Saturday, December 26, 2020

👉 ලියා ගන්න බැරි කවි තමයි ලස්සනම.. 👈


"මට මොනවාද උඹෙන් ඕනි"
"ඇයි මං උඹව හම්බෙන්න එන්නේ"

ඉල්ලන්න තියෙන්නෙ
ආදරේ විතරක්ම වෙනකොට,
ලබා ගන්න බැරි,
ඉල්ලීම් තමා නංඟි ලස්සනම.......

"මම ආයෙ අහන්නම්"
"ඇත්තම කියපන් නංඟි"

දැන ගන්න තියෙන්නේ
දන්න කතාවක්ම වෙනකොට,
උත්තර දෙන්න බැරි,
ප්‍රශ්න තමා නංඟි ලස්සනම....

-------------------------------------------------------------------

"අනේ අයියා මට තේරෙන්නේ නෑ"
"ඇයි අයියා මං ගැන මෙච්චර හිතන්නේ"
"ඇයි මට අයිය ගැන මෙච්චර හිතෙන්නේ"

දෙන්න තියෙන්නෙ
ඕනිම උත්තරය වෙනකොට,
කියාගන්න බැරි,
උත්තර තමා අයියා ලස්සනම.....

"අයියා දැන් දහයයි"
"මම යන්නද" 

පෙරුම් පුරල පුරල හම්බෙලා
හම්බෙන්න තියෙන්නෙ 
පොඩිම වෙලාවක් වෙනකොට,
ඇත්තමයි
ගොඩක් වෙලා ඉන්න බැරි,
වෙලාවල් තමා අයියා ලස්සනම......

#අකිල


No comments:

Post a Comment