Thursday, December 24, 2020

👉 උඹ දන්නවද 👈



මගේ බත් එකේ මාළු මොනවාද,
මොනවාද අද ගෙනාවේ කියලා,
උඹ හැම දවසෙම ඇහුවට
උඹ දන්නවද
උඹ ලඟ ඉන්නකොට,
මගේ බඩගින්නම 
නැති වෙනවා වගේ බන්......

උඹ සම්බෝලේ පහුරු ගගා,
හාල්මැස්සෝ හෙව්වට,
ව්‍යාංජන අතරින් 
උම්බලකඩ ඇහින්දට,
උඹ දන්නවද
උඹ එක්ක කනකොට 
මොන කෑමක් උනත් මට,
රස වෙනවා වගේ බන්.....

මොන තරම් බඩ පිරිල තිබ්බත්
දැන් කමුද කියලා උඹ අහලා,
කන්න යමු නේද 
කියලා කියනකොට,
උඹ දන්නවද
අමුතු සතුටක් එක්කම
උඹ එක්ක කන්නම බඩ,
හිස් වෙනවා වගේ බන්....

උඹ දන්නවද
නිවාඩු දවසෙම,
කන්න ගන්න හැම වෙලේම,
මතක් වෙන්නේ උඹව බන්....

තරහා වෙන්නේ නැත්නම්,
තව දෙයක් කියන්නද....

උඹට ආදරෙයි කියන්නම හිතුනත්
උඹ දිහා විතරක්ම බලාගෙන
උඹත් එක්ක කනකොට,
උඹ දන්නවද
මට ගොඩාක් බයයි උඹ,
හිස් අහසක් වගේ බන්....

ඉතින්,

හිතලා ඇත්තටම කියපන්.....
මං උඹ වෙනුවෙන් කරන තරම්,
උඹට මං වෙනුවෙන් කරන්න,
උත්සහ කරන්නවත්,
පුළුවන්ද බන්........?

#අකිල
#එරන්දියේ

No comments:

Post a Comment