Thursday, December 24, 2020

👉 ඇඩ්‍රිනරීන් ඕනිමයි 👈



මිනිහෙක්ට ජීවත් වෙන්න උත්තේජනයක් අවශ්‍යයි බන්. මොන දේ උනත් සාර්ථක කර ගන්න මොනයම් හෝ උත්තේජනයක් තියෙන්නම ඕනි. පොඩි උදාහරණයක් කියන්නම්, 

    මේ ලෝකේ මෙච්චර දියුණු උනේ බඩගින්න කියන උත්තේජනය නිසා බන්. දඩයමක් කරලා කන්න තරම් සතෙක් පෙළබුනේ, ආයුධ හදන්න, වගා කරන්න, නව නිර්මාණ හදන්න, හැමදේකටම බඩගින්න උත්තේජනයක් උනා. මේ ලෝකේ පරිණාමය උනේම ආන්න ඒ කියන බඩගින්න නිසා බන්. පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන්, ලෝකේ දියුණු වෙනකොට උත්තේජනයන් වැඩි උනා... ඒ අතර ඉරිසියාව, වෛරය, මාන්නය, වගේම ආදරය, කරුණාව, මෛත්‍රිය වගේ උත්තේජනයන් ඇති උනා. අල්ලපු ගෙදර ළමයට ඉරිසියාවෙන් තමන්ගේ ළමයට පාඩම් කරන්න බල කරා වගේම, අල්ලපු ගෙදර ළමයට තමන්ගේ ළමයට වගේ ආදරෙන් පොත් පත් ගෙනත් දෙන එක දක්වාම මේ උත්තේජනයන් වැඩි වගේම විවිධ උනා කියලත් කියන්න පුළුවන්......

       ඔය කියන උත්තේජනය සමහරවිට ජීවිතේ අරගෙන යන, රැකගෙන ඉන්න එකම ආරක්ෂකයා කියලත් කියන්න පුළුවන්. ඒ වගේම එකම උත්තේජනයක් දරුණුවට හිතට කා වැදිලා මොලේ පාලනය අරගෙනනම් ඉන්නේ, ජීවිතේ විනාෂ කරන, නැති කරලා දාන මාරය විදිහට වෙනස් වෙන්නත් පුළුවන්. හොඳම උදාහරණය ආදරය.... ආදරේ කියන හෝර්මෝන කීපයක ක්‍රියාකාරිත්වය නිසා මිනිස්සු ආසාවෙන් ජීවත් වෙන්නත්, මිනිස්සුන්ගේ ජීවිතේ ආසාව නැති වෙන්නත් පුළුවන්. 

    අපි වැඩ කරන තැනක, ඉගෙන ගන්න තැනක, කෝස් එකක් කරන තැනක, කොටින්ම අපි ජීවත් වෙන ඕනෑම තැනක අපිට නැවුම්ව රීෆ්‍රෙෂ් වෙලා උද්‍යෝගිමත් ම ඉන්න පුළුවන් වෙනවා අපේ හිත කැමති, අපේ හිත ඉල්ලන, ලස්සනක් ගතිගුණක් තියෙන කෙනෙක් අපිට පේන්න දකින්න ඉන්නවනම්... මතක් කරලා බලපන් බොහෝවිට හොඳම යාළුවා යන්නේ නැත්නම් උඹත් නොයා ඉන්න, මඟාඅරින තැන් කොච්චරනම් තියෙනවද... 
     
        මොන හේතුවකටද මන්දා, ඔය හිත කැමති කෙනා එකම ලිංගිකයෝ වෙනවට වඩා විරුද්ධ ලිංගිකයෙක් වෙනකොට දැනෙන උත්තේජනය මාරම පවර්ෆුල් බන්... 

       උදාහරණයක් කීවොත්, කොල්ලෙක් අම්බානකට මහන්සි වෙලා තෙහෙට්ටුවෙන් හිටියත් තමන් කැමති කෙල්ලෙක් දැක්ක ගමන් ඒ අමාරුකම් නැති වෙලා යනවා.... කොටින්ම අමතක වෙනවා. කෙල්ලන්ටත් එහෙමයි... ඒ තමන්ගේ හිත කැමති විරුද්ධ ලිංගිකයා හා එකිනෙකා එක්ක කතා නොකලත්, එකිනෙකා අදුර නොගත්තත්, අපේ හිත කැමති කෙනෙක් දැකීමෙන් විතරක්ම අපිට එහෙම ජීවත් වෙන්න, උත්තේජනයක් එන්නෙ ඇඩ්‍රිනරින් නිකුත් වෙන නිසා වෙන්න ඇති බන්... උඹලටත් ඒ අත්දැකීම ඇති නේද බස් වල යනකොට එහෙම.... 
    
මොහොතකට අපේ හිත සැහැල්ලු කරන්න, නිවා දමන්න, ප්‍රීතිමත් කරන්න, උත්තේජයක් ලැබෙනවනම් කව්ද බන් අකමැති. ඒ හැගීම දැනෙනකොට, මගේ හිත කැමති කෙනා මට කැමතිද, එයා මොනවගේද, එයා කසාද බැදලද, මම කසාද බැදලද, වගේ ප්‍රශ්න මොහොතකට අමතක වෙනවා බන්.

     දුර ගමන් බස් එක්ක කිලෝ මීටර් ගානක් යන එකෙක්ට මඟින් නැඟලා මඟින් බැහැලා යන කෙල්ලෙක් දිහා බලාගෙන ඉදලා ඇඩ්‍රිනරින් වගේ හෝර්මෝනයක් මොලෙන් පිටකරගෙන, සුළු මොහොතකට සමාධියකට යන්න පුළුවන් වෙනකොට, ටිකක් වෙලා ඒ කෙල්ල දිහා බලාගෙන ඉන්න ගත්තාම ඒ කෙල්ලත් අපේ උත්තේජනය වලට ප්‍රතිචාර දක්වනකොට, අපේ මහන්සිය තෙහෙට්ටුව නැති වෙනකොට ඒ කෙල්ල කාගේ කව්ද, මම බලන එක වැරදිද, ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද, ඒ කෙල්ලට ළමයි ඉන්නවද, වගේ දේවල් නොහිතා හිත සැහැල්ලු කර ගන්න පුළුවන් වෙන එක මාරයි නේද බන්... මම පට්ටම ආසයි ඒ විදිහට මිනිස්සු හැදිලා තියෙන එකට...... කොල්ලන්ට විතරක් නෙවේ, දුර ගමන් බස් එක්ක කිලෝමීටර් ගානක් ඉදගෙන යන කෙල්ලොන්ටත් හැන්ඩියට ඇදලා පැලදලා ඩීසන් විදිහට ඉන්න කෙනෙක් දැක්කාම ඕකම වෙනවා බන්... එහෙම නෑ කියනවනම් ඉතින්.....

      ඇත්තටම එතන තියෙන්නේ සරල ක්‍රියාවලියක් බන්. අපි ලස්සන මලක්, ගහක්, සතෙක්, දර්ශනයක්, දැක්කාම හිත සතුටින් පිරෙන්නේ... ආන්න ඒ වගේ දෙයක්. හැබැයි ඉතින් මම මේ කියපු දේම, දකින දකින කෙල්ලගේ ඇදුම් ගලවලා අහවල් වැඩේ කරන්න හීන මවන උන්ට වෙන්නෙ වෙනම විදිහට බන්. ඒක ලිංගික දුබලතාවන් තියෙන උන්ට කියලා දෙන්න මට තේරෙන්නෙ නෑ ඉතින්... ඒත් ලස්සන දේවල් වලට ලස්සනයි කියන, ලස්සන දේවල් ලස්සන විදිහට තියෙනවට ආස උන්ට මම මේ කියන දේ තේරුම් යන්න ඇති.
    
         මේ දේවල් ගැන කල්පනා වෙන්න ඔය අත්දැකීම් විදගන්න ඕනි බන්.... ඒත් උඹලට ප්‍රශ්නයක් ඇති සමහරවිට, ජීවිතේ සාර්ථක කරන්න ලැබෙන ආදරේ කියන උත්තේජනයම මිනිහෙක්ගේ ජීවිතේ විනාෂ කරන්නේ කොහොමද කියලා.... නේද...

     උදාහරණයක් කියනවනම්, නිකමට හිතපන් මම කරන කම්පියුටර් කෝස් එක ගැන...නිකමට හිතපන්,... උදාහරණයක් විදිහට කම්මැලි දවසක, උදේ ඇහැරෙන්න කම්මැලි වෙනකොට, වැස්ස දවසක, මම ඔය උත්තේජනය පාවිච්චි කරනවා. ඒ වගේම, කෝස් එක වෙලාවෙදි බඩගිනි වෙනකොට, නිදිමත එනකොට, උගන්වන දේවල් එපා වෙනකොට, ආයෙත් මම ඒ උත්තේජනය පාවිච්චි කරනවා. ඔව් ඔව්... ලස්සන කෙල්ලෙක් දිහා මම බලාගෙන ඉන්නවා.  මම  ඒ කෙල්ලව මතක් කරලා කෝස් එකට යනවා. හැබැයි ඒ කෙල්ලව අයිති කර ගන්නවත්, ඒ කෙල්ල එක්ක අහවල් වැඩේ කරන්නවත් හීන මවන්නේ, හිතන්නේ නෑ මම... හැබැයි ඒ කෙල්ලට මම ආදරේ කරනවා.(හිතින්) ඒ කෙල්ලගේ අහිංසක පෙනුමට තියෙන ලස්සන හිනාව දිහා බලාගෙන ඉන්න මම ආසයි... ඒ වගේම ඒ කෙල්ල ජීවිත කාලෙම සතුටින් ඉන්නවටත් මම ආසයි.. මම ඒක පාර්ථනා කරනවා බන්... ඒ කෙල්ලට මට වඩා හොඳ කොල්ලෙක්, සල්ලි කාරයෙක්, හොඳම ජීවිතයක් මම පාර්ථනා කරන්න ගන්නවා... ටිකෙන් ටික මගේ උත්තේජයනය වැඩි වෙලා වැඩි වෙලා වෙනස් වෙනවා ආදරේ විදිහට, ඒකත් වැඩි වෙනවා. දවසින් දවස... හිතා ගන්න බැරි විදිහට.. ඒ කෙල්ලව නොබලා ඉන්න බැරි තරමට.... පාපොච්චාරණයක් නෙවෙයි ඈ, නිකමට හිතපන්.... ආන්න ඒක තමයි මම කීවේ ආදරය කියන උත්තේජනය මිනිහෙක්ගේ සාර්ථකත්වය වගේම විනාෂය ගේනවා කියලා....  
      
         ඉතින් මම මුලින් කීවා වගේම මිනිහෙක්ට ජීවත් වෙන්න සාර්ථක වෙන්න උත්තේජනයක් ඕනි වගේම ඒ උත්තේජනයට ඇබ්බැහි වෙලා ඒක නැති උනාම ඒ මනුස්සයගේ අවසානයත් විනාශයත් එනවා බන්... ලොකූ ලොකු උදාහරණ ඕනි නෑ මෙහෙම හිතපන්කෝ,

  මට උත්තේජනයක් වෙන, ඒකි දිහා මම හැමතිස්සෙම බලාගෙන ඉදලා, ඒ ලස්සන බෝනික්කියෙක් වගේ කෙල්ලට ආදරයක් වගේ එකක් ඇවිල්ලා ඒක නරක පුරුද්දක් උනාට පස්සේ, එක පාරටම ඒ කෙල්ල කෝස් එකට එන එක නතර කලොත් ? 
එහෙම නැත්නම් ඒ කෙල්ල මම බලන එකට ඇබ්බැයි උනොත්, ඒ කෙල්ලට මාව අමතක කරන්න බැරි උනොත් ? 

     ඉතින් උඹලත් ජීවිතේ ට ජීවත් වෙන්න උත්තේජනයක් ඇති කර ගනිල්ලා... ඒ උත්තේජනයට අම්බානකට ඇබ්බැහි නොවී ඉදහල්ලා...... කොටින්ම උඹලා ඇබ්බැහි වෙන්නත් එපා, උඹලට ඇබ්බැහි වෙන්න දෙන්නත් එපා....
.
.
.
.
.

(මේක ඔහේ ලියාගෙන යනකොට අත රිදෙන්න ගත්තා, ඉතින් මේ ලියන එක සඳරුවන් අයියගේ කවි පංතියකින් ඉවර කරන්න හිතුනා.... සඳරුවන් අයියගේ සාටර් පෙම්වතා කවි පංතිය... ඒකෙ කොටසක...)

කොණ්ඩය මැදින් බෙදලා පීරා ගත්ත
පරණ කමිසයක් නිතරම ඇඳගත්ත
සෙරෙප්පු කටු දෙකක් දෙපයේ ලාගත්ත
පෙම්වන්තයා මම වෙමි ඔබෙ සිත් ගත්ත

හරි ඉගැනුමක් දැනුමක් මා සතුව නැති
සල්ලිය යාන වාහන ගේ දොර නොමැති
පාරේ හන්දි ගානේ ඇවිදිමින් නිති
චාටර් කන මටද ඔබගේ හිත කැමතී 

ඉංගිරිසියෙන් එක වදනක් ලියනු බැරී
දෙවරක් චක්කරේවත් මට කියනු බැරී
මවු බස හැරෙන්නට වෙන කිසි දෙයක් බැරී
මා නොමැතිව ඇයි ඔබ හට ඉන්න බැරී

මා ගැන මතකෙ දින දින අමතක වීයන්
ඔය රත්තරන් මුහුණේ හසරැල් නැඟියන්
දිනෙන් දිනම නුඹ තව තව හැඩ වීයන්
සඳක් වගේ කොල්ලෙක් නුඹහට ලැබියන්

No comments:

Post a Comment