Thursday, December 24, 2020

👉 මැද මම... සුළඟ වගේ... 👈



උඹ ඉරක් වගේ.. 
එයා වැවක් වගේ..
මැද මම... සුළඟ වගේ...

උඹ කටකාරයි, විසේකාරයි....
හුරතල් වගේම දඟකාරයි....
ඒ වගේම මාරම ලස්සනයි... 
ඉරක් වගේමයි...

එයා නිහඩයි, නිවනයි...
තැම්පත් වගේම අහිංසකයි...
ඒ වගේම මාරම ලස්සනයි...
වැවක් වගේමයි....

උඹ විජ්ජූර්ණයි....
කොණ්ඩේ කොටට කපන,
එක එක හැඩ දාන,
නිපපොතු දිගට වවන,
එක එක පාට දාන,
මූණේන් හැගීම් 
දෙසීයක් විතර එළියට දාන,
උඹ ඉරක් වගේමයි....

එයා සරලයි...
කොණ්ඩේ දිගට වවන,
එකම හැඩේට පීරන,
නියපොතු කොටට කපන,
මුකුත්ම පාටක් නොගාන,
මූණෙම තියෙන එකම හැගීම 
විතරක් එළියට දාන,
එයා වැවක් වගේමයි....

උඹ ඉරක් වගේ රස්නෙයි..
දිස්නෙයි වගේම දුරයි....
එයා වැවක් වගේ සිසිලයි...
නිහඩයි වගේම ගැඹුරුයි...
දෙන්නටම මැද ඉදලා,
ආදරේ කරන මම,
කරන්නේ පවක් වගේමයි...
ඇත්තටම මට බයයි......

මගේ ඇගේ ඉන්න සල්ලාලයා, 
හිතුවක්කාර දඟකාරයා,
එහෙම නැත්නම් තරුණයා,
ආදරේ කරනවා ඉරට.....
කොච්චරද කියනවනම්, 
පිච්චිලා මැරෙන තරම්....

මගේ ඇගේ ඉන්න දාර්ශනිකයා,
පරිණත අහිංසකයා,
එහෙම නැත්නම් පිරිමියා,
ආදරේ කරනවා වැවට....
කොච්චරද කියනවනම්,
ගිළිලා මැරෙන තරම්......

#අකිල
#එරන්දියේ

No comments:

Post a Comment