Thursday, December 24, 2020

👉 වැද්දෙක්ට ආදරේ කරනවට..... 👈



විශාකා දේවියට 
ආදරේ කරන්න ඕනි,
සල්ලි ගොඩාරියක් තියෙන,
පූර්ණවර්ධන වගේ කුමාරයෙක්මද....
විනෝදයක් නැති නිසාම,
තරුණ වයසෙන්ම,
ජීවිතේ එපා කරවන....

විශාකා දේවියට 
දෙමාපියෝ හොයන්න ඕනි,
දේපල ගොඩාක් තියෙන,
මිගාර වගේ මාමා කෙනෙක්මද....
කුළ කාන්තාවක් උනත්,
නිරුවත් පන්සීයකට,
වන්දනා කරවන......

විශාකා දේවියට 
පළදින්න ඕනි,
වටිනාකම ගොඩාක් තියෙන,
මහා මේල වගේ පළදනාවක්ද......
පංසලක හරි අමතක කරන තරම්,
දරන්න බැරි බර නිසා වේදනා 
ඇති කරවන.....

විශාකා දේවියට
ජීවත් වෙන්න ඕනි,
වැස්ස වෙලාවකවත්,
තමන්ගේ තීරණයක් ගන්න බැරි,
සාම්ප්‍රදාය කියලා හිර කරපු,
මලක් වන් ලලනාවක් විදිහටද....
අත්දැකීම් අකැපයි සිතා හීන මානය,
ඇති කරවන......

එහෙනම් සමාව දෙන්න 
මේ වැද්දට....
වැද්දෙක් වෙලා ආදරේ කරාට....

ඒත්,...

විශාකා දේවියට පුළුවන්ද,
ආදරේ කරන්න,
සරලකම අගයන, 
කුමාරයෙක් නොවුන,
මහ බැද්දේ සුදු වැද්දෙකුට...
විනෝදයෙන්ම ජීවිතේ,
ගෙවන්න කියලා දෙන.......

විශාකා දෙවියගේ 
දෙමාපියන්ට පුළුවන්ද,
තමන්ගේ දුවව වගේ සලකා,
ආදරේ කරන,
දේපල ගොඩාක් නැතත්, 
සතුට පිරිලා තියෙන,
සරල පවුලකට දුවව භාර දෙන්න.....

විශාකා දේවියට පුළුවන්ද,
තේරුම් ගන්න,
වටිනාකම ඇදුමේ නොවන බව,
අරුමෝසම් නැති සරල බව,
සැනසීම ගේන වග......

විශාකා දේවියට ආසයිද,
ඇළට දොළට පැනලා,
ගහට කොළට නැඟලා,
කාගෙන්වත් අවසර ඕනි නැති,
කිසිම දේකට තහංචි නැති,
රැජිණක් වගේ ජීවත් වෙන්න....
ජීවිතේ ඉවර වෙනකම්ම,
කණගාටුවක් නැතුව ඉන්න....

එහෙනම් සමාව ගන්න 
දෙමාපියන්ගෙන්....
වැද්දෙක්ට ආදරේ කරනවට.....


#අකිල
#විශාකා දේවිය


No comments:

Post a Comment