Saturday, December 26, 2020

👉 සුද්දෝධන රජතුමාටත් හිතෙන්න ඇති අපරාදෙ මේකව හැදුවේ කියලා 👈


කෙනෙක් ගන්න තීරණ තවත් කෙනෙකුට වැරදියට පේන්න පුළුවන්. එකිනෙකාට හිතන්න පුළුවන් උපරිම සීමාවේ තියෙන බැරියර් එක නිසා එහෙම වෙනවා ඇති. කාලයක් තිස්සේ මුල් බැහැලා තිබ්බ සමාජ නීතියකට හරි, සම්ප්‍රදායකට හරි, සිරිතකට හෝ විරිතකට හරි කෙනෙකුට විරුද්ධ වෙන්න බැරි ඒ නිසයි. ඒ බැරියර් එක නිසයි. 

          හැම කෙනාම දශම ගානකට හරි වැරදිකාරයෙක් වෙලා ඇති... දශම ගානකට හරි වැරදි වැටහීමක් ඇති කරගෙන ඇති. වැරදි වැටහීමකට ලක් වෙලා ඇති. ඒ මිනිස්සුන්ගේ හැටි. වැරදි විදිහටම හිතන එක... විශේෂයෙන් අළුත් විදිහට හිතනකොට... (සම්මතයක් හදපු නිසාමයි අසම්මතයක් හැදුනේ..)

         තප්පර ගානකට හරි සුද්දෝධන රජතුමාටත් හිතෙන්න ඇති අපරාදෙ මේකව හැදුවේ, ඊට වඩා හොඳයි සරමේ පිහද ගත්තනම් කියලා...

          එක පාරටම දාලා ගියා කියන ආරංචිය එනකොට මුලින්ම යශෝධරාටත් හිතෙන්න ඇති. ඇයි මේකට රැවටුනේ කියලා..

         තාත්තා නැති අඩුව දැනෙනකොට ටික වෙලාවකට හරි රාහුල උනත් හිතන්න ඇති අපරාදෙ මේ වගේ එකෙක්ට ජාතක උනේ කියලා..

     හැබැයි ඒ හැමෝම යම් වෙලාවක ඇත්ත තේරුම් ගන්නවා. මුළු ලෝකෙම උඹට විරුද්ධ උනත්, ජාතකේ හොය හොය බැන්නත් උඹ ඉන්නේ සත්‍යය කියන පැත්තෙනම්, උඹ කියන්නේ ඇත්තනම් ඒක තමයි එකම බලයක් වෙන්නෙ.... හිතුවක්කාර දඩබ්බරයෙකුට මුළු සමාජයක් වදින්න තරම් හේතුවක් උනේ ඒක... හරියටම හිතුවක්කාර දඩබ්බර සිදුහත්ට බුදුන් විදිහට වන්දනාමාන කරන්න ගත්තා වගේ...

          (ඇත්තට තමන්ගේ මතවාදය වෙනුවෙන් ඕනිම කෙනෙක් අත අරින්න පුළුවන් වෙන්නේ හිතුවක්කාර දඩබ්බරයෙකුට විතරයි.)

       ඉතින් පොඩි ළමයෙක් නිවරැදි වෙන්න හදනවා වගේ, වැරදි වැටහීම් නිවැරදි කරන්න යන්න හිතන්නවත් එපා උඹ ඉන්නෙ හරි පැත්තෙනම්...... මිනිස්සු ඕනි එකක් හිතපුදෙන්.. දවසක තේරේවි උන්ට.

#අකිල


No comments:

Post a Comment