Saturday, December 26, 2020

👉 දිය වෙලා ගිය සිතුවම මම... 👈



ඔයා නේද සිත්තරී....

මහා වැස්ස පෙනෙද්දි,
අහස කළු වෙනවා දකිද්දි,
අකුණු සද්දෙත් ඇහෙද්දි
උඹ ඇදපු සිතුවමයි මම...
වහලක් නැති තැනක.......!

පිනි පොද වැටෙද්දි
උඹව ලාවට තෙමෙද්දි,
වැස්සෙන් බේරෙන්න දුවද්දි,
උඹ පාට කරපු සිතුවමත් මම...
උඹගේ කියලා අමතක....!

උඹ වැස්සෙ දුවද්දි,
උඹව වැස්සෙන් තෙමෙද්දි,
වහලක් උඹට ලැබෙද්දි,
දිය වෙලා ගිය සිතුවමත් මම...
සතුටින් උඹේ දියුණුව දැක.......!

#අකිල
#සිත්තරී

No comments:

Post a Comment