Thursday, December 24, 2020

👉 මම ආසයි උඹට 👈



විශ්වාස කරපන්, මම ආසයි උඹට....
උඹේ විකාර පෙනුමට,
විකාර ගතියට.... 
උඹේටම උරුම උන, බජාර් ගතියට....

උඹ අනලා කවන බත් කටට,
ඒකෙන් එන අමුතු රසයට....
මම එපා කියනකොටත්,
උඹ බලෙන්ම මට බත් කවන, 
සෙනෙහසට....

උඹට ඒක විහිළුවක් උනාට,
ඇහෙන උන්ට විහිළුවක් උනාට
හැමෝටම ඇහෙන්න මට
සත්තලම් කියනවට.......

වෙන කෙල්ලෙක් ගැන කියනකොට
මට සැර දානවට....
විහිළුවෙන් උනත්,
අයාලේ යන මගේ හිත, 
උඹේ දම්වැලෙන් බදිනවට....

උඹේ සංවේදි හදවතේ ගැස්ම
මූණෙන් පේනවට,....
ඒකේ තප්පරෙන් වෙනස් වෙන,
සංවේදී තැන් පිරිමදින්නට.....
මේ කවිය කියවනකොට,
උඹේ මූණ රතු වෙනවා බලන්නට.......

විශ්වාස කරපන්,....ඇත්තටම,
මම ගොඩාක් ආසයි උඹට.....
උඹේ මූණට..ඒකේ හිනාවට,.....
පඩත්තර බැල්මට....
මගේ බයික් එකේ සයිට් කණ්නාඩියෙන්, 
ඒක දකින්නට......ඒක පේනවට.......
මගේ ජීවිතේ පුරාවට..........

තවත් පුළුවන් මට,
උඹට ආස හේතු,
ගොඩාක් කියන්නට,
ඒත් කෙටියෙන් කියන්නම්,,,,
ඇත්තමයි මම පට්ට ආසයි....
එරන්දියේ උඹට....💜

#අකිල
#එරන්දියේ

No comments:

Post a Comment