Thursday, December 24, 2020

👉 ඔබ නිසයි සමහරවිට 👈



තදින් රත්වෙන තාර පාර,
ඒකෙන් මූණට වැදෙන 
පීඩනය,
කාක්කෝ පරවියෝ 
බෝම්බ දාපු නටබුන් පිරුණ පාර....

අහංකාර කෙල්ලෝ, 
හයි හීල්ස් දාගෙන 
උඩ පැන පැන යන වැව රවුම...
මුස්ලිම් කෙල්ලෝ මූණ වහගෙන,
ඇස් වලින් හිනා වෙන,
සිටි සෙන්ටර් එක....

දුප්පත් පෝසත් බේදයක් නැතුව,
හැම එකාම අහංකාරය පෙන්වන,
සීමාව...
වැස්සම ගද ගහන,
ගුඩ්ශෙඩ්! ගුඩ්ශෙඩ්! 
රාජ්‍ය වචනේ උන,
මහනුවර....

සුන්දර ලෙස පෙනෙන්නේ,
මගේ කෲර ඇස් වලට,
ඔබ නිසයි සමහරවිට,
විශාකා දේවිය........

#අකිල
#විශාකා දේවිය

No comments:

Post a Comment