Thursday, December 24, 2020

👉 ආදරේ කියන්නෙම ඉදලක් 👈



ආදරේ හරියටම 
ඉදලක් වගේ නේද...
ජීවිතේ කියන මිදුල
අතුගාන්න ගන්න, 
විශ්වාසය කියන ඉරටු 
පිරිච්ච....

මට ඒක හිතුනේ,
ඉරටු කැඩිච්ච, 
පරණ වෙච්ච,
කොට ඉදලකින් 
මුළු මිදුලම අතු ගාලා 
ඉවර උනාට පස්සේ,

ලොකූ ඉරටු තියෙන,
අලුත්ම අලුත්,
ලොකු ඉදලක් 
කොහේදෝ තිබිලා
එක පාරටම හම්බුනාම.....

ඒ අලුත් ඉදලා දිහා,
ටිකක් වෙලා බලා ඉද්දි තමයි,
මට හිතුනේ,
මේ අලුත් ඉදලත් 
ටික කාලෙකින් පරණ වෙලා,
ඉරටු කැඩිලා, දිරලා ගියාම,
ආයෙත් අතු ගාන එක එපා වෙයි නේද.....

#අකිල

No comments:

Post a Comment