Tuesday, July 3, 2018

👉හොඳම තෑග්ග......👈



කෙනෙක් තෑග්ගක් දෙනවා කීිව ගමන් පට්ට මෙව්වා එකක් හිතට ඇවිල්ලා ලල් ඉගිලෙන සීන් එකක් දැනෙන එක සාමාන්‍යය දෙයක්......... තෑගි ගැන කියනකොට මට මුළින් ම මතක් උනේ මට තෑග්ගක් කියලා ද‍ෙයක් හම්බුන පළවෙනි දේ. ඒ මම ඇටෙන් පොත්තෙන් එළියට එන කාලේ, ශිෂ්‍යත්වේ ලියන වයසේ..., උපන් දිනය දවසේ තාත්තා මාව ඇහැරලා පෙට්ටියක් දුන්න එක... ඒකේ තිබ්බේ සද්දයක් ඇහුන ගමන් කුරුල්ලෝ කෑගහන කුරුළු කූඩුවක්.. මට මතකයි මම ඒකේ බැටරි බහිනකම් මගේ අත් රිදෙනකම් අත්පුඩි ගහලා කුරුල්ලන්ට කෑ ගහන එක එපා ම කෙරෙව්වා... ආන්න ඒමයි කොල්ලෝ... (උපන් දිනේට තෑගි දෙනවා කියලා මම දැන ගත්තෙත් එදා,, එදා ඉදලා අද වෙනකම් ගෙදර කාගේ උපන් දිනයක් ආවත් මම තෑග්ගක් දෙනවම තමා..)


            ඊට පස්සේ මතකේ තියෙන අනිත් තෑග්ග තමා බොක්ෂිං පදක්කමක් දිනපු නිසා අම්මා ටේබල් ලෑම්ප් එකක් දුන්න එක... ගහගෙන තිබ්බ අමාරුව පදක්කමෙන් ටිකක් අඩු උනා, ඉතුරු අඩුව අම්මගේ තෑග්ගෙන් අඩු උනා... ආය ඔය අතරින් අතර එක එක තෑගී ලැබුනා.. එව්වා කියන්න ගියොත් මට එපා වෙනවා..

                                   මේ ළඟදි මට අළුත් තෑග්ගක් ලැබුනා...  මගේ  ජීවිතේ මේ වෙනකම්  ලැබුණු ලොකුම තෑග්ග මේක කිව්වත් වැරදි නෑ... ඒ කීවේ භෞතික තෑගි වලින්. මම ලියන එකෙක් නිසා මට ලැබුනු පළවෙනි තෑග්ග..... ලැප් ටොප් එකක්. කෙනෙකුට ලැපක් කීවාම ඔළුවට එන සාමාන්‍ය එකක්නම් නෙවේ මේක.... ASUS M580VD නෝට්බුක් එකක්... ඉතින් තෑග්ග ලැබුනේ මම ලියන නිසා, තෑග්ග දුන්නු කෙනාගේ එකම ඉල්ලීම තමා අකිල ලියපන් පොතක් කියන එක...

            පොතක් ලියන්නේ කොහෙද මේ සර් දෙන නෝට් එකක් ලියා ගන්න බැරිව.. 😅😅 ඉතින් ඒ තෑග්ග දුන්න කෙනා කීවා අකිල ලියලා තියෙන දේවල් බ්ලොග් එක්ක දාන්න කියලා... ඉතින් හොඳම තෑග්ග වෙනුවෙන් ලියනවා මම මේ පොත... එ් වගේම මේ අකිලගේ පොතේ සැබෑම අයිතිකාරයා එයා.... එයා කැමති වෙන්නේ නැ එයා ගැන විස්තර කියනවට, ඉතින් මම එයා ගැන කියන්නේ නෑ..... මොනවා උනත් තෑග්ගට ස්තූතියි මිත්‍රයා... ඕන්න පළවෙනි පෝස්ට් එක ලීවේ අකිලගේ පොතේ පිදුම වෙනුවෙන්............💝💝

2 comments: