Wednesday, December 23, 2020

👉 මරණාසන්න ආදරය 👈

 


ගැහෙන හදවතේ ඉඩ හදන්නට
ලබ් ඩබ් ශබ්දයේ හඬ බලන්නට
පුළුවන්ද බැරිද කියන්න එන්නට
මතක පුරවගෙන ඔත්පල සයනට

වෙව්ලන කටහඩෙන් ගලා යන්නට
වෙරදාන රිද්මයක තාලය බලන්නට
ආසයි නම් එන්නම වෙනවා නුඹට
හිත් පතුලෙ තිබූ ආදරේ අහන්නට

අඳුර පිරී වැසී යන ඇස් දෙකට
පෙර වූ දීප්තිය යලිත් දෙන්නට
ආසනම් පුළුවන් විතරයි නුඹට
එන්න එක වරක් මා දකින්නට

පෙර මගේ මරණයට.........

#අකිල

No comments:

Post a Comment