Saturday, December 26, 2020

👉 අංඟුලිමාල නැවතුනේ නැත්නම් බුදුන් තාම දුවන්නත් ඉඩ තිබ්බා..... 👈


මේ ලෝකේ සෑම වීරයෙක්ම වීරයෙක් වෙන්නෙ දුෂ්ඨයා නිසා.. දුෂ්ඨයා ගත්ත ‍තීරණ නිසා.. සෑම දාර්ශනිකයෙක්ගෙම කතාව ඉතිහාසගත වෙන්න ඔහුට හිටිය දුශ්ඨයෝ හා ඒ දුශ්ඨයෝ ගත්ත තීරණ ඉතාම වැදගත් වෙනවා..

ඉතිහාසය පුරාම ඒක ගලාගෙන යනවා.

            උතුරේ දුෂ්ඨයෙක් හිටියේ නැත්නම් අපිට මෑතක වීරයෝ බලා ගන්න බැරි වෙන්න තිබ්බා...

            එළාර හිටියේ නැත්නම් දුටුගැමුණු වීරයෙක් කියලා පොත් වල නොලියවෙන්න තිබ්බා...

            ජේසුස්ව කුරුසයේ එල්ලුවේ නැත්නම් ඔහු එතරම් කෙනෙක් නොවෙන්න තිබ්බා...

            දේවදත්ත කෙනෙක් හිටියේ නැත්නම් බුදුන් ගැන කතා තව අඩු වෙන්න තිබ්බා...

            අංඟුලිමාල නැවතුනේ නැත්නම් බුදුන් තාම දුවන්නත් ඉඩ තිබ්බා.....

     ඉතින් ඔයාට දුෂ්ඨකම් කරන කෙනාට ගරු කරන්න. කොටින්ම ඔයාට වීරයෙක් වෙන්න ඕනිනම් දුෂ්ඨයෙක් හොයා ගන්න. නැත්නම් දුෂ්ඨයෙක් හදා ගන්න.........

#අකිල


No comments:

Post a Comment