැයකින් දෙව් තුරුලට යවා ඌ අපාගත විය. 

මේ හැම විටකදීම අපි ඔය එකී මෙකී නොකී හැම එකාගේම  හත්මුතු  පරම්පරා වලටම දෙස් දෙවොල් තැබුවෙමුය. 88/89 කාලේ ඒ සිද්ධි වලට ගෑවුන එකාගේ බාප්පාගේ පුංචි අම්මාගේ කලින් කසාදේ ලමයාගේ පන්තියේ එකාටද වයිර කලෝය.

ප්‍රභාකරන් එහේ මරද්දී මෙහේ වැඩකාරිට රැව්වේය. දෙමළා පරයා වුනේය.

සහරාන්ද ලෙසටම හැමෝටම කෙලවූයේය. තොප්පිය දා ගත් හැම එකා දෙසම සිංහලයා සැකයෙන් බැලුවේය. පාතිමා වහ කදුරු විය.

මා ජීවිතයේ අසා සිටියේ හමීඩ්ලා දෙදෙනෙක් ගැනය. එක් අයෙක් ප්‍රකට දේශපාලකයෙක්‍ ය. අනෙක් මිනිසා ජානක පෙරේරා බෝම්බයෙන් රැගෙන ගිය හමීඩ් ලෝයර් මහතාය. ඔවුන් දෙදෙනාම සැබෑ ලාංකිකයින් ය.

තෙවෙනි හමීඩ් ගැන ඊයේ ඇසුවේය. දෙමළියක් බේරා ගැනීමට ගිය තම්බියෙක් ය. ජිවිතයක් බේරා ගැනීමට ගිය දෙවියෙක් දෙව්ලොවට කැදවා තිබුනේය.

තවත් තැනක සල්ලි ගන්නට ගොස් තෙරපී මැරිලාය.  මැරෙනකං තෙරපී  ඇත්තේ දුප්පත්කම මිස ජාතියක් නොවන්නේය. 

අටලුගම මුස්ලිම් මිනිසා තරම් සුදුවැල්ලේ කුඩු ඇඩික්ට් වූ තරුණයින් බැනුම් ඇසුවේ නැතිය. ඒ අපේ කටවල් ගාන වැඩි නිසාය. 

මිනිසත්කම හා තිරිසන්කම ජාතිය මත රදා නොපවතින්නේය. වැරදි වැටහීම මිනිසා මිනිසත්කමින් ඈත් කරන්නේය. දේශපාලනය හා ආගම දෙකම ඕවඩෝස් වූ කල සිහිය විකල් වන්නේය.

හමීඩ් ඇර දුන් දොරෙන් තෙරපී මැරී නොවැටී රිංගා යන්නට සමස්ථ ලාංකීය ජාතියටම ඉඩක් විවර වී ඇත්තේය. ඒ මිනිසත්කමද  මාලිගාවත්තේ තෙරපුනු දිළිදු කමද එක ලෙස පෙනීමට සියලු දෙනාට දෑස් පෙනීම ආරම්භ විය යුතුමය.

දෙනෙත් පෙනන බොහෝ අය අන්ධය. හමීඩ් නමැති නොහදුනන තරුණයා ජල පතුලේ සැගවුනේ ඉල්ලමක් සොයා ගෙනය. එය නිසි ලෙස ගරා ගන්නට සැමට දෙනෙත් පෑදෙන්නට පතන්නේය.  ලොව කොහෙත් තෙරපී මැරුනේ හා අනෙකා වෙනුවෙන් දිවි දුන්නේ එකම ජාතියක් ය. 

ඒ දුප්පත් ජාතිය ය.

හමීඩ් උඹට සුබ ගමන් මචං.  හමීඩ්ගේ දරු පවුල බලා ගැනීම ජාතියේ යුතුකමක් වන්නේ ඔහු කියා දුන් පාඩම නිම කළ නොහැකි නිසාමය. කෙටියෙන්ම කියන්නේ නම් තම දිවි පරදුවට තබා ජීවිතයක් බේරා ගැනීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන මිනිසා දෙවි කෙනෙක් ය. එහෙත් දෙවියන්ට වඩා කපුවන් සැමදා ඉදිරියෙන් ය. ඒ කපුවන් දෙවියන්ව විකුණා කන නිසාය. එනමුත් සහරාන් හා හමීඩ් දෙදෙනෙක් ය.  

     අරවින්ද හබක්කල ලියපු මේ ලිවිල්ල පෙන්නලා මම අහන්න කැමති ජාතිවාදී වෙලා මා එක්ක තරහා උන මගේ යාළුවන්ගෙන්, සිංහ ලේ කැකෑරෙන, බෞද්ධාගම වෙනුවෙන් මිනිස්සු මරාගෙන මැරෙන්න ලෑස්ති මගේ යාළුවන්ගෙන්, "අකිල උඹ වගේ උන් නිසයි මේ රට විනාශ වෙන්නේ" කියලා මට කියපු දේශප්‍රේමී මිතුරන්ගෙන්.... 

මම අහන්න කැමති, "හැම මුස්ලිම් එකෙක්ම එකයි. හැම මුස්ලිම් එකෙක්ම මරන්න ඕනි" කියපු මගේ මිත්‍රයන්ගෙන්.... ජාතිවාදි පකයින්ගෙන්....

උඹලට තාමත් ඕනි හැම මුස්ලිම් එකෙක්වම මරන්නද ?.... 

එහෙනම් අපරාදෙ උඹලා එහෙම මැරුවනම් මේ හමීඩ් උඹලා අතින් මැරෙන්න තිබ්බා.....


👉 උඹලටයි මේ වෛරය බාරයි...! 👈


අප්පගෙ උස්නෙ පිට උනේ, 
අම්මගෙ ඇඟ උඩදි බලාත්කාරෙන්
ඇතුලෙම යවපු හින්දයි එදා,
ජාතක උනේ මං අවාසනාවෙන්
තනේ කිරිවත් ලැබුනෙ නෑ මට, 
අම්මගේ වෛරයේ තුවාලයෙන්
තනිවම හැදුනු ළමයෙක් මං, 
ලෝකෙට පිළිකුල් අනාතයෙක්

ශුක්‍රානු ඩිම්බ දැනගෙන හිටියෙ නෑ, 
හමු  වෙන්න හොඳ නෑ කියලා
ඒවා එකතු උනේ හමු උන නිසයි, 
විද්‍යාවට කිව්වේ ටීචර්ලා 
අන්තිමට ඉපදෙන්නෙ දරුවෙක් නං, 
දරුවගෙ වැරැද්දක් කොහින්ද බයිලා
ලේ මස් වලත් පිළිකුළක් දැක්කෙ ඇයි, 
මමත් මනුස්සයෙක්නෙ 'ශීලා'

අහම්බෙන් දැකපු සුදු කකුල් වලටයි, 
මුදලාලි වහ වැටුනෙ එදාම
වඳිනකොටයි මගෙ තනේ ඇල්ලුවෙ, 
සාදු බණේ නං කිව්වෙ නැ එහෙම
ලැමේ සුද දැකපු වටේ ඇඹලයො රොත්ත, 
හිනා උනත් මං එක්ක හැමදාම
හමේ සුද දැකපු ගමේ කවුරුවත් නෑ, 
ලයේ දුක දැක්කෙ පුරවාම

අම්මෙකුත් නැ උඹට අප්පෙකුත් නෑ නේද, 
කවුරු කවුරුත් කිව්වෙ එකමයි
අම්මට ගහලා අප්පා පැන්නාලු උඹේ,     
අම්මා වේසාවියක් මාරයි
අප්පා ගැහුවාම අම්මා වැරදීද මගේ, 
හිත නිතරෝම ඇහුවෙ එහෙමයි
වැරැද්දක් නැතුවාම මමත් වැරදී නං, 
උඹලටයි මේ වෛරය බාරයි!!!

කාලෙකින් කියවපු තදින්ම දැනුණු ලියවිල්ලක්. ලියවිල්ල  මේ ඝා ගේ.....❤

👉 තණමල්විල කොල්ලෙක් 👈


මම කැමති නිර්මාණවල කියවීම ඇතුලේ තියෙන කියවිල්ල කියවන්න. මාව නිතරම සතුටු කරන්න පුළුවන් උනේ ඒ වගේ නිර්මාණ වලට....  කියන කතාව ඇතුලේ නොකියන කතාව ලස්සන එකක් නෙවේ. ඒක මාරම කැතයි. අප්‍රසන්නයි. අසරණයි.. ඒ වගේම ඒක බයානකයි. මං බයානකයි  කියන්නෙ ඒ නොකියන කතාව ඇතුලේ ප්‍රේක්ෂකයා නිරුවත් කරන්න ඒ නිර්මාණවලට හැකියාවක් තියෙන  නිසා... මිනිස්සු ඒ වගේ නිර්මාණ වලට අකමැති වෙන්නෙත් බය වෙන්නෙත් ඒකමයි. කව්ද කැමති රෙදි ගලව ගන්න......

මම දැකපු කියවීම ඇතුලේ කියවීමක් තියෙන පොත් ගත්තොත්,  උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයගේගේ අම්මා පොත..., සුනන්ද මහේන්ද්‍ර මහත්තයගේ නිරුවත් දෙවිවරු පොත...., ශ්‍රීනාත් චතුරංග මහත්තයගේ බුදුන්ගේ රස්තියාදුව පොත...., ඒ.එම්.පී. පාදෙණිය මහත්තයගේ ලෝකෝත්තරයෙකු නොවෙමි පොත...., අරවින්ද් අඩ්ගාගේ ධවල ව්‍යාඝ්‍රයා පොත...., කපිතාන් එල්මෝ ජයවර්ධන මහත්තයගේ සැමීගේ කතාව වගේ පොත් පෙන්වන්න පුළුවන්....

එතකොට ෆිල්ම් විදිහට ගත්තොත් Slumdog Millionaire, ඉඟිලෙන මාළුවෝ ෆිල්ම් එක, ඒ වගේම අශෝක හඳගම මහත්තයගේ ගේ ෆිල්ම් සේරම වගේ ඒ ගොඩට දාන්න පුළුවන්....

ඒ වගේම මම බලපු ටෙලිකතා කිව්වොත්, කූඹියෝ, සහෝදරයා, ත්‍රෛලෝකා, පෙන්වන්න පුළුවන්.... 

ඉතින් මට හම්බුනා ඒ වගේ තවත් එකක්... ඒකේ නමින්ම දැනෙනවා ඒකේ තියෙන වෙනස් ගතිය...

             "තණමල්විල කොල්ලෙක්". 

            මගේ ගමේ කතාව වගේ. බොහෝවිට හැම ගමකම කතාව වෙන්න පුළුවන් මේ. මට පෞද්ගලිකව මේ කතාව සමීප වෙන්නේ මම මේ ජීවිතේ විදලා තියෙන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ජීවිතේ දැකලා තියෙන නිසා වෙන්න පුළුවන්. මේ චරිත සැබෑ ජීවිතේ මම රඟපාපු නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ චරිත මම දැකපු ඇසුරු කරපු නිසා වෙන්නත් පුළුවන්. පවුල ගොඩ දාන්න කසාද බදින අක්කලා මම දැකලා තියෙනවා.. පවුල ගොඩ දාන්න ආමි එකට යන අයියලා මම දැකලා තියෙනවා.. ඒ අයියලා අක්කලා විදින දුක බලාගෙන හූල්ලන විදවන මල්ලිලා, නංඟිලා මම දැකලා තියෙනවා. තමන්ට තියෙන දේවල් වලින් උපරිම සතුට ලබන තාරුණ්‍යය දැකලා තියෙනවා.. ඒ වගේ ගත්තොත් මෙතෙක් බලපු මුළු කතාවේ සියළුම චරිත එක්ක මම සැබෑ ජීවිතේ ගත කරලා තියෙනවා....  මේ තියෙන්නේ 13 වෙනි කොටසේ දෙබසක්..

දීප්ත :- "මොකද්ද බන් මේ කරන විකාරේ ?"

කිතුලා :- "ට්‍රේනින් උනා බන්..!"

දීප්ත :- "මොකටද ?"

කිතුලා :- "ආමි යන්ට"

දීප්ත :- "රෑට අලි ගහන පාරක දුවන්න උඹට පිස්සුද යකෝ...!"

කිතුලා :- "හමුදාවට බය වෙලා යන්න බෑ බන්...මුලින්ම බය නැති කරගෙන ඉන්න ඕනි.. එහෙමයි ලොක්කා අයියා කිව්වේ.. ඒකයි තනි අලියා ඉන්න පාරේ දිව්වේ" 
.........................................................................

මේ ටික දකිනකොටම මට පොත් දෙකක් මතක් උනා. පළවෙනි එක, කපිතාන් එල්මෝ ජයවර්ධන මහත්තයගේ සැමීගේ කතාව. ඒ කතාවේ එක කොටසක් මේ,

        "අපි දුවනකොට අපි බයගුල්ලො වගේ කියලා හිතාගෙන උන් අපිව පස්සෙන් පන්නන්නෙ හරියට හරක් පස්සේ දුවනවා වගෙ. යුද්දෙට යන දුප්පත් අපි වගේ මීගොන් තවත් නෑ. මහ ලොකුවට යුද්දෙට යනවා. බැරි වෙනකොට පණ බයේ ආ පස්සට දුවනවා. එච්චරයි" 
       "ටවුන් වල ඉන්න මහ එකාලගේ පුත්තු කෝ ? මහ එකාලා මොනවාද කරන්නෙ? මදියා මල්ලිගේ තරහව එන්ඩ එන්ඩම දරුණු තත්වයට ආවා.!
උන් යුද්දෙට යනවද ? දරුවන්ව අරිනවද ?බෑ. මේ උන්ගෙත් රට නෙවෙයිද ? රට උන්ටත් අයිතියි."
      "උන්ගේ රට.... උන්ගේ භටයො... ඒත් යුද්දේ අපේ ! යුද්ධ උන්ගේ නෙවෙයි නේද ? කල්පනා කරපල්ලා... මදියා දිගට හරහට කියපු විශ්ම කර්ම වචන මට තේරුනේ නෑ. අම්මයි - නංඟිලා දෙන්නයි මදියගේ කටින් පිටවුණ හැම වචනයෙක්ම අත නෑරම අල්ලගෙන වගේ බලා හිටියා" (පිටුව 115)

(ඉතින් ඇත්තටම දෙපැත්තෙම අසරණ දුප්පත් කොල්ලො කෙල්ලෝ මැරුණා......)
.......................................................................

ඒ වගේම මේ තියෙන්නේ උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයගේ අම්මා පොතේ කොටසක්...

         "ඇත්තට ම පීඩිතයාට මරණය වේදනාවක් නො වන්නේ ය. ජීවත් වීම වේදනාවක් වූ හැමෝටම මරණය සැපතකි. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වීම කාට හෝ මහා වීර ක්‍රියාවක් නම් පීඩනයෙන් හෙම්බත් වී මා වැනි අසරණ වූ මේ කොදෙව්වේ හද්දා පිටිසර ඕනෑ ම හුජ්ජ කොල්ලෙකුට දුෂ්ඨයා මරාගෙන මැරී තමන් ද කුඩු පට්ටං වීම අතිශය සරල ක්‍රියාවකි. අරමුණක්, අනාගතයක්, ජීවත් වීමක්, හෙට දවසක් හෝ අවම වශයෙන් අවම පීඩනය යටතේ හෝ මනුෂ්‍යයකු ලෙස පැවතීමට ඉඩක් නො දෙන්නේ නම්, මරාගෙන මැරෙනවා හැර වෙනත් විකල්පයක් අසරණ අපට නැත."

    "කිරි කළ හතකින් ශ්‍රී මහා බෝධිය නෑවූ උපාසක උපාසිකාවන් සිටි අපේ ගමේ, අපේ ගෙදර තිබුණේ පංසල පාමුලේ ය. මට කිරි කළ හතක් තියා කිරි බිංදුවක්වත් තිබුණේ නැත. උන් අපට කිරි දුන්නේද නැත. අපගේ ඇටසැකිලි දෙස බල බලා වෘක්ෂ දේවතාවුන් පිදූ හ. අප ජීවත් වූ අපාය දෙස බලමින් ඔවූහු දෙව්ලොව සුව ම පැතූ හ." (198 පිටුව)

මේ දෙක කොච්චර ගැලපෙනවද කියලා තේරේවි කතාවේ ඉතුරු දෙබස අහනකොට.
.......................................................................

දීප්ත :- "උඹ ඇයි මාව දැක්කාම දිව්වේ ? තොට පිස්සුද යකෝ"

කිතුලා :- "මට උඹව දැක්කම ලැජ්ජා හිතුනා බන්"  (එහෙම කියලා නැගිටන කිතුලා අඬ අඬ මෙහෙම කියනවා)

         "උඹ දන්නවනේ අපේ තාත්තා කිතුලෙන් වැටුනට පස්සේ ගස් මල් කැපීම නැවැතුනා. අපේ අම්මා තනියම හේන් කෙටුවා. මට තාම මතකයි....  උන්දැගේ මාළු මිරිස් ගස් ටික.... වතුර නැතුව වේලෙද්දි බැරිම තැන, මමයි අම්මයි මාතර මුදලාලි ගාවට ගියා වතුර පොම්පයක් ඉල්ල ගන්න.... මුදලාලි රෑක වතුර පොම්පය ගෙනත් දුන්නා. අපේ අම්මගේ කදුළු අරගෙන උන්දෑ වතුර දීලා ගියා... මං අපේ අම්මට ආදරෙයි බන්...!! උන්දැට හැම කන්නෙදිම වතුර ගන්න උන්දැට කදුළු දෙන්න උනා. අමු අන්නාසි ගැට කන්න උනා.... කිරි ගැහිච්ච ගස්ලබු ගැට කන්න උනා..."

මම මෙතනින් එහාට මුකුත් කියන්නේ නෑ. මම යෝජනා කරනවා යූ ටියුබ් එකේ තියෙනවා. බලන්න. බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ... ඒත් බලනවට බලන්නෙ නැතුව, කියවලා බලන්න. කතාව ඇතුලේ තියෙන කතාව......

#අකිල

👉 උඹ පොරක්ද? 👈


මගේ ජීවිතේ වැඩියෙන්ම මිනිස්සු මගෙන් අහලා තියෙන ප‍්‍රශ්නෙ මේක වෙන්න පුළුවන්. කොටින්ම මගේ නම අහනවටත් වඩා. ඒ වගේම මගෙන් අහනවට මං කැමතිම ප‍්‍රශ්නෙත් මේක වෙන්න පුළුවන්. මොකද මේකෙ පොඩි ඊගෝ බූස්ට් එකක් තියෙන හින්ද.

මං පොරක්ද කියල කවුරු හරි අහන්නෙ ඒ කෙනාගෙ පොර ධුරාවලියකට සාපේක්ෂව. එතකොට ඒ ධුරාවලියෙ අයට හිමි යම් යම් ලක්ෂණ මා විසින් සපුරාලමින් තියෙනවා. ඒත් මං මතු කරන තවත් සමහර ලක්ෂන වලින් මාව ඒ් ධුරාවලියෙන් ප‍්‍රතික්‍ෂේප වෙමින් තියෙනවා. එතකොට මං පොරක් වෙනවා. මට බනින්නෙ නැතුව බැරි වෙනවා. ඇත්තටම මගේ අදහස් බාරගන්න හෝ ඊට ප‍්‍රතිවිරුද්ද අදහස් මතුකිරීම පසෙක තිබියදී කෙනෙකුට අදහස නොපෙනී මාව පේන්නෙ මං ඒ කෙනාට පොරක් වෙලා තියෙද්දි.

මේ පොරක්ද කියන ප‍්‍රශ්නෙ මං හිතන්නෙ අනුවෙ වගේ මතු වුන පරණ එකක්. ඒ පුද්ගලයාගෙ තරාතිරමට තත්වයට සැලකීමේ පුරුද්දෙන් එන එකක්. ඒක තාමත් පැවතීගෙන වැඩවසම් නෂ්ටාවශේෂයක්. මේ ප‍්‍රශ්නෙ අහන කෙනෙක් මතු කරනවා තමන් ගැන සුවිශේෂ අවිනිශ්චිතතාවයක්. ඒ තමයි පොරක් කියන දෙයක් නෙමෙයි නං තමන්ට අදහසක් හෝ වෙන දෙයක් කිරා මැන බලා තේරුම් ගැනීමේ ස්වයං අවබෝදයක හැකියාවක් නෑ කියන එක. සහතිකයක් හරි තත්වයක් හරි ප‍්‍රභූත්වයක් හරි තියෙනවද කියන එක මිස අදහසක නිර්මාණශීලීත්වය හෝ නව්‍යත්වය ගැන තීරණයක් ගන්න තමන්ගෙ නොහැකියාව. එතකොට එයාට  ඕන වෙනවා පොරක්ද කියල දැනගන්න? අයිඩෙන්ටිය චෙක් කරන්න.

ඒක දැනුම ගැන සමුහ පිලිගැනීමට නතු වීමේ ඛේදවාචකයක්. හැම තිස්සෙම සමාජයකට අලූත් අදහසක් ගේන්නෙ පොරක් නොවෙන කෙනෙක්. මොකද හැම අලූත් අදහසක් කියන්නෙම පවත්නා තත්වය වෙනස් කිරීමේ යෝජනාවක්. පවත්නා බල රේඛාවන් අභියෝගයට ලක් කිරීමේ ප‍්‍රවේශයක්. එතකොට ඒ අදහස එන්නෙම සිස්ටම් එකට එලියෙන්. අනිවාර්යෙන්ම එතකොට සමූහයේ ආධිපත්‍යය පැත්තෙන් ඔයා පොරක්ද කියල ප‍්‍රශ්නයක් එනවා.

කාගෙ හරි පොරත්වය ගැන ප‍්‍රශ්නයක් අපිට එනවා නම් අපි මුලින්ම තේරුම් ගන්න  ඕනි අපි අදහස හෝ ප‍්‍රවේශය වෙනුවට පුද්ගලයා දිහා බලන්න පටන් අරගෙන කියල. පුද්ගලයාගේ තත්වය සිහිය තරාතිරම අනුව අදහසක් බාරගැනීම විද ්‍යාත්මක හෝ දියුණු ප‍්‍රවේශයක් වෙනවද? එහෙම නැත්තං ඒ අදහස හෝ ප‍්‍රවේශය තවත් කාරණා හා ගැටීමෙන් එහි වලංගුතාවය පරීක්ෂා කිරීමද අපි පිලිගන්න ප‍්‍රවේශය වෙන්නෙ. 

ඔයා පොරක්ද කියල අහද්දි අපි අහන්නෙම අපිට ඔයාගෙ අදහස ගැන තේරුමක් නෑ ඒත් සහතිකේ පෙන්නන්න පුළුවන්ද කියන එක. ඒක සිස්ටම් එකෙන් අනිවාර්යෙන් අහන ප‍්‍රශ්නයක්. ඒ ප‍්‍රශ්නෙ අහන්නෙ අපෙන් නම් අපි ඒ මොහොතෙ ආඩම්බර වෙන්න  ඕන. මොකද ඒ කියන්නෙ සමුහ දැනුම් අධිකාරියට අපේ අදහස් අභියෝගයක් වෙමින් තියෙනවා. ඒ සාම්ප‍්‍රදායික පරණකම හැමතිස්සෙම අදහස වෙනුවට පුද්ගලයා පස්සෙ දුවනවා.

අදහස් කොරොනා වයිරසයට වඩා වේගෙන් පැතිරෙනවා. සම්පූර්ණ සිස්ටම් එකම එකපාර නතර කරන්න අනිත් පැත්ත හරවන්න ඒ අදහස්වලට පුළුවන් වෙනවා.

පරණ සිස්ටම් එක බාර නොගන්නා අයට පොරවල් නෑ. ඒ ගොල්ලො දකින්නෙ අදහස. ඒ අදහස්වලින් නිර්මාණය කරන නිදහස.

- චින්තන ධර්මදාස -

ප.ලි. - මගෙන් උඹ පොරක්ද, උඹ කෙරුමද අහන හැමෝටම දෙන්න තිබ්බේ එක උත්තරයයි... ඒ "ප්ලීස් මචන් මාව පොරක් කරන්න එපා. උඹ තමයි මාව පොරක් කරන්නෙ"

ඒ එක්කම මට මතක් උනේ උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොතේ එක කොටසක්...

"උඹ බයයි නේද ?"

බොහෝ චණ්ඩි කතා වාචාලකම් වන සංවාද විසංවාද මැද්දේ මා නිහඬ වූ විට මගේ මිතුරෝ මගේ කට අවුස්සති.

"ඔව්. මං බයයි."

මම පිළිතුරු දෙමි. මා කිසිවෙකුට බය නැතිවාක් මෙන් ම මම බොහෝ අයට බිය වෙමි. මේ සමාජයේ බය නැත්තේ කාට ද ? බය කාටද යන්න විටෙක වෙන් කොට ගත නොහැකි ය. අපි චණ්ඩි යැයි සිතන බොහෝ පාතාල මැරයන් විටෙක අපිට ගරු කරන අතර, අප පඩේකටවත් ගණන් නොගන්නා නපුංසක පිම්පියන් අපට චණ්ඩි පාට් දමන විට අපි ඔවුන්ට බිය වෙමු. චණ්ඩිකම විටෙක නිර්භීතකමක් වන්නා සේ ම තවත් විටෙක මෝඩකමක් ද වන්නේ ය. මම එක විට මෝඩයා ද චණ්ඩියා ද වන්නෙමි. (95 පිටුව)


👉 ෆ්ලෑෂ්ට වැරදුන තැන 👈


මට මතකයි දැන් ටික කාලෙකට කලින් "මනස" කියලා සඟරාවක් තිබ්බා. (තාම තියෙනවා ද කියලා මම දන්නෙ නෑ) ඒක ධනාත්මක චින්තනය වර්ධනය කරන සඟරාවක්. ඒක හරියට කූඹියෝ එකේ "චිත්ත ප්‍රවේග" සඟරාව වගේ. මම ඒ කාලේ ආසාවෙන් සඟරා කීපයක්ම කියෙව්වා. කියවපු දේවල් ඉස්සර නොතේරුනත් දැන් දැන් ටික ටික තේරෙන්නේ මම වයසින් පරිණත වෙන නිසා කියලයි මටනම් හිතෙන්නේ... මේ තියෙන්නේ ඒකට හොඳම උදාහරණයක්.

          "මනස" සඟරාවේ තිබ්බා මට මතකයි මෙහෙම කතාවක්. "කෙනෙකුගේ නම ඔහුවේ ජීවිතේට බලපෑමක් කරනු ලබන බව". සඟරාවේ හැටියට කෙනෙක් ඉපදෙනකොටම ඔහුට ලැබෙන නම අනුව ඔහුගේ ජීවිතේ බොහෝවිට හැඩගැසෙනවා කියලයි තිබුනේ. සෑම කෙනෙක්ම තමන්ගේ නමේ තේරුම දැනගෙන සිටිය යුතු බවත් එහි තිබ්බා මට මතකයි. ඉතින් ඒ කාලේ සෑහෙන්න මහන්සි වෙලා මම මගේ නමේ තේරුම හොයා ගත්තා. (අකිල - සියල්ල, පිරුණ, සම්පූර්ණ,) ඉතින් අපිට තියෙන නමේ තේරුම ධනාත්මක නොවේනම් ඒ වෙනුවට විශේෂ කෑල්ලක් නමට ඉදිරියෙන් නිතරම තියා ගන්න (හිතින්) කියලත් සඟරාවෙ කියලා තිබ්බා.... උදාහරණයක් කිව්වොත් තිවංක වගේ නමක් තියෙනවනම් ඒ වෙනුවට "අහිංසක තිවංක" වගෙ එකක්..

ඉතින් මට ඒ කාලේ මහා ලොකුවට ඔය කතාව තේරුම් ගියේ නෑ... මම 8 හෝ 9 වසරේ නිසා ඊට වඩා හිතන්න දේවල් මට තිබ්බා.. ඒත් සඟරාව හරි කියලා මට අද තේරුනා. ඒ මෙහෙමයි.

මම මේ නිවාඩු සමයේ ටීවි සීරිස් බලමින් තමයි ගත කරන්නේ. ඉතින් ෆ්ලෑෂ් ටීවි සීරිස් එක තමයි මේ දවස් වල බලන්නේ. ඒකේ ෆ්ලෑෂ් ගේ බලය ලැබෙන්න කලින් කාලේ ඔහු හරිම නෝන්ජලයෙක් වගේ තමයි හැසිරෙන්නෙ. අවාසනාවන්තයෙක් වගේ. 

දැන් තේරෙනවද ඒකට හේතුව... ඒ ෆ්ලෑෂ්ගේ ගිහි නම රන්පැටි දේවලාගේ "බැරී ඇලන්" නිසා.... ඔව්. බැරී ඇලන් නිසා. (Barry Allen)

ඔය නම පුළුවන් ඇලන් වගේ තිබ්බනම් (Can Allen)  ෆ්ලෑෂ්ට දුවන්න පුළුවන් වෙන්නේ ඔය අකුණ වදින්න කලින් කියලමයි මට හිතෙන්නේ......

#අකිල