Saturday, December 26, 2020

👉 අපරාදෙ.. දෙන්නටම ඉවසන්න තිබ්බේ... 👈


ඔයා නේද සිත්තරී

අපරාදෙ...
ඔයාට ඉවසන්න තිබ්බේ,
හදිස්සියට අදින්නෙ නැතුව
හෙමීට ඉවර කරන්න තිබ්බේ....
එහෙම උනානම්,
ඔය ඇදපු ආදර චිත්‍රයේ 
අනවශ්‍ය පැන්සල් ඉරි
නොඇදෙන්න තිබ්බා........

අපරාදෙ...
මටත් ඉවසන්න තිබ්බේ,
කේන්තියෙන් දඟලන්නේ නැතුව
ඉවසීමෙන් බලා ඉන්න තිබ්බේ....
එහෙම උනානම්,
වැරදි මකන්න හදනකොට,
මුළු චිත්‍රයම එකපාර,
නොඉරෙන්න තිබ්බා..... 💔💔

#අකිල
#සිත්තරී

No comments:

Post a Comment