Tuesday, July 10, 2018

👉උබටත් පියාඹන්න පුළුවන්ද ?👈



මේ ලෝකේ අසාධාරණ ලෝකයක්....
ගෝනූ මුවෝ ගහන පිනුම් හැමෝටම ගහන්න බෑ කියල මිනිස්සු තේරුම් ගන්නේ නෑ කවදාවත්....

         පියාඹන්න පුලුවන් අය තේරුම් ගන්නේ නෑ හැමෝටම ජන්මයෙන් පිහාටු ලැබිලා නෑ කියල. එයාල හිතන්නේ මට පියාඹන්න පුලුවන්නම් ඇයි අනිත් අයට බැරි කියල. පියාඹන්න ජන්මයෙන් අත්තටු ලැබුන අය අත්තටු නැති අයව හෑල්ලු කරන එක බලන්න අප්‍රියයි මගේ මිත්‍රයා... මොකද පොඩි කාලේ ඉදල අත්තටු තියෙන අය දන්නේ නෑ පියාඹන්න අත්තටු ඕනි කියල.

           පපුව පුරා වේදනාවක් යන නරකම දේ අත්තටු තියෙන අය අත්තටු නැති අයව පියාඹන්න පොළබවන එක කියල මට අද දැනුනා... හිතන්නකෝ පියාඹන්න ආසාවක් ඇති උනාට අත්තටු නැතුව පියාඹන්න බෑ කියල දැනෙනකොට තියෙන වේදනාව.... පරම්පරාගත අත්තටු කාරයෝ, ඇයි තේරුම් ගන්නේ නැත්තේ,
 "මට අත්තටු නෑ ඔයාලත් එක්ක පියඹන්න." කියල කියන එක..
          තේරුම් ගන්න. සමහර අය පියාඹන්න එන්නේ නැත්තේ, එයාලගේ අහංකාරය හෝ සතුටු වෙන්න අකමැති නිසා නෙවෙයි... ඇත්තටම දහසක් ප්‍රශ්න තියෙන අය මේ ලෝකේ ඉන්නවා කියල තේරුම් ගන්න... ණයට අත්තටු ඉල්ලගෙන පියඹන්න කියල කිව්වාම, හැම තැනටම ණයයි, කොහොමද මේ ණය පියවන්නේ කියල අහනකොට මොනවද දෙන උත්තර......?

          පියඹන්න පුලුවන් අත්තටු තියෙන සමහර අය පියාඹන්න යන්නේ නෑ මගේ මිත්‍රයා. ඒ පියාඹන්න බැරි, ඒත් පියාඹන්න ආස යාලුවා ගේ මූණ මැවිලා පේන නිසා... ඒ මූණ මතක් වෙනකොට උන්ව දාලා යන්න බැරි නිසා...
             පියාඹන්න බැරි ඒ යාළුවා
"කොහොමද යන්නේ ? ", "කොහෙන්ද අත්තටු ?" කියල අහනකොට මට දැනුන වේදනාව පපුව හරහ කොච්චර ගියාද කියනවනම්
     මගේ තියෙන අත්තටු කපාගෙන මැරෙන්න හිතුනා මගේ මිත්‍රයා මට... සමහරවිට ඒ අනුන්ගේ ප්‍රශ්න මගේ ඔලුවට දාගන්න නිසා වෙන්න ඇති. ඕකම තමයි රෝහණ විජේවීර මහත්තයා ට වෙන්න ඇත්තෙත්. මට තේරුම් ගියා විජේවීර මහත්තයා ට දුප්පත් මිනිස්සු ආදරේ කරන්නත්, අත්තටු කාරයෝ වෛර කරන්නත් හේතුව. පියාඹන්න බැරි ඒ යාළුවන්ගේ කඳුලු පිරුණ ඒ මූණවල් මතක් වෙද්දි, පියාඹලා ගිහින් මට සතුටු වෙන්න බෑ මගේ මිත්‍රයා. 
     මට ශක්තියක් තිබ්බනම් පියාඹන්න බැරි ඔක්කොම උස්සගෙන පියාඹන්න.....😔
මට වෛර කරන්න එපා අත්තටු කාරයිනි... කළත් කමකුත් නෑ... 
මං එන්නේ නෑ පියාඹන්න උඹලත් එක්ක. 
මං උඹලට වඩා ආදරේයි පියාඹන්න බැරි පොළොවේ ඉන්න අයට......


No comments:

Post a Comment