නුඹ බය මට සිනහා වෙන්නට
මාව සතුටින් පුරවා දමන්නට
ගැහෙනා හදවතේ ස්පන්දනයට
ඉඩ ඇත නහරයක් පුපුර යන්නට
ඔබගේ කුරිරු වදනින් තදින් මට
වේදනා දෙන්නේ හදෙන් ගැඹුරට
සර්ජරි තල පහරක් ලෙසින් මට
ඔබගේ මතක ඇවිදින් විටින් විට
මම බයයි නුඹේ සිනා රැල්ලට
ඔබට ආදරේ සිතෙන බැල්මට
මගෙන් පේන සරල ගැමිකමට
නුඹ ආදරේනම් අනේ ඇත්තට.......
#අකිල
No comments:
Post a Comment