Tuesday, July 3, 2018

👉උගුරැස්ස තලලා කෑවට මිදි තලලා කන්නේ නෑ.👈


උගුරැස්ස තලලා කෑවට මිදි තලලා කන්නේ නෑ.👈


ඒ වගේ තමයි මිනිස්සුත්.....
උගුරැස්ස වගේ තැලුනම රස වැඩි වෙන අය.... 
මිදි වගේ තැලුනම වැඩක් නැති අය.... 
උගුරැස්ස හැදෙන්නේ කාශ්ඨක පොළොවේ... අපෙ පැත්තෙනම් කැලේත් තියෙනව. උගුරැස්ස ගහේ කටු තියෙනවා. ඒ උත්ස්වේදන අඩු කරන්න. කොච්චර අහිතකර තත්ව ආවත් උගුරැස්ස ගස් ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ ඒක හැදිලා තියෙන්නෙම දුප්පත් කමට ගැලපෙන විදිහට... මට හිතනෙවා ඒකට ගැලපෙයි පොළවේ පය ගහලා ඉන්නවා කියන එක...

🍇🍇🍇🍇🍇🍇
එතකොට මිදි කියන්නෙ.....?
            මිදි හැදෙන්නේ සරු, සීතල ප්‍රදේශවල... ඒ වගේ ලංකාවෙ ගොඩක්ම තියෙන්නෙ ලොකු රටවලින් ගෙන්නපු මිදි. මිදි ගස් නෑ. තියෙන්නේ වැල්. මිදි වැලක ඵලදාවක් නෙලන්න වැලට හුගාක් සාත්තු කරන්න ඕනි. පොඩ්ඩ අත්නම් මැලවෙලා, වේලිලා යන තත්වෙට පත්වෙනවා... හැබයි මිදි පෝසත් මිනිස්සුන්ගෙ පළතුරක්. ඒ කියන්නෙ මිදි හැදිල තියෙන්නෙ පොශ්/ පෝසත් අය විදිහට....

🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒
            ඒ කියන්නේ උගුරැස්ස ගෙඩියක දෙමාපියන් දුප්පත්... කොටින්ම පරම්පරාවම පොළවේ පය ගහල ඉන්න, ඕන දේකට ලෑස්ති විදිහට පරිණාමය වෙලා තියෙන්න. කැලේ හැදෙන්නේ... ගොඩාක් අයට වටින්නේ නෑ.

🍇🍇🍇🍇 
          එතකොට මිදි ගෙඩියක දෙමාපියන් පෝසත්. ඒ දෙමාපියන් පොශ්. කොටින්ම පරම්පරාවම සල්ලි කරයෝ. උන් කවදාවත් අහිතකර තත්වයකට මූණ දීල නෑ... මිදි ගෙඩියකට වගේම වැලකටත් තනියම නැගිටින්න බෑ. කවදාවත් කැලේක මිදි හොයන්න නෑ. ඒ වගේම තමයි උගුරැස්ස වගේ වැඩි කාලයක් මිදි තියා ගන්නත් බෑ. ඒත් නරකම දේ හැමෝටම වටින්නේ මිදි....😪
        දැකල තියෙනවද පොශ් මිනිහෙක් දුප්පත් මිනිහෙක්ට කරුණාව දක්වනවා... සමාවෙන්න. පැහැදිලි කරන්නම්. උගුරැස්ස ගහක් තව වැලකට උදව් කරාට, මිදි වැලක් තව වැලකට හෙල්ප් කරනවද ? "අනේ හෙල්ප් එකක් දෙන්නකො ?" කියන්න විතරයි මිදි වැල දන්නේ... මිදි ගෙඩියෙයි මිදි වැලෙයි තියෙන්නේ සෝබනේ විතරයි. හොදම දේ මිදි ගෙඩියකයි උගුරැස්ස ගෙඩියකයි පෝෂණ ගුණය ගැන හිතල බලන්න. ඔයාටම තේරුම් ගන්න පුලුවන් වෙයි.
      ඔයා කැමති උගුරැස්ස ගෙඩියක් වෙන්නද ? 
      මිදි ගෙඩියක් වෙන්නද ?
සමාවෙන්න මගේ මිත්‍රයා ඔයා, මම, අපි, කැමති දේ වෙනවනම් අපි මිනිස්සු නෙවෙයිනෙ......😜


         මිනිස්සු ගොඩකට ඕනි, ආස කරන්නෙ මිදි වෙන්න.මාත් පෘථග්ජන මිහින්හෙක්.😈 මාත් මුලදි පාර්ථනා කරා මිදි ගෙඩියක් වෙන්න. මං දුක් උනා මගේ ජීවිතේ මිදි ගෙඩියක් උනේ නැති එක ගැන... ඒත් මං දැන් ආඩම්බර වෙනවා මං මිදි ගෙඩියක් නොඋන එකට.... මං දැන් ලැජ්ජ වෙන්නේ නෑ මං උගුරැස්ස ගෙඩියක් උනාට....
        මට ඒක කියල දුන්නෙත් මිදි ගෙඩියක්ම තමා. (හැබැයි කීප දෙනෙක්ම කිව්වේ ඒක ගොඩාක් අයගෙ අතේ හුරතල් උන, තලල පොඩි කරල රස බලපු මිදි ගෙඩියක් කියල. ඒත් මට ඒක විශ්වාස නෑ. මට ඒක අදාලත් නෑ... හැබැයි මං ඒ මිදි ගෙඩියට ගරු කරනවා ගොඩාක්.........)(ඔන්න කතාවෙන් පිට ගියා)

        මිදි ගෙඩියකට බස් එකේ යන්නත් බෑ. හිතන්නකො බස් එකක තැලුනොත් මිදි ගෙඩියක්...😳 ඒත් උගුරැස්ස ගෙඩියක්....😎💪
උගුරැස්ස ගෙඩියකට වගේ ගෙදරින් ඕන තැනකට යන්න මිදි ගෙඩියකට බෑ. එහෙම ගියත් පුටුවක් තියාගෙන තව කෙනෙක්ප රිස්සම් කරන්න ඕනි. මොකද හැමෝම දන්නවා මිදි ගෙඩියකට මේ පරිසරය ඔරොත්තු දෙන්නේ නෑ කියල.

💺💺💺💺💺💺💺💺💺💺💺💺💺💺

         මං දැන් ලැජ්ජා වෙන්නේ නෑ කියන්න. මං උගුරැස්ස ගෙඩියක්. පොළොන්නරුවේ පට්ට කැලේ හැදෙන උගුරැස්ස ගෙඩියක්.... තාම තැලෙනවා. පොඩි වෙනවා. දවසක කෙනෙක් මිදි වලට වඩා උගුරැස්ස රසයි කියයි...😇 
     මේ ලෝකෙ භ්‍රමණය විතරක් නෙවෙයි පරිභ්‍රමණයත් වෙනවා. කාටද කියන්න පුලුවන් මිදි වලට වඩා වටිනාකමක් උගුරැස්ස වලට ලැබෙන්නේ නෑ කියල......

          ඉස්සර පොශ් අයට කිව්වේ ඇපල් කියල. මං වගේ ගොඩයන්ට කිව්වෙ පැපොල් කියල... 
🍏🍏දුරට ඇපල් ලඟට පැපොල් කියල කිව්වේ🍏🍏 

     ඒත් දැං ඇපල් ගෙඩි පහක් රුපියල් සීයයි. එක පැපොල් ගෙඩියක් රුපියල් තුන්සීයයි.
මොකද ලෝකය කැරකෙනවා
....

4 comments: