Thursday, December 24, 2020

👉 තේරුම් යාවි ඔයාට 👈



ඔයා ඔන්ලයින් එනකොට,
දිගම දිග
මැසේජ් පෝලිමක් තියේවි...
ඒ මැසේජ් ඔයා,
යට ඉදලා උඩට නෙවේ,
උඩටම ගිහින් උඩ ඉදලා 
යටට කියවන්න....

මුල් ම මැසේජ් වලින්,
මම ඔයාට බනිනවා දැනේවි... 
ඔයාට කේන්තිත් ඒවි...
පහලට පහලට යනකොට, 
මම අඩනවා දැනේවි... 
ඔයාට කදුළුත් ඒවි...

ඔයාට දකින්න ලැබේවි,
මම පටන් ගත්තේ 
උඹ මැරියන් කියලා...
මම ඉවර කරේ, 
ඔයාට ආදරේ කියලා....

තේරුම් යාවි ඔයාට,
මගේ හිතේ 
කේන්තිය නිවුන විදිහ.....
වේදනාව තරහව අසරණකම
අකුරු කරලා වචන කරලා,
පිටකරාම......

ඒ වගේම 
කොච්චර තරහින් බැන්නත්
මම ඔයාට ආදරේ තරම.....

#අකිල
#එරන්දියේ


No comments:

Post a Comment