Saturday, December 26, 2020

👉 පොඩි කාලේ සෙල්ලම් කරපු කෙල්ල... 👈


මට මතකයි 
මම පොඩි කාලේ 
සෙල්ලම් කරපු කෙල්ල...
අපි කරේ අල්ලම් සෙල්ලම්....!

එයා දුවනවා, මම කළේ
එයාව අල්ලගන්න 
පස්සෙන් දුවන එක....
ඉස්සර මගේ අරමුණ උනේම,
එයාව කොහොමහරි 
අල්ල ගන්න එක.....!

දැන් අපි දෙන්නම
සෙල්ලම් කරන වයසක නෙවේ,
ඒත් මට දැනෙනවා
තාමත් එයා දුවනවා වගේ... 
හැබැයි ඉස්සර වගේ 
පිට්ටනියේ නෙවේ ජීවිතෙන්....!

තාමත් මට දැනෙනවා
මම පස්සෙන් දුවනවා වගේ...
හැබැයි ඉස්සර වගේ
අල්ල ගන්න අරමුණෙන් නෙවේ, ආදරෙන්....!

#අකිල

No comments:

Post a Comment