Thursday, December 24, 2020

👉 මං ගාවම තියා ගන්න 👈



මම හිතන්නේ,
උඹේ මතකය
මං ගාවම තියා ගන්න...
ගුලි කර මහවැලියට
දමන්න නෙවේ,
මැරෙනකම්ම 
තියා ගන්න....

කාටවත් දෙන්න නෙවේ,
සැරෙන් සැරේ,
මට බලන්න...
ඒ මතකයේ සැරි සරන්න,
මැරෙනකම්ම 
මතක් වෙන්න,
මං ගාවම තියා ගන්න....

මම හිතන්නේ
ඒ මතකය,
ඇති වෙයි මට පණ පොවන්න,
ඒ ගැන මට කවි
ලියන්න....

මැරෙනකම්ම,
සතුටු වෙන්න,
මං ගාවම තියා ගන්න....

#අකිල

No comments:

Post a Comment