Thursday, December 24, 2020

👉 ආදරේ හින්දා.... 👈

 

ඉතින් මැණික
උඹ බොරු සීයක් කියනකොට
ඒවා අහගෙන මාත් බොරු කිව්වේ,
උඹ අපායට ගිහින් මම දිව්‍යලෝකයට ගියොත්,
උඹව දකින්න බැරි වෙන හින්දා.....

උඹ බොරු කියලා,
තනියම පව් පුරව ගන්න හින්දා......

උඹ සතුටු හිතෙන විදිහට බොරුවක් කියනකොට
මම හිනා වෙලා, මට සතුටුයි කිව්වේ,
උඹත් එක්කම හිනා වෙන්න ඕනි හින්දා....
උඹ දුක හිතෙන විදිහට බොරුවක් කියනකොට මම දුකෙන් වගේ, ඇඩෙනවා කිව්වේ,
උඹ එක්කම අඩන්න ඕනි හින්දා.......

උඹ බොරු කියලා,
තනියම පව් පුරව ගන්න හින්දා......

උඹ මාව සැක කරනකොට, 
මං ගැන තැන තැන වැරදි කියනකොට,
ඒ ගැන නොසලකා හිටියේ,
හොයල වැඩක් නැති හින්දා...
ඒ උඹෙන් ඒවා අහන්න බැරි හින්දා...

උඹ මට බොරුකාරයා කියලා බනිනකොට,
හැමෝම ඉස්සරහා මාව වැරදිකාරයා කරනකොට,
මම නොකරපු වැරදි මම කරා කියලා,
බොරුවට සමාව ගත්තේ,
මට බොරු කියන්න ඕනි හින්දා......

උඹ බොරු කියලා,
තනියම පව් පුරව ගන්න හින්දා......

ඇත්තමයි ඒ උඹට,
ආදරේ හින්දා.....
උඹ අපායට ගිහින් මම දිව්‍යලෝකයට ගියොත්,
උඹව දකින්න බැරි වෙන හින්දා.....

#අකිල
#විශාකා දේවිය

No comments:

Post a Comment