Saturday, December 26, 2020

👉 සුරාන්තයෙන් පස්සේ 👈

ඕනිම හීනයක් හැබෑ කර ගන්නකම් විතරයි ඒ හීනේ ලස්සන තියෙන්නේ කියලා මට හිතෙනවා. හීන හැබෑ උනාම ජීවිතේ බෝරින් වෙනවා. හීනයක් විතරක් නෙවේ ඕනිම දෙයක් උනත් ලබා ගන්නකම් විතරයි ඒකේ වටිනාකමක් තියෙන්නේ. එහෙම හිත හිත මගේ පරණ අත්දැකීම් මතක් කරනකොට මට හිතුනේ, හීනයක් හැබෑ කර ගන්න අපි වැය කරන දේවල් තමයි ලස්සන කියලා. හීනේ වෙනුවෙන් අපි සිදු කරන ක්‍රියාවලියයි ලස්සන.... 
 
      එතකොට ආතල් එකක් තියෙන්නේ දේවල් ලබා ගන්න එකේ නෙවෙයි. හම්බෙන එකේ නෙවෙයි. ලබා ගත්ත දේවල් වල නෙවේ... දෙයක් ලබා ගන්න අපි කරන ක්‍රියාවලියයෙ තමයි ආතල් එකක් තියෙන්නේ. ඒක සරලවම කියන්න පුළුවන්,

         "සුරාන්තයක් ලබා ගැනීම උදෙසා සිදු කරන ක්‍රියාන්විතයේ තමයි සැබෑම වින්දනය තියෙන්නේ" කියලා...! 

සුරාන්තයක් බලාපොරොත්තුවෙන් අපි පටන් ගන්න පළමු පියවරේ ඉදලා සුරාන්තයෙන් අවසන් වෙන වින්දනය දක්වා අතර අපි කරන ක්‍රියාවලිය තමයි ආතල් කොටස...

එක දිගටම සෙක්ස් කරගෙන කරගෙන ගියාම සුරාන්තය ඇති වෙනවා. සුරාන්තයෙන් පස්සේ ඇති වෙන්නෙ හිස් ගතියක් බොහෝ වෙලාවට.. සුරාන්තය නෙවෙයි සැනසීම... ඒක දැන දැන අපි සුරාන්තය වෙනුවෙන් මහන්සි වෙනවා... ඕක ගැන මතක් කරනකොට මතක් වෙන්නෙ සුරාන්තය ලැබුණු අවස්ථාව නෙවේ. සුරාන්තය ලබා ගැනීම වෙනුවෙන් කරපු දේවල්. එතකොට සුරාන්තය හා ආරම්භය අතර තමා ජීවිතේ ලස්සනම කියලා තේරුම් යනවා. මිනිස්සුගේ බලාපොරොත්තුව සුරාන්තය උනාට ඇත්තටම සතුට තියෙන්නේ සුරාන්තය වෙනුවෙන් කරන අරගලයේ.

කෙල්ලෙක් පස්සෙන් කැමැත්ත ඉල්ලගෙන යන කොල්ලෙක් ගැන හිතන්නකො. ඒ කෙල්ල කැමැත්ත දෙනකම් පස්සෙන් යන ඌ හැසිරෙන විදිහ හා කැමැත්ත දුන්නට පස්සේ ඌ හැසිරෙන විදිහ වෙනස් වෙන එක ගැන ඕනි තරම් සිදුවීම් මම දැකලා තියෙනවා....... ආතල් එක තියෙන්නේ කෙල්ලෙක් යාළු කර ගන්න එකේ නෙවේ. ඒ වෙනුවෙන් කරන අරගලයේ....

තරඟයක් වෙනුවෙන් පුහුණුවීම් කරන ක්‍රීඩකයෙක් ගැන හිතන්නකො. තරඟයෙන් දිණුම ලැබීම හා දිණුමෙන් පස්සේ දැනෙන හැගීම.... තරඟයෙන් ලැබෙන දිනුමේ නෙවේ ආතල් එක තියෙන්නේ. තරඟය වෙනුවෙන් කරන අරගලයේ තමයි ආතල් එක තියෙන්නේ...

(ඕකම මෙහෙමත් හිතුනා. මරණයක් කරපු කෙනෙක් ගැන හිතලා බලන්නකො.. ඒ මරණය සිදු කරලා ඉවර වෙන එකේ නෙවේ දඩුවම් තීරණය කරන්නෙ. මරණය සිදු කිරීමට ක්‍රියාත්මක උන ආකාරය අනුව. හදිසි කේන්තියට සමාව හම්බෙනවා කියලා අහලා තියෙනවා නේද.....)

       එහෙම හිත හිත ඉන්නකොට මට හිතුනේ, එතකොට මේ ජීවිතේ සතුට එහෙම නැත්නම් ආතල් එක තියෙන්නේ ඉලක්ක සපුරා ගැනීමේ නෙවෙයි. ඒ ඉලක්ක වෙනුවෙන් අපි සිදු කරන ක්‍රියවලියෙ.... අපි සතුට කියලා හිතන දේ ලඟා කර ගැනීම වෙනුවෙන් අපි කරන ක්‍රියාන්විතයෙ තමා ඇත්තටම සතුට තියෙන්නේ.......

එතකොට අපේ බලාපොරොත්තු සේරම ඉෂ්ඨ වෙලා ජීවිතේ සතුට උපරිම උනොත් සුරාන්තයෙන් පස්සේ ලැබෙන හිස් බව වගේ ජීවිතයට දැනේවි නේද ?

#අකිල

No comments:

Post a Comment