Wednesday, December 23, 2020

👉 උඹේ ඩෙනිම හිරයිද.... ගලවලා දාමු... 👈

 


            උඹේ ඩෙනිම හිරයිද...? එතකොට ලස්සනයි ද...? උඹ ආසයිද ඒකට... ඩෙනිම් හිරට තියෙනකොට ලස්සනයි ද....? ඒ කියන්නේ, හිර වෙන්න හිර වෙන්න උඹ ආසයිද.... ස්ලිම් ඇන්ඩ් ෆිට් නෙවෙ, ඊටත් වඩා හිර කරලා බලමු... ඔටෝ ඇඟට හිර වෙන, ඩෙනිමක් ගැන හිතපන්... නැත්නම් පොඩි කාලේ ඉදලම අවුරුදු ගානක් එකම ඩෙනිමක් අදිනවා හිතපන්... නැත්නම් මෙහෙම කියන්නම්, උඹ ඇදගෙන ඉන්නකොටම, මම මොකක්හරි මායා බලයකින් උඹේ ඩෙනිම ටික ටික හිර කරනවා... නිකමට හිතලා බලපන්. ටිකෙන් ටික ටිකෙන් ටික අම්බානකට හිර වෙනකොට, උබේ කේෂනාළිකා තැළිලා පොඩි වෙලා යනකොට, ධමනි ශිරා හිර වෙලා පුපුරන්න හදනකොට සනීපද.... සනීපේ දැනෙන්නේ ටිකෙන් ටික... මුලින්ම කකුළ් දෙකේ ලේ ගමනාගමනය නතර වෙලා, කකුළ් හිරි වැටිලා, පණ නැති වෙනකොට තමයි නේද සනීපේ දැනෙන්නේ.... 

          උඹ ඒ හිර ඩෙනිමට තිබ්බ ආසාව නැති වෙනවා නේද එතකොට....  ඩෙනිම ඕනිවට වඩා හිර වෙන්න හිර වෙන්න උඹ ඕක ගලවලා දාන්න නේද දඟලන්නේ... උඹ ආස උන ඩෙනිම මෙච්චර වේදනාවක් දේවි කියල උඹ කවදාවත් හිතුවද... උඹ ආස උන හිර ගතිය මෙච්චර අමාරුයි කියල උඹ හිතුවද... ඇත්තටම කව්රුහරි එහෙම හිර ඩෙනිමක් අන්දනකොට උඹ කැමති වෙනවද.... ඇයි මම එච්චර වදයක් වෙන හිර ඩෙනිමක් අදින්නේ කියන ප්‍රශ්නේ උඹට ආවා නේද... එහෙම නැත්නම් අකිලට පිස්සු කියල හරි උඹට හිතුනා වෙන්නත් පුළුවන්...  

           ඒත් ඇත්තටම උඹලා නොදන්නවා උනාට උඹලට මේ ඩෙනිම අන්දලා හිර කරන්න මේ සමාජේ බලාගෙන ඉන්නවා... සමහරවිට උඹ මේ ඩෙනිම දැනටමත් ඇදගෙන හිර වෙලා දුක් විදිනවා ඇති. සමහරවිට උඹ තාම නොදන්නවා ඇති උඹ හිර ඩෙනිමක් ඇදගෙන ඉන්නවා කියල. ඒ වගේම ඩෙනිම හිර වෙනකොට අමාරුයි කියලත්.... ඒත් විශ්වාස කරපන්... තරුණ වයසේ උඹලට තමා ඩෙනිම් තියෙන්නේ... ඩෙනිම තරුණ උඹලගේ ස්ටයිල් එකක්නේ..... උඹ ඩෙනිමක් නැතුව ඉන්නකොට අනිත් උන්ට හෙන ප්‍රශ්නයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් හිර උන ඩෙනිමක් අදින්න උඹව නොමිලේම, නිකම්ම පොළඹවන්න මේ ලෝකේම  ලෑස්ති පිට ඉන්නෙ....

            අකිලගේ පෝස්ට් එකක් ඉස්  ඉස්සෙල්ලාමනම් උඹ කියවන්නේ බොහෝ දුරට අකිල කියන්නේ පිස්සෙක් කියන තැනට උඹ ඇවිල්ලා ඇති... එහෙම හිතුනේ නැත්නම් මෙතනින් එහාට කියවලා වැඩක් නෑ. ඒත් මීට කලින් අකිලගේ පෝස්ට් කියවලා තියෙනවනම් උඹ මේ වෙලාවෙ ටිකක් උනන්දුවෙන් බලනවා ඇති මේ මොකද්ද කියන්නේ කියල.... .

         දැන්නම් මිනිස්සු ඩෙනිම් අදින්නේ, ලස්සනට, පැෂන් එකට.... ඒත් කාලෙකට කලින් ඩෙනිම් ඇන්දේ ආරක්ෂාවට. තමන්ට වෙන අනතුරු වලින් බේරෙන්න. ඒ වගේම තමන්ගේ පහසුවට.. ඒත් උඹලා මම අපි මේ පරම්පරාවෙ උන් ඩෙනිම් අදින්නේ, හුඟාක් වෙලාවට අනිත් උන් අදින නිසා.... මම මේ කියන ඩෙනිමත් එහෙමයි. ඉස්සර පහසුවට ඇදපු ඩෙනිම, දැන් ඇදගෙන ඉන්න අමාරුයි. ඇදගෙන ඇවිදින්න බෑ, කොහේවත් යන්න බෑ... හිර කරලා කියනවා යන්න එපා කියල.. 

             උඹලට මම මේ කියන ඩෙනිම ඇදගෙන ඉන්නවා කියල පෙන්වන්නද.... හිටහල්ල, පෙන්වන්න ඕනි නිසා තමයි මේ ලියන්නේ.. මම ඩෙනිම කියන එකට උඹලා කියන්නේ මොකද්ද කියල මම දන්නේ නෑ..... එහෙම නැත්නම් ඒක උඹලට තේරුම් යයිද කියන්නත් මම දන්නේ නෑ. හැබැයි මෙහෙමයි... 
මේක කියවලා ඉවර උනාම උඹලට තේරුම් යාවි උඹලා කාගේ හරි ඩෙනිමකට හිර වෙලා නෙවෙයිද ඉන්නේ කියල. ඇත්තටම බොහෝ විට ඩෙනිම නිසා තමයි උඹ මැරෙන්නේ නැතුව ජීවත් වෙලා මේ පෝස්ට් එක කියවන්නෙත්...

             පොඩි කාලේ ඉදලා ගෙදර දෙමාපියන් කියන ඩෙනිම ඇතුලේ උඹල හැදුනා... ලිදට එබෙන්න එපා, ගස් නගින්න එපා, දුවන්න එපා, අරක්කු බොන්න එපා, සිගරට් බොන්න එපා, ඔය වගේ උඹලව රැක ගන්න උදව් උනේ මම කියන මේ ඩෙනිමම තමයි... ඒ දෙමාපියන්ගේ *ආදරය* කියන ඩෙනිමේ උඹල රැකුණා.. ඊට පස්සේ උඹලා ලොකු මහත් උනාම උඹලට කැමති ඇදුමක් අදින්න පුළුවන් කියල උඹලා හිතලා තවත් මාරක ඩෙනිමක් අදිනවා... අන්න ඒ ඩෙනිම ගැන තමා කියල තියෙන්නේ උඩ... ☝  

         හිතපන්, උඹලා ඔයා *ආදරේ* කියලා හිරවෙලා ඉන්නෙ ඒ ඩෙනිම ඇතුලේ... ලව් එක කියලා, පෙම්වතිය පෙම්වතා කියලා හිර වෙලා ඉන්නේ ඒ ඩෙනිම ඇතුලේ. ඇත්තටම සමහර උන් හිර වෙලා ඉන්න විදිහ දැක්කාම මට හෙනම දුක හිතෙනවා. උන් පව්... පූරුවේ කරුමයක් ගෙවනවද කියල මට හිතුනු වාර අනන්තයි... 

        *යාළුවෝ ඔක්කොම ට්‍රිප් එකක් යනව...* අර උඹලා ඇදලා ඉන්න පෙම්වතිය හරි පෙම්වතා හරි කියන ඩෙනිම උඹව හිර කරනවා ලොවෙත් යන්න එපා කියල... උඹ කොච්චර ආස උනත් උඹට යන්න නෑ. මම එහෙම සිද්දි දැකලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ ඉදලම.... 

         *උඹ ආසයි නැටුම් ඉගෙන ගන්න* ඒත් උඹේ ඩෙනිම ආස නෑ උඹ නටනවට... එතකොටත් ඩෙනිම උඹව හිර කරනවා හොඳටම... උඹ කැමති දේවල් හම්බෙන්නේ නෑ. මොකද ආදරේ කියන රෙද්දේ ඩෙනිමක් උඹව හිර කරන නිසා...නැටුම් විතරක් නෙවේ උඹ ඉගෙන ගන්න කැමති ඕනිම දේකට ඩෙනිම කැමති නැත්නම් උඹව හිර වෙනවා පුතේ.....

        *උඹට අළුත් යාලුවෙක් හම්බෙනවා. මැසේජ් කරනවා, කතා කරනවා.* මට විශ්වාසයි උඹේ ඩෙනිම උඹව මැරෙන තරමට හිර කරනවා... සමහරවිට උඹේ ආදරේ කියන ඩෙනිම උඹේ මැසේජ් චෙක් කර කර, උඹ ගැන හොයන්නේ නිකන් යහපාලනය මහින්ද ගේ හොරකම් හොයනවා වගේ.... 

         හොඳම දේ *උඹට මේ ලෝකේ ඇවිදිනකොට හම්බෙනවා ලස්සන, සැහැල්ලු, ඇඟට සනීපයක් දෙන ඉස්තරම්ම ඇදුම්.* එතකොට තේරෙනවා ඒ මොන රෙද්දක්ද මම ඇදගෙන ඉන්නේ කියල... හැබැයි පුතේ, උඹ එතකොට හිර වෙන ගලවන්න බැරි මඟුලේ ඩෙනිමක්නම් ඇදලා ඉන්නේ, අන්න එදාට උඹ තේරුම් ගන්නවා උඹලා කොච්චර මෝඩද කියල.....

         උඹලා කියාවි සමහරවිට, *අකිල මම ඒ ඩෙනිමට ආදරේ.. මම අකමැත්තෙන් නෙවේ ඒ ඩෙනිම ඇදගෙන ඉන්නේ. ඩෙනිමත් බලෙන් නෙවේ මගේ ඇගේ ඉන්නේ කියල.... අපි එකිනෙකාට ආදරේ කරනවා කියල.... 

      එතකොට මම කින්ඩි හිනාවක් දාලා හොඳ කුණුහරුපයකුත් මතක් කරලා ආයෙම උඹට හිනා වෙනවා....  හිනා වෙලා මෙහෙම කියනවා... 

        මුකුත් ඕනි නෑ... *"ඇයි මට ආදරේ කරන්නේ"* කියන ප්‍රශ්නේ අහන්න. දෙන්නේ ලෝකේම නැති පට්ටම පට්ට ගොතපු හදපු, මෝඩ පහේ උත්තරයක් නෙවෙයිද බලන්න. 

එහෙම නැත්නම් 
      *ඔයා ඔය කියන ඩෙනිම ට කියල බලන්න,* 
            "මට ඔයාට වඩා හොඳ ඩෙනිමක් හම්බුනා.. මම ඒ ඇදුමට ආසයි. ඔයා මට ආදරේනම් මට ඒ ඩෙනිම අදින්න දෙන්න" කියල. එහෙම නැත්නම්,
මට තවත් ඩෙනිමක් තියෙනවා. ඒකත් මම අදිනවා. ඒකටත් මම කැමති කියල බලන්න... 

මට විශ්වාසයි උඹට ආදරේ නාමයෙන් වදුරු කුණුහරුප අහගන්න වෙනවා කියල,... එහෙම නැත්නම් ඌ කදුළු හරි විරහව හරි කියලා උඹව හිර කරලා දමාවි... එහෙමත් නැත්නම් උඹ නිසා වියදම් උන සතේටම ගනන් කියාවි... වැඩිම උනොත් උඹට පිහි පාරක් දේවි... නැත්නම් ඒ ඩෙනිම බෙල්ලේ වැල දාගනීවි....(ඒ උඹව හිර කරන්න බැරි වේදනාවට මිසක් උඹට තියෙන ආදරේට නෙවේ ඈ 😂)

       එතකොට ඇත්තටම උඹලා හිතපල්ලා, ඇයි ආදරේ කරන්නේ කියන එකට සාධාරණ උත්තරයක් දෙන්න බැරිව ඇයි උඹලා ආදරේ පොරවගෙන ඉන්නේ... උඹගේ ජීවිතේ නිදහස්ම කාලේ... උඹලා ඩෙනිමකට හිර වෙලා වේදනා විදින්න ඕනිද.... ඇත්තමයි සුජීව ප්‍රසන්න ආරච්චිගේ ගෑණි  මතක් වෙනවා... 

            යාළුවෝ ගොඩාක් ඉන්නකොට, ට්‍රිප් එකක් ගියත් උඹට බෙදාගන්න ගොඩාක් දේවල් හම්බෙනවා... ඒත් උඹ එක ඩෙනිමකට හිර වෙලානම්, ඇත්තටම උඹ පව්. මොකද උඹට එකෙක්වත් උදව් කරන්න කැමති නෑ වගේම උබේ ඩෙනිම කැමතිත් නෑ උඹට එක එකා උදව් කරනවට, උඹ ඩෙනිමකට හිර වෙලානම්... 

       හිතපන් මෙහෙම, උඹ ඩෙනිමකට හිර උන කෙල්ලෙක්නම් උඹ ඩෙනිමකට හිර වෙලානම් උඹට කවදාවත් උඹව හිරකරගෙන ඉන්න ඩෙනිම නැතුව කොල්ලො(යාළුවෝ) සෙට් එකක් එක්ක ඇවිදින්න යන්න බෑනේ. මොකද උඹව උබේ ඩෙනිම හිර කරනවා. ඒත් හිතපන් උඹ ඩෙනිමකට හිර වෙලා නැත්නම් යාළු කොල්ලො රංචුවක් උඹව රකින්නේ හුඟාක් වෙලාවට සෙට් එකේ රැජිනව රකිනවා වගේ. සෙට් එකේ තමන්ගෙම නංගි වගේ. ඒත් උඹ ඒ සෙට් එකේ එකෙක් ට ආදරේ කරොත් උඹ ඒ සෙට් එකේ තවත් කොල්ලෙක්ගේ එක ඩෙනිමක් විතරයි....

      මම දන්න කීප දෙනෙක් ඉන්නවා. උන්ව දැක්කාම මට හිතෙනව උන් ගෙවන්නේ පූරුවේ කරුමයක් කියල. මම කියන්නම් එකෙක් දෙන්නෙක් ගැන. මම කිව්වා කියලා කියන්න එපා ඈ. 

       *එකෙක් කොල්ලෙක්.* උට හවස් වෙනකොට ගෙදර යන්න ඕනි. නැත්නම් ඩෙනිම හිර කරනවා. කෝල් ආන්සර් කරන්න ඕනි, හැමතිස්සෙම මැසේජ් කරන්න ඕනි, කෝල් කරන වෙලාවට බිසි තියෙන්න බෑ. ඒම උනොත් ඌ ඇදගෙන ඉන්න ආදරේ කියන ඩෙනිම් කෑල්ල ඌව හිර කරනවා. කොල්ලො එකතු වෙලා ගන්න කිසිම ආතක් එකක් ඌට නෑ. මොකද ඌ පැත්තකට ගිහින් පෝන් එක කනේ ගහගෙන ඉන්නවා. ඌට මියුසිකල් එක්කට යන්න බෑ, කොටින්ම නොකියා ඌට ටොයිලට් එකට යන්නත් බැරිව ඇති. ඇත්තටම තව ගොඩාක් දරුණු දේවල් තියෙනවා ටයිප් කරන්න කම්මැලි. මොනවා උනත් ඌ පව්. මම හැමදාම ඌට සාමය සමාදානය පාර්ථනා කරා... දෙවියනේ මගේ ඉල්ලීම ඉටු වෙලා..  ඌට බූට් එකක් හම්බුනා... කරුමේ කියන්නේ උගේ දුක අහන්න උනෙත් මට... මොනවා උනත් ඒ ගැන ගොඩාක්ම සතුටු උනේ මම.....
       
              *තව ඉන්නවා කෙල්ලෙක්* ඒකිටත් ඔය කලින් කීව විදිහට ඩෙනිම හොඳටම හිර කරනවා. පව් ඉතින්. ඒකිට ජොබ් එක්කට යන්න දෙන්නේ නෑ හිර කරනවා. කැම්පස් යන්න දෙන්නේ නෑ හිර කරනවා. යාළුවෝ එක්ක යන්න නෑ. කොල්ලො ආශ්‍රය කරන්න බෑ. කොටින්ම ඒ කෙල්ලගේ මාසේ අමාවක දවස තීරණය කරන්නෙත් ඒ කෙල්ල ඇදගෙන ඉන්න පෙම්වතා කියන ඩෙනිම වෙන්න ඇති.....(අමාවක කිව්වේ ESTRUS දවසලු ඈ.) මේකි ගැනත් කියන්න පුළුවන් තව ඕනි තරම්... මොකටද ඒත් ඕප දූප හොයන්නේ ඔයාලා.

         උඹලගේ ගොන් මොලේට හිතෙනවා ඇති උඹලට ආදරේ නිසා උඹලව හිර කරගෙන ඉන්නවා කියල... ඒත් බන් ඩෙනිම උඹලව හිර කරන්නේ ඇත්තටම උඹලට ආදරේ ට නෙවේ බන්. උඹලව ශුවර් නැති නිසා... කියන්නත් ලැජ්ජයි. උඹලව සත පහකට විශ්වාස නැති කෙල්ලෙකුට හරි කොල්ලෙකුට හරි උඹලා කියනවා, ආදරෙයි පණ කියල.. පණ නෙවේ ප#..... සොරි කුණුහරුපයක් කියවුනා.... 

       පුළුවන්නම් උඹලගේ ජීවිතේ නිදහස් කාලේ නිදහස විදපන්... ඒම කිව්වා කියලා වෙන රටක කෙල්ලෙක්ට නිදහස හම්බුනාම විනෝද වෙන ඒවයි අපේ රටේ කෙල්ලෙක්ට නිදහස හම්බුනාම ෆ්‍රෙග්නට් වෙන එකයි ගැන නෙවේ ඇ කීවෙ..... 

      මේ ඔක්කොම කියවලා උඹලට මෙහෙමත් කියන්න පුළුවන්. *අනේ අකිල මේ, ඩෙනිම මගේනම් අදින්නේ මමනම්, හිර වෙන්නේ මමනම්, උඹ උඹේ වැඩක් බලාගෙන හිටපන්කෝ* 😂
       ඇත්තටම ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. ඒත්

කතාව එපමණයි. වියදම අපමණයි. ඇඟිලි කරු රිදෙයි....

මම

#අකිල

No comments:

Post a Comment