Thursday, December 24, 2020

👉 උඹ එක්ක ඉන්නකොට 👈



මම කවිකාරයෙක්නේ...
මම කවි ලියන්නේ,
හොදම කවියෙක් තරම් නැතත්,
පුළුවන් තරමටනේ...
උඹට කිව්වට මොකද,
මම ලියපු ලස්සනම කවි,
උඹට ලියපුවා.....

මම පොටෝකාරයෙක්නේ...
අනුන්ගේ පොටෝ ගත්තට,
සෙල්ෆි ගන්නේම නෑ...
ඒ මං කැතයි කියලා,
මගේ හිත මට කියන නිසානේ...
උඹට කිව්වට මොකද,
මම ඉන්න ලස්සනම සෙල්ෆි,
උඹ එක්ක ගහපුවා...

මම හුරතලෙක්නේ....
කන්න ආස අම්ම කවනකොට,
එතකොට රසම රසයි,
ඒ අම්මා මට ආදරේ නිසානේ....
උඹට කිව්වට මොකද,
මම කාපු  දෙවෙනියට රසම කෑම,
උඹ අනලා කවපුවා...

මම බයික් පිස්සෙක්නේ....
එතකොට ගමන ඉක්මන් නිසා,
මම ආස වේගෙන්ම යන්නනේ...
උඹට කිව්වට මොකද,
මම බයික් එකේ හෙමින්ම ගියේ,
උඹව දාගෙන ගියපු දා....

මම පරාර්ථකාමියෙක්නේ........
හැමෝටම යහපත පතන නිසා,
මගේ ජීවිතේ අඩුවෙන්ම 
එන හැගීම ඉරිසියාවනේ.....
උඹට කිව්වට මොකද,
මට ඉරිසියාව වැඩියෙන්ම දැනෙන්නෙ,
උඹ කොල්ලෝ ගැන කියනකොට....

මම ඉවසිලිවන්තයෙක්නේ......
හැම දේම උපේක්ෂාවෙන් බලන නිසා,
අනිත් අයට වඩා,
මම ඉන්නේම සැහැල්ලුවෙන්නේ...
උඹට කිව්වට මොකද,
මට කේන්තිය වැඩියෙන්ම දැනෙන්නේ, 
මම ලඟ ඉන්නකොටත්,
උඹ පෝන් එක ඔබනකොට.....

ඒත්....,

මම වාසනාවන්තයෙක්නේ....
හැමදේම හොදින් වෙන නිසා,
මගේ ජීවිතේ වැඩියෙන්ම,
මම ඉන්නේ සතුටින්නේ...
උඹට කිව්වට මොකද,
මට නිතරම හිතෙනවා,
මගේ ජීවිතේ තවත් සුන්දර වෙයි කියලා,
උඹත් එක්කම ජීවත් වෙනකොට....

ඉතින්....! උඹ කැමතිද ඒකට ? 

#අකිල
#එරන්දියේ

No comments:

Post a Comment