Thursday, December 24, 2020

👉 --ඇයි අකිල බොන්නෙ නැත්තේ-- 👈




         බැජ් පාටි, වෙඩින් හා නත්තල් පාටි හා තර්ටි ෆස්ට් නයිට් නිසා අරක්කු බියර් බොන මගේ මිතුරියන් කීප දෙනෙක් මට අදුර ගන්න පුළුවන් උනා... සමහර අය බියර් එක්ක පොටෝ මට එවලා තිබ්බා, සමහර අය ස්ටේටස් දාලා තිබ්බා, ඔය අතරේ තවත් සමහර කීප දෙනෙක් බියර් බීලා වැඩි වෙලා උන චාටර් සිදුවීම් ගැන දුක කිව්වා... ඔය හැමෝම වගේ අරක්කු බියර් ගැන මගේ අදහසත් විමසලා බැලුවා. පොදුවේ සංවාද සේරම, කෙටියෙන් මෙහෙමයි...

👩 ඇය - අපි බිව්වනේ එදා අහවල් දවසේ අහවල් පාටියේ...

👨 මම - හම්මටසිරි එහෙමද... මරු මරු, රහයිද ? කොහොමද වැඩේ ?

👩 ඇය - නියමයි... ඇග නිකම් මොකද්දෝ වෙලා යනවා, කන් දෙක සීතල වෙලා රත් වෙලා යනවා... මාර අමුතු ගතියක් තියෙන්නේ. ඇයි අකිල දන්නෙ නැද්ද ? බීලා නැද්ද ?

👨 මම - නෑනේ......

👩 ඇය - ඒක බීලම බලන්නෝන... පට්ට ආතල් එකක්. ඒ අත්දැකීම විදලම බලන්න ඕනි... අකිල බියර් එකක්වත් බීලා නැද්ද ? රහ බලලවත් නැද්ද ?

👨 මම - නෑනේ..

👩 ඇය - ඇයි බොන එක වැරදි දෙයක්ද ? අනික කෙල්ලෙක් බොන එක වැරදිද අකිල ?

👨 මම - නෑ කිසිම වරදක් මට ඒකේ පේන්නෙ නෑ. 

👩 ඇය - ඇයි එහෙනම් අකිල බොන්නේ නැත්තේ ?

👨 මම - මට බොන්න හිතිලා නෑ කවදාවත් 

👩 ඇය - හේතුව මොකද්ද ?

👨 මම - දන්නෙ නෑ....

          ඔය සංවාදය ඇතුලේ සමහර කෙල්ලො හිටියා මම බීලා නෑ කිව්වාම, ආපෝ ගෑණු ළමයෙක් වගේ ලැජ්ජාවේ බෑ, ඊයා කියපු අය. සමහරු හිටියා මම බොන්නේ නෑ කියපු එක විශ්වාස නොකරපු අයත්... ඉතින් ඔය අරක්කු බියර් ගැන මගෙත් එක්ක කතා කරපු සේරම මරු. 

       සරලව කිව්වොත් ඔය "මං පොඩ්ඩක් බිව්වා" කියපු හැමෝම පොඩි ආඩම්බරයක් එක්ක තමයි ඒක කිව්වෙ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිත් අය නොකරන දෙයක් කරන්න පුළුවන් වගේ හැගීමක් ඇගට අරගෙන, ඒ අත්දැකීමත් මම ගත්තා කියන ආඩම්බරයෙන් තමයි කිව්වෙ.... 

        මට හම්බෙලා තියෙන ඔය, බිව්වා කියපු වගේම බොන, හැම කෙල්ලම සාම්ප්‍රදායට හිර නොවී වෙනස් විදිහට හිතන #කෙල්ලෝ... ඒ වගේම මට හම්බෙලා තියෙන බීලාම නැති, බොන්නෙත් නැති හැම කොල්ලම සාම්ප්‍රදාය බිදින අමුතු විදිහට හිතන #කොල්ලො.....

        හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් බොන හැම කොල්ලම කියන්නෙ තවත් කොල්ලෙකුට, "කවදාවත් බොන්න එපා මචන්" කියලා... "මොන වගේද බලන්නවත් බොන්න එපා බොරු වැඩක්" කියලා... මට හම්බුන බොන හැම කොල්ලම කිව්වේ එහෙම. හැබැයි මට හම්බුන බොන හරි බිව්වා කියලා කියපු හරි හැම කෙල්ලම කිව්වේ "අකිල බීලා බලන්න ඕනි ! ඒක මරු " "ඒ අත්දැකීම ගන්නම ඕනි" කියල.. ඒ අතින් කෙල්ලොයි කොල්ලොයි සෑහෙන්න වෙනස්...

            මගේ ජීවිතේ අරක්කු බියර් මම බීලම නෑ. මට කවදාවත් බොන්න හිතිලවත් නෑ. සාමාන්‍යයෙන් අපේ ගෙදර ප්‍රිජ් එකේ බියර් ටින් එකක් හරි තියෙනවා. ඒත් තාත්තා බොන්නෙත් නෑ. කාගෙන් හරි හම්බුන එකක් ෆ්‍රිජ් එකේ තියලා ආයේ කාට හරි දෙනවා. මගේ යාළුවෝ හැමෝම වගේ ඩ්‍රින්ක්ස් ගත්තත්, රෑ 1,2,3 විතර වෙනකම් උන් එක්ක බොන තැන් වල හිටියත්, උන් බොනකම් බයිට් කකා ඉදලා උන් වෙරි වෙලා පිස්සු නටන්න ගත්තාම ගෙදර ගිහින් දාලා එන එක කරත් මට බොන්න හිතිලා නෑ. (හැබැයි උන් බීලා වෙරි වෙලා කියන දේ අහන්නෙ නැති උනාමනම් මට බීල නෙලන්න හිතෙනවා උන්ට 😂)

          සාමාන්‍යයෙන් මං දන්න උන්ගෙන් බොන්නේ නැත්තේ වගේම බොන්න හිතිලා නැත්තෙ මටයි මගේ අතිජාත පජාත මිත්‍රයා කඩයටයි විතරයි. හැබැයි ඉතින් අපි දෙන්නව දන්න හැම එකාම කියාවි අපිට වෙරි කියලා. මොකද අපි දෙන්නා නිතරම ඉන්නේ වෙරි පිට. බොන්න ඕනි නෑ මිනිහෙක්ට වෙරි වෙන්න. සමහර වෙලාවලට බීපු උනුත් බලාගෙන ඉන්නවා මොකද්ද මේ අපි නටන පිස්සුව කියලා. කොයි වෙලාවෙත් මොන මගුල කරත් අපි දෙන්නට හිනා වෙන්න කාරණයක් තියෙනවා වගේම අපි අවට ඉන්න උන්ටත් හිනා වෙන්න ඒක චාන්ස් එකක් වෙනවා. සාමාන්‍යයෙන් බීලා වෙරි උන එකෙක් ගන්නවට වඩා අවදානම් අපි හැම තිස්සෙම ගන්නවා.සමහරවිට අපි ගිය ආත්මේ අරක්කු කල්දේරමකට වැටිලා ඇති. හරියට ජිම් පප්පා වගේ. කරුමෙ හෝ උරුමේ ඌට එන අදහසක් ඌ කියන්න කලින් ඒක මටත් එ විදිහට ම එනවා. මට එන අදහසක් මම කියන්න කලින් ඒක ඌටත් එනවා. එව්වා ඔක්කොම වගේ දශමයක් එහා මෙහා උනොත් මැරෙන වැඩ විතරක් නෙවේ පත්තරෙත් යන වැඩ..... 
               මට දැන් මතක් උනේ මගේ අනිත් අතිජාත පජාත මිත්‍රයා කියපු කතාවක්. "අකිල මම මේ අවුරුද්දේ ඉදල බොන එක නතර කරනවා බන්. උඹලා දෙන්නා වගේ බොන්නේ නැතුව සුපිරි ආතල් ගන්නවා බන්" කියලා ඌ කිව්වා. පහුවදා හම්බෙනකොට මියුසිකල් එකේ ඌ...... නෑ එක්කෝ ඕනි නෑ.....

         ඉතින් හුගාක් අයට ඇල්කොහොල් වලින් ලැබෙන උත්තේජනය අපිට උපතින්ම තියෙනවා. මියුසිකල් එක්ක නටන්න ඇල්කොහොල් ඕනි නෑ, රණ්ඩු වෙන්න ඇල්කොහොල් ඕනි නෑ, සිංදු කියන්න ඇල්කොහොල් ඕනි නෑ, වගේ එකී මෙකී නොකී, කිසිම දේකට ඇල්කොහොල් අපිට ඕනි නෑ... හැමදේම විකාර වගේ පේන නිසා ඇත්තටම අපි ඇල්කොහොල් කල්දේරමකට වැටිලා වගේ ඉන්නෙ. ඉතින් ඒක කාරණයක් අපි නොබී ඉන්න.....

             මම නොබොන අනිත් කාරණය අම්මයි තාත්තායි නිසා වෙන්න ඕනි. මගේ තාත්තා පට්ට ප්‍රැට්‍රිකල් මනුස්සයෙක්. මම අනන්තවත් පාන්දර 1,2 වෙනකම් ඉදලා ගෙදර ඇවිත් තියෙනවා. ඒ කොල්ලෝ බොන තැනක ඉදලා කියලා තාත්තා දැනගෙන හිටියත් කවදාවත් උඹ බිව්වද කියලවත් මගේ කට ඉබලා බලලවත් නෑ. ඒ මනුස්සයා කොහොම ඒ විශ්වාසය ඇති කර ගත්තද කියන්න මට තාම තේරෙන්නේ නෑ. ඒ කියන්නේ වෙන මිනිහෙක් අකිල බීව්වා කිව්වත් තාත්තා විශ්වාස කරන්නේ නෑ. මම කොහේහරි යන්න ඕනි කිව්වොත් කවදාවත් යන්න එපා කියලා නෑ. මම කැලේ යන්න, මාලු අල්ලන්න යන්න, කොල්ලෝ බොන තැනකට යන්න, කෙල්ලෙක් බලන්න යන්න, ඔය කොහේ යන්න ඇහුවත් මට කවදාවත් එපා කියලා නෑ. කවදාවත් එපා කියන එකකුත් නෑ. 
          මට මතකයි එක දවසක් මම තාත්තා එක්ක මොකක්හරි එක්කට තරහා වෙලා කේන්තියට ගත්තේ ෆ්‍රිජ් එකේ තිබ්බ බියර් ටින් එක... ඒක කඩලා බොන්න ගියා කේන්තියට.. ඒ ඒක මට වහ බිව්වා වගේ හැගීමක් නිසා. ඒත් බිව්වේ නෑ මොකද වහ බිව්වා වගේ හැගීමක් මට ඕනි නැති නිසා ජීවිත කාලෙම.... 

             මට මතකයි දවසක් මම කෙල්ලෙක්ගේ කනට ගැහුවා. කොච්චර හයියෙන් ගැහුවද කියනවනම් මම කෙල්ලෙක්ට අත උස්සපු පළවෙනි හා අන්තිම පාර ඒක. ඒ ගැහුවේ ඒකි අම්මට බැනපු නිසා. ඇගිලි පහෙන් හතරක් කම්මුලේ තිබ්බා හොදට මතකයි. එදා ගමේ බුට්ටා කියලා හදුන්වන කොට මනුස්සයෙක් තාත්තා ට කෝල් කරලා ඒ ගැන කිව්වා. අකිල වැරදි කරනවා හදා ගන්න කියලා. තාත්තා ඌට බැනලා මං ගාවට ඇවිල්ලා දුන්නු උපදෙස්, කියපු කතා මට තාම මතකයි. එදා ඉදලා තාමත් මගේ පෝන් එකේ තාත්තාගෙන් කෝල් එකක් එනකොට රිගින් ටෝන් එක වෙන්නෙ "තාත්ත මට ඇනපු ටොක්ක" සිංදුව...

               මගේ අම්මා සාම්ප්‍රදායික අහිංසක කාන්තාවක්. අම්මා කවදාවත් කැමති වෙන්නේ නෑ මම අරක්කු බොනවට. මට තියෙන ඕනිම ප්‍රශ්නයක් අම්මා එක්ක මම කියන්න පුරුදු වෙලා ඉන්නේ. කවදාවත් අම්ම මාව සැක කරලා නෑ. අම්මා හැම තිස්සෙම මං ගැන ආඩම්බර උනා, වෙනවා.

           මට මතකයි මගේ ඔළුවේ කැක්කුමක් නිසා කණ්නාඩි දාන්න උන දවස.  එදා කණ්නාඩි දාන්න ඕනි කියලා ඩොක්ටර් කියන එක මට අවුලක් උනේ නෑ, ඒ මම අම්මගේ ඇස් වල කදුළු දකිනකම්. අම්මා ඒ ගැන දුක් වෙනවා  කියලා දැන ගත්තු වෙලාවේ ඉදලා මම හිතින් ඇඩුවා. අන්තිමට ඇත්තටම ඇඩුනා. මම ඇඩුවේ මං මහ කරුමක්කාරයෙක් කියලා.. මම ඇදේ අඩනකොට අම්මා ලඟට ඇවිල්ලා ඔළුව අත ගාලා කියපු කතාව තාම මට මතකයි. "පුතේ ඔයා වගේ දරුවෙක් ලැබුනේ අපේ වාසනාවට. ඔයා වගේ හිතන අදහස් තියෙන, ඔයා වගේ මොලේ තියෙන කෙනෙක් මං දැකලම නෑ." "ඉතින් ඔයා කොහොමද ඔයා කරුමක්කාරයි කියන්නේ" කියලා. අම්මත් එදා ඇඩුවා. 
       ඉතින් එදා ඉදලා අම්මගේ ආඩම්බරය නැති කරන්න මට ඕනි උනේම නෑ. 
       
               ඉතින් අම්මටයි තාත්තටයි දෙන්නටම මම තාම එයාලගෙ පොඩි ළමයා. ඇත්තටම මම තාම ළමයෙක්. මම කැමති නෑ ඒ ළමා කාලය දැම්ම නැති කරගෙන වැඩිහිටියෙක් වෙන්න. මට ඕනි තව කාලයක් ළමයෙක් විදිහටම ඉන්න. හැමෝම අහනවා ඇයි අකිල ෆේස්බුක් එකට පැහැදිලි පොටෝ එකක් දාන්නෙ නැත්තේ කියලා. ඒ අකිල ළමයෙක් නිසා. අකිල වැඩිහිටියෙක් උනාම අනිවාර්යයෙන් ම පොටෝ එකක් දානවා.

  එතකොට අකිල බොන්නෙම නැද්ද ? 

             අනිවාර්යයෙන් ම බොනවා... බීලා බලන්න හරි.. මේ ළමා කාලේ දිගටම තියෙන්නෙ නෑනේ.. ඒ හැබැයි ළමා කාලේ ඉවර වෙලා වැඩිහිටියෙක් උනාම.  ඒ වැඩිහිටියෙක් කියලා මට දැනුනාම. ඇත්තටම ඉස්සෙල්ලම බොන්න හිතාගෙන ඉන්නේ ගෙදර ඉදලා තාත්තා එක්ක සෙට් වෙලා... තාත්තා කියන බ්‍රෑන්ඩ් එකක්. අන්න එදාට සෙල්ෆියක් ගහලා ෆේස්බුක් දානවා. මොකද එදා ඉදලා අකිල වැඩිහිටියෙක්....... හැබැයි දැන් ළමයෙක් 😃

#අකිල


No comments:

Post a Comment