Saturday, December 26, 2020

👉 ආදරේ තියෙන්නෙම, අම්මා ලඟ.... 👈


ආදරේ රස එන්නෙම
වැඩ කර කර ඉන්නකොට...,
අම්මා ගේන තේ එක
බොද්දි ඔළුව අතගානකොට.......!

ආදරේ සුවද දැනුනෙම
අව්වේ වැඩ කරනකොට...,
හෙවනකට ගිහින් අම්මගේ
චීත්තෙන් දාඩිය පිහිනකොට........!

ආදරේ හඬ ඇහුනෙම
කෑමට නොයා වැඩ කරනකොට...,
දැන් ඇති පුතේ කියලා අම්මා
ලඟට ඇවිත් කියනකොට.......!

ආදරේ මට පෙනුනෙම
අත්වල දිය පට්ට එනකොට...,
බත් මුට්ටියට අත් අල්ලන්න 
අම්මා හවස මතක් කරනකොට.......!

ආදරේ තදට දැනුනෙම
උදැල්ලට කකුල කැපෙනකොට...,
ඉරලා අම්මගේ චීත්තෙන්
ලේ නවත්තන්න හදනකොට.........!

ඇත්තමයි....

ආදරේ තියෙන්නෙම,
අම්මා ලඟ..............!

#අකිල

No comments:

Post a Comment