Wednesday, December 23, 2020

👉 අප්පෝ වට්ටක්කා 👈



රසයි රසයි කිය කිය,
උඹලගේ බත් පාර්සල් 
කනකොට, 
බිත්තර කරවල මස් එක්ක.......

මගේ බත් එකත් දිඟ ඇරලා 
අප්පෝ වට්ටක්ක
කියලා,
උඹලා අහක බලා 
ගන්නකොට.....

පොළව පලාගෙන
යන්න හිතෙන්නේ මට,
මමයි දන්නේ 
අපේ අම්මා මෙහෙම හරි
මට උයලා දෙන්න
කන කට්ට.....

No comments:

Post a Comment