Thursday, December 24, 2020

👉 මල් කුමාරයෙක් නෙවේ මම 💜 👈



එපා උඹ අඩන්න පේන්න මගේ ඇස්වලට
මට බෑ බලන්න, උඹෙන් එන කදුළු කැට
මම නිතර හොයන, ඒ මැජික් අරිෂ්ඨ
මායාකාරිය උන උඹේ බෙහෙත් හිනාවට,
මැවෙනවා අම්බානක ආදරය කවියකට...

හැමදාම මගේ ඇස්  බලාපොරොත්තු දල්වගෙන,
කෝස් එකේ දොර ලඟ හොයනවා, 
උඹ ඇවිත් ඉන්නවද,
උඹ නැත්නම් මගේ කල්පනාව උඹ එනකම්ම
තාම මගේ මල් කුමාරි,
පරක්කු වෙන්නෙ මොකද......

උදේ පටන් ගෙන හවස් වෙනතුරුම,
මගේ වැඩේ උඹ දිහා බලන එක,
නොදැනිම ගෙවෙනා ඒ හැම දවසම
අඩනවා මගේ හදවතම ඉකිබිඳ
දවස ගෙවිලා උඹ ගෙදර යනකොට,......

දවසින් දවසම පතනවා මම,
උඹ එක්ක හැමදාම ජීවත් වෙන්නට,
මගේ කෑලෑ ගති හීලෑ උන දවසට,
උඹේ හදවතට ලේ උරනකොට,
මගේම වෙනවද මල් කුමාරියේ උඹ........

දවසින් දවසම උඹ, ලස්සන වෙනකොට,
ලැජ්ජාවට අඩන්නේ මගේ හිත ඉකිබිඳ,...
මල් කුමාරිට හරියටම ගැලපෙන, 
මල් කුමාරයෙක් නොවී මම 
වැද්දෙක්  වෙලත්, උඹට මෙච්චර 
ආදරේ කරන එකට........


💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

#අකිල
#එරන්දියේ


No comments:

Post a Comment