Thursday, December 24, 2020

👉 මම විරුද්ධයි ළමයි මහණ කරනවට 👈



මම පෞද්ගලිකව විරුද්ධයි ළමයි මහණ කරනවට. මහණ කරනවට විතරක් නෙවෙයි, කිසිම ආගමික, දේශපාලනික, සංස්කෘතික කාරණයකට ළමයෙකුට අනියම් බලපෑම් කරනවට මම පෞද්ගලිකව විරුද්ධයි. ඒක මට පේන්නේ ළමා අපරචාරයක් වගේ....ළමා මෙහෙකාර සේවයක් වගේ... තමන්ගේ ගොබ්බ අරමුණු වෙනුවෙන් ළමයෙක් පාවිච්චි කරන එක, ශිෂ්ඨ සම්පන්න මිනිස්සු නොකල යුතු දෙයක් කියලයි මට නිතරම හිතෙන්නෙ.... මොකද ළමයි කියන්නේ ළමයි නිසා.

         මම හිතෙන විදිහට පංසල් වලට පොඩි කාලෙම ගිහින් දාන්නේ කරුමෙට හිටලා වැරදිලා හැදිච්ච කන්න දෙන්න බැරි කොලු පැටව් ටිකයි, ගෙදර බැල්ලි වටේ ගිහින් හදාගෙන ඇවිල්ලා ගෙදර ප්‍රසූත කරාම, කන්න දෙන්න බැරි බලු පැටව් ටිකයි විතරයි.... මොකද මම හිතන්නේ නෑ ළමයින්ට ආදරේ කරන කිසිම දෙමාපියෙක් ලොකු හාමුදුරුවන්ගේ කෙලින් උන් ජුන්ඩා හුරතල් කරන්න තමන්ගේ ළමයෙක් යවාවි කියලා....

        මට දවසක් කෙනෙක් කිව්වා පොඩි කාලෙම එයාම කැමැත්තෙන් මහණ වෙන්න ඕනි කිව්ව නිසා මහණ කරා කියලා. මහණ වෙන්න ඕනි කියලා ගෙදරට බල කරාලු, ඇඩුවලු, ගෙදරින් පැනලා ගියාලු.... ඒක නිසා මහණ කරාලු. මට ඉතින් කුණුහරුප මතක් උනේ. වයස අවුරුදු 16ට අඩු ළමයෙක් දෙන කැමැත්තක් කොහොමද පිළිගන්නේ ? වයස අවුරුදු 16ට අඩුනම් ළමයෙක් ලිංගික කාර්යන් වලට කැමති කර ගන්න එක අමාරු වැඩක්ද... එහෙම ලිංගික ක්‍රියාවලියකට පොඩි ළමයෙක් ටොපියක් හරි දීලා කැමති කර ගෙන, "මම ඒක කරේ ඒ ළමයගේ කැමැත්තෙන්" කියන එක කොච්චර කාළකණ්නි කතාවක්ද...... ළමයගේ කැමැත්තෙන් මහණ කරා කියන්නෙත් ඒ වගේ තමා....

      එතකොට ඔය මට මහණ වෙන්න ඕනි කියලා ඒකට ආසාවෙන් ගෙදරට කේස් එක දාන හැම පොඩි එකාවම මහණ කරනවනම්, මට කසාදයක් බදින්න ඕනි ආසයි කියලා හරි මට අරක්කු බොන්න ඕනි ආසයි කියලා හරි ගෙදරට වලි දැම්මොත් ඒකත් කරන්න ඕනිනේ.... යකඩෝ ඒක තමයි කියන්නේ ළමයෙක් කියන්නේ ළමයෙකුට. ළමයගේ කැමැත්ත නිසා කියලා ළමයෙක් එක්ක ලිංගික ක්‍රියා කරන එකටයි ළමයගේ කැමත්ත නිසා මහණ කරන එකටයි  මට කියන්න තියෙන්නේ ඒක ලිංගික අපහරණයක් කියලා විතරයි... 

       මට හොදට මතකයි මම පොඩි කාලේ ගෙදරට මාර කේස් එකක් දැම්මා මහණ වෙන්න ඕනි කියලා. මොකද ඒ කාලේ මම හිතාගෙන හිටියේ මම බුදු කෙනෙක් කියලා. මම මහණ වෙලා සංසාරෙන් එතෙර වෙලා සියළු සත්වයෝ දුකින් එතෙර කරන්න හෙනම ඇම්මක් මට පොඩි කාලේ ඉදන්ම තිබ්බා. හැබැයි මට හොදට මතකයි අම්මා නිතරම කිව්වේ, "මම මේ මාස දහයක් බඩේ තියාගෙන හැදුවේ උඹව පංසලකට දෙන්න නෙවේ" කියලා. (හැබැයි තාත්තා නම් කිව්වේ මාව මහණ කරලා ශාසනේ විනාශ කරන්න කැමති නෑ කියලා 😂)  ඉතින් මගේ අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න මාව ගෙදරට බරක් උනේ නෑ... 

       අනිත් එක පංසලකට ළමයෙක් භාර දෙන්නෙ හරියට පිස්සන් කොටුවකට ළමයෙක් දාලා හිර කරනවා වගේ... අපරාධකාරයෝ හරි මානසික විකෘතියෝ හරි ඉන්න කාමරයකට දාලා හිර කරනවා වගේ... දැන් සුනීතලා සෝපාකලා නතර කරන්න වෙන්නේ, එහෙම හාමුදුරුවරු එක්ක...
          
          මගේ ජීවිතේ පංසල් වල මම දැකපු හැම හාමුදුරුවෙක්ම එක එක කැටගරි වල උන්.... ඒ කියන්නේ කොළු කාරයෙක්, බඩු කාරයෙක්, ගල් කාරයෙක්, වැල් කාරයෙක්, බීඩී කාරයෙක්, බිස්නස් කාරයෙක්, බුකී කාරයෙක්, මන්තර කාරයෙක්,.... ඔය කියපු එක්කට හරි කීපයකට හරි අනිවාර්යයෙන් වැටෙනවා....
         ෆේස්බුක් එකේ ඉන්න අහවල් හිමිලයි අහවල් තෙරලයි ගැන පොඩ්ඩක් හොයලා බැලුවාම තේරෙනවා. නිකමට හිතලා බලන්නකො හාමුදුරුවෝ කෙනෙක් ෆේස්බුක් එකවුන්ට් එකක් හදා ගන්නේ ජනී ජනයා දුකින් මුදවාලන්නද ? අනන්ත වූ හම්මටසිරි අහවල් ධර්මයක් ප්‍රචාරය කරන්නද ? ඔය ෆේස්බුක් ඉන්න හාමුදුරුවෝ සේරම දිහා මම බලන්නේ අර කිව්වා වගේ "කාරයෝ" කැටගරියේ හැම කැටගරියකටම අයත් වෙන එකෙක් කියල...
          දකුණු ඉන්දීය නිළියකගේ ෆොටෝ දෙක තුනක් උස්සලා කෙල්ලෙක්ගෙ ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගෙන ඔයින් එක පරයෙකුට රික්වෙස්ට් එකක් යැව්වනම්, රට පිළිගත් උන්නාන්සෙලාගේ කෝටියක් සංවර සීලය රෑට රෑට රෙද්ද පල්ලෙන් දියාරු වෙලා කකුල් දෙක මුල වැක්කෙරෙන හැටිත් බලාගන්ඩ තිබුණා....!)

          සිල්වත් හාමුදුරුවරුත් ඉන්නවා කියලා දැන් කියාවි ඉතින්. මට මතක් වෙනවා උපාසක අම්ම කෙනෙක් කිව්ව කතාවක්. "අනේ මාර පිංවන්ත මූණක් තියෙන්නේ.... මාර ලස්සනක්නේ.... ගැහැණියක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ... බිම බලාගෙනමයි ඉන්නේ... ගොඩාක් සල්ලි තියෙන තැනක ළමයෙක්.... පිංවන්තකම නිසාම මහණ වෙලා තියෙන්නේ.... කියලා වර්ණනාවක් දැම්මා. ටික දවසක් ගියාම තමා ආරංචි උනේ, කෙල්ලෙක් දිහා බලන්නෙවත් නෑ හැබැයි කොල්ලෙක් පේන්න බෑලු 👬 🙈 

          හැබැයි පුතේ තව දෙයක් තියෙනවා. මේ ලෝකේ ලේසියෙන්ම සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් තමා මහණ වෙන එක... කවි බණක් තාලෙට කියා ගන්න පුළුවන්නම්, අවජාතකයක් හරි කමක් නෑ චිත්ත රූප මැවෙන්න ලස්සනට කියන්න පුළුවන්නම්, උපාසක අම්මලගේ මයිල් කෙලින් වෙන්න ටෝක්ස් කරන්න පුළුවන්නම්, ජාතිය රට සංස්කෘතිය ආගම ගැන හැගූම්බර දේශාභිමානය ඇතිවෙන දේශන කරන්න පුළුවන්නම්  සල්ලි තමයි 💰 💰 💰 💰 💰 💰 ඉතින් බුද්ධිමත් දෙමාපියෝ හිතලා ගන්න තීරණයක් වෙන්නත් බැරි නෑ..... 😂
 
#අකිල

No comments:

Post a Comment