Saturday, December 26, 2020

👉 සම්මුඛ පරීක්ෂණයකදී මම 👈


සම්මුඛ පරීක්ෂණයකදී මගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්...

        "මීට කලින් මොනවාද කරලා තියෙන්නේ ?"

එතකොට මම,
   
        "සර් මම කැත්ත උදැල්ල සවලේ ඉදලා DSLR කැමරාව, ලැප්ටොප් එක, පෝන් එක දක්වාම පාවිච්චි කරලා තියෙනවා.. ඒවගෙන් සල්ලි හොයලා තියෙනවා. ඉදිරියටත් හොයනවා."
 
  එයාලා :- "ඒ කියන්නේ ?" 

          මම :-  "ඒ කියන්නෙ සර්, මම හේන්, කැලේ කොටලා තියෙනවා... කුඹුරු වැඩ කරලා තියෙනවා... කොන්ක්‍රීට් අනලා තියෙනවා... ඒ වගේ හැම කුලී වැඩක්ම වගේ කරලා තියෙනවා. එතකොට වෙඩින් පොටෝග්‍රැපි කරලා තියෙනවා... ටයිපින්, ඩිසයින්, ඩ්‍රෝවින්, ඊමනී වගේ වැඩ ලැප්ටොප් එකෙන් කරලා තියෙනවා.... කැඩුන පෝන් හදලා දීලා තියෙනවා..." 
      
  "ඒ වගේ හැම පරාසෙකම වැඩ දන්නවා කරලා තියෙනවා..

  එයාලා :-  "තව මොනවාද කරලා තියෙන්නේ ?"
 
          මම :- "තව සර් මම නීතිගරුක වැඩවල ඉදලා නීතියට පටහැනි වැඩ දක්වාත් කරලා තියෙනවා."

  එයාලා :- "ඒ කියන්නේ ?"

          මම :- "සර් මම අසාධාරණයට විරුද්ධ වෙලා තියෙනවා. හොරු අල්ලලා දීලා තියෙනවා. රණ්ඩු බේරලා තියෙනවා. වැරදි කරන උන්ව හදන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම හොරෙන් වැලි ගොඩ දාලා තියෙනවා. කැලේ දර කපලා තියෙනවා. හොරකම් කරලා තියෙනවා. දඩයමේ ගිහින් තියෙනවා.." 

සම්මුඛ පරීක්ෂණය ඉවර වෙලා මම එළියට ආවාම මට කලින් ගිය කොල්ලෙක් හම්බුනා.

මම :- "මොකද බන් උනේ ?" 

ඌ :- "දන්වලා එවන්නම් කිව්වා බන්.."
          "උඹට මොකද්ද කිව්වේ ?"

මම :- "මට කිව්වා බන් මෙහෙම..." 

           "ඔයා මේ රැකියාවට සුදුසුයි.  ඔයා මේ රැකියාවට අනිවාර්යයෙන් ම එන්න ඕනි. ආවේ නැත්නම් බලෙන් උස්සගෙන හරි අරගෙන එනවා. අපිව නරක මිනිස්සු කර ගන්නෙ නැතුව හොද හිතින් මේ රැකියාව භාර ගන්න" 

#අකිල

#මැක්ස්පොරක්වෙන්නෙකොහොමද

No comments:

Post a Comment