Saturday, December 26, 2020

👉 ඔයාලා ණය අරගෙන තියෙනවාද ? 👈

 


          අපිට අඩු පාඩුවක් උනාම, එහෙම නැත්නම් අපිට අවශ්‍ය දේවල් ලැබුනේ නැති උනාම, අපි පුරුදු වෙලා ඉන්නේ කාගෙන් හරි ණයට ඉල්ල ගන්න. හැබැයි ඔය ණයට ගන්න වෙලාවෙදි ගන්න කෙනාට නොපෙනුනාට ණයට දෙන කෙනා ආකාර දෙක්කට බෙදෙනවා.

          සමහර කෙනෙක්ට ණයක් දෙන එක සුළු දෙයක් වෙන්න පුළුවන්...
          තවත් කෙනෙක්ට තමන් ළඟ තියෙන සේරම දීලා, හෙට දවසක් නැති කරගෙන ණය ආපහු දෙනකම් බලාගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්....

     හුඟාක් අය ලේසියට ණය ගන්නවා. හැබැයි ගෙවන්නේ නෑ, ගෙවන්න විදිහක් නැති වෙනවා... එතකොට මොකද කරන්නේ... තව කෙනෙක්ගෙන් ඉල්ලගෙන ඒ ණය ගෙවනවා.. ඒ ඉල්ල ගත්ත ණය ගෙවන්න තව කෙනෙක්ගෙන් ණයට ගන්නවා.... ඕක දිගටම වෙනවා. හැබැයි තව කෙනෙක්ගෙන් ඉල්ලගෙන ඉල්ලගෙන ණය ගෙව්වත්, කොතන හරි ගෙවන්න බැරි තැනක් එනවා... හිර වෙන තැනක් එනවා... අන්න එතකොට ඒ ණය වෙනුවට තමන් ළඟ තියෙන වෙන දෙයක් දෙන්න වෙනවා.... ඒ තමන් ලඟ තියෙන වටිනාම දේ වෙන්නත් පුළුවන්...

        මම මේ කියන්නේ සල්ලි ගැන විතරක් නෙවේ... ස්පර්ශයක සිට සුරාන්තයක් දක්වා තිබෙන සියළුම කායික දැනීම් ද ආදරයේ සිට වෛරය දක්වා (මිතුරුකමේ සිට හතුරුකම දක්වා) තිබෙන සියළුම මානසික දැනීම් ද අපි ණයට ගන්නවා... අනුන්ගෙන් ඉල්ල ගන්නවා..... අනුන්ගෙන් හොයනවා...

      ඇත්තටම මට හිතෙනවා, අපි හැම තිස්සෙම ණයට ගන්න හොයනවා, ඒ අපිට නැතුවමත් නෙවෙයි.. අපිට නෑ කියලා හිතලා අපි ණයට ගන්න හොයනවා...

         ඉතින් ඔයයි මමයි විතරක් නෙවේ, ඔයයි මමයි වටේට ඉන්න හැමෝමත් ණය කාරයෝ... කොයි වෙලාවෙද ණයට දෙන්නේ, කොයි වෙලාවෙද ණයට ගන්නේ, කොයි වෙලාවෙද ණය ගෙවන්නේ, කියලා හිතා ගන්න බැරි ජීවිතයක් ගෙවන....

#අකිල

No comments:

Post a Comment