Saturday, December 26, 2020

👉 හැමෝගෙම ඇතුලේ ළමයෙක් ඉන්නවා 👈



අද උදේ උන සිදුවීමක් නිසා මම තේරුම් ගත්තා  දෙයක්...

අපි හැමෝගෙම ඇතුලේ ඉන්නවා, ළමයෙක්, තරුණයෙක්, වැඩිහිටියෙක්, මහල්ලෙක්.... ඒ ළමයා තරුණයා වැඩිහිටියා මහල්ලා යන ගති, අපි හැමෝගෙම අඩු වැඩි වශයෙන් තියෙනවා. අපිට හිතන්න හෝ පාලනය කරන්න බැරි විදිහට ඔය ගති සැරෙන් සැරේ වෙනස් වෙනවා....

ළමයෙක්ගේ තත්වෙට කෙනෙක් පත් වෙන සෑම අවස්ථාවකම, ඔහුට පුළුවන්නම් ඒක පාලනය කරන්න අන්න ඔහු පරිණත හා සාර්ථක පුද්ගලයෙක් කියලා හදුන්වන්න පුලුවන්...

උදාහරණයක් හිතන්න.. 
සෙල්ලම් බඩුවක් ඉල්ලලා අඩන ළමයෙක්ගේ තත්වයට කෙනෙක් පත් උනොත් ඔහුට ඒ තත්වෙන් මිදිලා, වැඩිහිටියෙක් බලන හෝ මහල්ලෙක් බලන විදිහෙන් බලන්න පුළුවන්නම් ඒ සෙල්ලම් බඩුව වෙනුවෙන් ඔහුට අඩන්නේ නැතුව, දුක් නොවී ඉන්න පුළුවන්....

හැබැයි මොන තරම් පරිණත හෝ සාර්ථක කෙනෙක් උනත් ඕනිම කෙනෙක් තප්පරයකට හරි ළමයෙක්ගේ තත්වෙට වැටෙනවා....ඒකයි මිනිස් ස්භාවය...


No comments:

Post a Comment