Saturday, December 26, 2020

👉 ආදරේ කඩදාසියක ඇදලා, පුළුවන් ද සතුටක් දෙන්න.. 👈


ඔයා නේද සිත්තරී....

ආදරේ කඩදාසියක ඇදලා,
පුළුවන් ද සතුටක් දෙන්න.
ජීවිතේ කඩදාසියක ඇදලා,
පුළුවන් ද අළුතෙන් පණ දෙන්න....
පණ දීපු කඩදාසියකට,
හැගීම් ඉපදෙන්න ඉඩදෙන්න...
ඉපදුන හැගීම් එකවරම,
පුළුවන් ද මරලා යන්න....

ආදරේ කඩදාසියක ඇදලා,
පුළුවන් සතුට තවරන්නත්...
ඒ කඩදාසියෙම ජීවිතේ ඇදලා,
පුළුවන් ඒකට පණ දෙන්නත්...
පණ දීපු කඩදාසියට,
දරුවෙක් ඉපදෙන්න ඉඩදෙන්නත්...
ඉපදුන ගමන් ඒ දරුවා,
පුළුවන් නැති කර ගන්නත්.....

#අකිල
#සිත්තරී

No comments:

Post a Comment