Saturday, December 26, 2020

👉 මම හිත හදා ගත්තා 👈


එයාගේ හිනාවෙන්,...
කප්පරක් මහන්සිය
තප්පරෙන්
නිවනකොට,
කොච්චරක් දෝ නොතේරෙන 
සෙනෙහසක්,
මෙච්චරක් පොඩි හදවතේ ගලනකොට....
දශමයක් තරම් නැති,
මගේ ආදරේ
කල්පයක් වගේ 
දැනෙනකොට.....
සොච්චමක් නොවටින 
මගේ ජීවිතේ 
අමිලයක් වග මට
දැනුනා....
......................................................

හැබැයි අන්තිමට,
මම හිත හදා ගත්තා...
උන් දෙන්නා නියමෙටම,
ගැලපෙනවා කියලා.......

#අකිල

No comments:

Post a Comment