ඔන්න එකමත් එක කාලෙක එකෝමත් එක රටක, (ආහ්හ් මම හිතන්නේ අප්‍රිකාවේ, රජ කාලේ වෙන්නෝන) රජ කෙනෙක් හිටිය. නිකම් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ කියමුකො... රජතුමා ගැන කියනවනම් නීතියට වැඩ කරන ඉක්මනින් කේන්ති යන කෙනෙක්ලු... මේ රජතුමාට හිටිය සුපිරි පුරෝහිත කෙනෙක්. සුපිරි කියන්නේ සුපිරිම කෙනෙක්. එයාට හොඳ දැනුමක් තියෙන බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම හොඳට අනාවැකි කියන කෙනෙක්. නිකම් හිතන්නකො සුමනදාස මහත්තයා වගේ කියල. ඉතින් මේ රජතුමා මොන දේ උනත් කරන්නේ මේ පුරෝහිතගෙන් අහල. ඒ අහපු අහපු හැම දේම සාර්ථක වෙනවා. මේ පුරෝහිත හැම තිස්සෙම කියන දෙයක් තමයි *හැමදේම වෙන්නේ හොඳටනේ* කියන එක.
______________________________
ඔන්න ඉතින් රජතුමා දවසක් දඩයමේ යන්න ලෑස්ති උනා. සාමාන්‍යයෙන් රජතුමා පුරෝහිත තුමාවත් එක්ක ගෙනනේ හැම තැම යන්නේ. ඉතින් ඔන්න මෙදත් රජතුමා පුරෝහිතයි පිරිවරයි එක්ක ඇමේසන් වනාන්තරයේ දඩයමේ යන්න ලෑස්ති උනා. යන්න ඔක්කොම ලෑස්ති කරලා රජතුමා අශ්වයා පිටට නගිනකොටම රජතුමා ගේ කඩුව වැටෙන්න ගියා. ඉතින් රජතුමා කඩුව අල්ලන්න ගිය ගමන්ම රජතුමාගේ ඇඟිල්ලක් කැපුන. දැන් ඔක්කොටම හෙන අව්ල්.
පැනපු ගමන් අපේ පුරෝහිත කිව්ව *හැමදේම වෙන්නේ හොඳටනෙ රජතුමනි* කියල...
රජතුමාට වදුරු කුණුහරුප නෙවේ මතක් වෙලා උනේ අප්‍රිකානු කුණුහරුප...
කේන්ති ගිය රජතුමා මේ පුරෝහිතව හිර කරලා දාන්න කිව්ව දඩයමේ ගිහින් ඇවිත් හිස ගසා දාන්න... පුරෝහිත "අනේ රජතුමනි මම කරපු වැරද්ද මොකද්ද" කියල කොච්චර ඇඩුවත් රජතුමා නෙවේ කනකට ගත්තෙ.
_____________________
ඔන්න ඉතින් කැලේ ඇතුළටම රජතුමා ගියා සතෙක් හොයාගෙන. මේ කැලෙ ඉන්නවා මිනී මස් කන ගෝත්‍රිකයෝ සෙට් එකක්... මේ ගෝත්‍රිකයෝ සෙට් එක රජතුමා ඇතුළු නඩේ අල්ල ගත්තා.. අල්ලගෙන ඔක්කොම ගස් බැදලා දැන් මරලා කන්න ලෑස්ති. හැබැයි මේ ගෝත්‍රිකයෝ හෙනම ගෝත්‍රික ගති තියෙන සෙට් එකක්. මුන් කිළි ගැන හිතනව ගොඩාක්. තුවාල තියෙන අයව මරන්නේ නෑ. රජතුමාගේ තුවාලේ නිසා රජතුමා අත හැරිය... අනිත් සේරම මැරුවා.. එතකොට රජතුමා ට මතක් උනා පුරෝහිත කීව කතාව. *හැමදේම වෙන්නේ හොඳටනේ*
________________
රජතුමා රජ වාසලට ආපු ගමන්ම දුවගෙන ගියා හිර කූඩුවේ පුරෝහිත ගාවට. ගිහින් සමා වෙන්න කියලා කීවා..
"ඇත්තමයි පුරෝහිත හැමදේම මගේ වෙන්නේ හොඳට තමයි. ඔයා හරි. මගේ ඇඟිල්ල තුවාල උනෙත් මගේ හොඳට තමයි" කිව්වලු...
එතකොටම පුරෝහිත කිව්වලු, *අනේ එහෙම කියන්න එපා රජතුමනි, හැමදේම වෙන්නෙ මගෙත් හොඳට... රජතුමාගේ ඇඟිල්ල තුවාල උනෙ මගෙත් හොඳට* කිව්වලු.... 😂😂😂
#අකිල
No comments:
Post a Comment