Thursday, December 24, 2020

👉 "ඔයාට ලස්සන ගාත් දෙකක් තියෙන්නේ. ලස්සනයි ඒක" 👈



හැම කෙනෙක්ම සමාජෙන් යමක් බලාපොරොත්තු වෙනවා. කෙනෙක් සමාජෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිචාරය අපි තේරුම් ගන්න ඕනි. තේරුම් අරගෙන ඒ මනුස්සයගේ හැගීම් වලට ගරු කරලා, ප්‍රශංසා කරන්න ඕනි... අගය කරන්න ඕනි... එහෙමයි ගුණ ගරුක සමාජයක්.. හිතන්න එහෙම උනාම මිනිස්සු කොච්චර සතුටින් ඉදීවිද කියලා...

          ගැහැණු ළමයෙක් කොණ්ඩය වවන්නේ හරිම ආසාවෙන්.. කොණ්ඩෙට සාත්තු කරලා, ඒක පීරලා, ගැට ලිහලා, ශැම්පු දාලා හෝදලා, පුදුම ආදරේකින් තමයි කොණ්ඩය වවන්නේ... ගමනක් බිමනක් යනකොට කොණ්ඩේ දිගයි කියලා පෙනෙන විදිහට, කොණ්ඩේ හදාගෙන තමයි යන්නෙත්....! ඉතින් එහෙම ගැහැණු ළමයෙක් දැක්කාම, "ඔයාට ලස්සන කොණ්ඩයක් තියෙන්නේ. ලස්සනයි ඒක" කිව්වාම කෙල්ලට මාර සතුටක් දැනෙන්නේ....

          ඒ වගේමයි කොන්ඩේ ක්‍රේල් කරලා, ස්ට්‍රේට් කරලා, අයන් කරලා, කලර් කරලා ඔය එකී මෙකී නොකී සියළු දේ කරලා කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නෙත් ඒකයි. එහෙම කෙල්ලෙකුටත්, "ඔයාට ලස්සන කොණ්ඩයක් තියෙන්නේ. ලස්සනයි ඒක" කිව්වාම කෙල්ලට මාර කික් එකක් සතුටක් දැනෙන්නේ...

          ඊයේ මම දැක්කා, සුදු ගැහැණු ළමයෙක්. (සුදු බබෙක්) සෑහෙන්න කොට ගවුමක් ඇදලා හිටිය ඒ ළමයට තිබ්බේ සුදුම සුදු කකුල් දෙකක්.. හරියටම සුදු පාට වෙල්වට් සබන් කැටයක පාට නැතත්, ඊට බොහෝ සමාන පාටක් තිබුන ඒ කකුළ් දෙක අවුරුදු ගානක් පාවිච්චි කරපු කළුවර මෝල් ගහක් තරම් සිනිදු බවක් තමයි මට දැනුනේ...(අතට නෙවෙයි හිතට.) සැරෙන් සැරේ ඒ ගෑණු ළමයා කකුලක් උඩ කකුලක් දාගෙන සෙල්ෆි ගහනවත් මම දැක්කා. 

       ඉතින් මම කල්පනා කරේ ඔය ගෑණු ළමයා, ඔය කකුල් දෙකට කොච්චර සාත්තු කරනවා ඇතිද... 
    ගොවියෙක් උදැල්ලක් අරගෙන තණකොළ කපනවා වගේ රෝම කූපයක් නැති වෙන්න තරම් කොච්චර මහන්සියකින් උදළු ගානවා ඇතිද...
   වඩු බාස් කෙනෙක් වැලි කඩදාසියකින් ලෑල්ලක කෙදි අයින් කරලා සිනිදු කරනවා වගේ චූටි චූටි රෝම කූප කොච්චරනම් අයින් කරනවා ඇතිද...
    මේසන් බාස් කෙනෙක් පොටි ගාලා,  බිත්තියක වලවල් වහලා, බිත්තිය සිනිදු කරනවා වගේ කොච්චරනම් ක්‍රීම් ජාති ඔය කකුළ් දෙකේ ගානවා ඇතිද...

      ඇත්තටම කොණ්ඩෙ වෙනුවෙන් සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙක් මහන්සි වෙන තරම්ම මේ ළමයා කකුල් දෙක වෙනුවෙන් මහන්සි වෙන්න ඇති. ඒ බව පෙන්වන්න කොටට අදින්නත් ඇති. මම ඉස්සරහා ඉන්නවා කියලා දැන දැනම කකුලක් උඩ කකුලක් දාන්නත් ඇති... 

අපරාදේ....!
මට කියන්න තිබ්බේ, "ඔයාට ලස්සන ගාත් දෙකක් තියෙන්නේ. ලස්සනයි ඒක"
    
#අකිල


No comments:

Post a Comment