Wednesday, December 23, 2020

👉 දැක්ක ගමන් සිත වැටුනා...... 👈

 


"දැක්ක ගමන් සිත වැටුනා වාසනාවේ දොර ඇරුනා" වගේ එකක් දැනිලා තියෙනවද.... ඒ ෆීලින් එකට කියන නමනම් මම දන්නේ නෑ, 

නිකන් එක පාරටම එයාගේ ඇස් දෙකයි ඔයාගේ ඇස් දෙකයි එකට ගැටෙන වෙලාවෙ මූණට මූණ මුණ ගැහිලා, අවට ඔක්කොම ස්ලෝ මෝෂන් දැනිලා, පපුවේ ඩිග් ඩිග් සද්දේ ලාවට ඇහෙන ගානට ඇවිත්, ඒ එක්කම අවට හැම ශබ්ධයක්ම ඔළුව පුරා ගිහින් දෙන්නගේ ඇස් ඉවතට යනකොටම, ක්ෂණිකව අතුරුදන් වෙලා තියෙනවා ද ?

ඒත් එක්කම ගිය ආත්මේ බැදීමක් වගේ එකක් හිතට දැනිලා තියෙනවද ?

(මේක තමා පළමු දැක්කෙම ආදරේ දැනීම)


ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
තවමත් මගෙ මතකයෙහි රැඳේ
නෙත් යුග මා දෙස යොමා
මගෙ මියුලැසියේ...

කුමක් කියන්නටද සැරසුනේ...
කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ...
කවදා කොයිබදි යලි හමු වේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ...

කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්...
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්...

      

    ඒ කියන්නෙ,

          ඔබ කවදා හෝ පළමු දැක්කෙන්ම ආදරය දැනීම අත්දැක තිබේද ? නැතිද.. එහෙනම් ඒ ඔබේ අවාසනාවය... ඒත් 

ඔබ කවදා හෝ පළමු දැක්කෙන්ම ආදරය දැනීම අත්දැක ඇත්නම්, ඔබේ මොළය ඩෝපමින් හා නොරපිනෆ්‍රයින් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නිපදවීම නිසා ඔබට මත්ද්‍රව්‍යයක් ගත්තාසේ දැනෙන්නට වීමය... 

       එවැනිම දෙයක් අනිත් සතුන්ටද සිදුවේ.. නිදසුනක් ලෙස,

    කාන්තාර මීයාට 🐁 🐀 සමාන ප්‍රෙයරි මෝල් ගැහැණු සතෙකුට එම වර්ගයේ පිරිමි සතෙකුගේ මූත්‍රා ඉතා ස්වල්පයක ගන්ධය ආඝ්‍රාණ කිරීමට සැලැස් වූ විටක ඇය විඳින්නට වන රසායනික ප්‍රතික්‍රියාව මනුෂ්‍යයාට සිදු වූ දෙයමය. එනම් ඩෝපමින් සහා නොරිපිනෆ්‍රයින් දහරාවක් ගලා ඒමය.. 

   

          එක් අධ්‍යනයකින් පෙන්වා ඇති අන්දමට සංවාසය ඕනෑවී ඇති බැටළු දෙනකට, පිරිමි බැටළුවකුගේ රුවක් පෙන්වීමෙන් ඇයගේ මොළයට නොරපිනෆ්‍රයින් රසායන ද්‍රව්‍ය දහරාවක් ලැබුණි. බොහෝ සතුන්ට මෙම රසායනික ද්‍රව්‍ය බලපෑම සිදුවන්නේ තප්පර හෝ මිනිත්තු කීපයකි... 

     කරුමෙට මානවයන්ට එම බලපෑම මාස හෝ අවුරුදු ගණනක් පවතියි...😂

       පළමු දැක්මෙන්ම ආදරය ඇති වීම සැබෑ සංසිද්ධියකි. මේ සම්බන්ධ විශේෂඥයන් විශ්වාස කරන්නේ, 

මරණ භයින් නොසිටින, යුද්ධ භයෙන් නොසිටින, ස්ථාවර සමාජයකට රාගය, අනෝන්‍යය ආදරය, දීර්ඝ කාලීන සම්බන්ධතාවය පවත්වා ගැනීම වර්ගයාගේ පැවැත්ම සහතික කරන ඉතාම කාර්යක්ෂම විධියයි කියාය...

       එනිසා ඔබට මඟ තොටේදී, බස් එකේදී, මළ ගෙදරකදි, දානේ ගෙදරකදි, පන්සලේ, පල්ලියේ, කෝවිලේ, ඔය එකී මෙකී නොකී ඕනිම තැනකදී, සැබෑ ආදරය හමුවිය හැක... කොටින්ම කියනවනම් ෆේස්බුක් එකේ පෝස්ට් එකක්, ප්‍රොපයිල් එකක්, කොමෙන්ට් එකක්, ලයික් එකක්, රිඇක්ෂන් එකක්, ලෙසද හමු වියහැක. කරුණාකර එය විශ්වාස කරන්න...

නමුත්,


කතාව එපමණයි... වියදම අපමණයි...

#අකිල



No comments:

Post a Comment