Saturday, December 26, 2020

👉 අඩෝ වයි බන් 👈


ඊයේ මියුසිකල් එකට යමු යමු කියාගෙන යාළුවෝ කීප දෙනෙක්ම ආවා... පස්සේ ඇයි ගියේ නැත්තේ කියලා අහගෙනත් කීප දෙනෙක් ආවා.. මගේ යාළුවෝ මියුසිකල් එකකින් ආතල් එකක් ගන්නේ එක එක විදිහට. ඒ ඒ අය හදා ගත්ත ක්‍රමයකට.. 

       සමහරු මියුසිකල් එක්කට යන්නෙම බොන්න. නටන්න බෑ බිව්වේ නැත්නම් කියලා කිව්වට අරක්කු වෙනුවෙන්මයි යන්නේ. තව සමහරු යන්නෙම නටන්න, උන් උඩ පැන්නත් නටනවා කියන වචනේ භාවිතා කරලා දාඩිය දා ගන්නමයි මියුසිකල් යන්නේ... තව සමහරු ඉන්නවා කෙල්ලව හම්බෙන්න හරි කෙල්ල එක්ක හරි යන අය... යුගයේ කපල් එක ටජ්මහල් බලන්න ගියා වගේ හැසිරිලා තමා එයාලා ආතල් එකක් ගන්නේ. තවත් සමහරු ඉන්නවා "යන යන තැන ගිය ගිය තැන කෙල්ලෝ අපිට පිස්සු වැටෙනවා" කියලා හිතාගෙන කෙල්ලෙක් ටෝක් කරනවා කියන අරමුණෙන් ඇන්ටිලා පස්සේ හරි යන අය.. උන් අරක්කු බොන්නෙත් නෑ, නටන්නෙත් නෑ, උන්ගේ වැඩේම කෙල්ලෙක් ටෝක් කර ගන්න එක...  තව සමහරු ඉන්නවා ප්‍රදර්ශනයකට ගිහින් ප්‍රදර්ශන භාණ්ඩ නරඹනවා වගෙ කෙල්ලෝ බලන්නම යන අයත්. නටන්නේ අරක්කු බොන්නේ කෙල්ලොන්ට නම්බර් දාන්නේ නෑ, හැබැයි මියුසිකල් එකට එන කෙල්ලෝ දිහා බලන්නමයි උන් යන්නේ. උන්ගේ ආතල් එක ඒක..... තවත් සමහරු ඉන්නවා (කීප දෙනෙක්) සිංදු අහන්නම යන අයත්. එයාලා ආතල් එකක් ගන්නේ සවුන්ඩ් එක වැඩි පුර තියෙනවනම් තමා. පට්ට සවුන්ඩ් තිබ්බේ කියලා කිය කිය ගෙදර යන්න තිබ්බොත් එයාලාගේ ආතල් එක හම්බෙලා... සවුන්ඩ් මදි නේද ශිට් කිය කිය ගෙදර යනවනම් එයාලා ගත්ත ටිකට් එකටත් පාඩුයි කියලා බැන බැන උන් යන්නේ....

      තව එක එක ජාතියේ ආතල් ගන්න වෛවාරණ ටයිප් එකේ අය ඉන්නවා මියුසිකල් එක්කින්. ඒත් මම මේ කිව්වේ මම අවුරුදු 20ක් ගිය මගේ ගමේ මගේ යාළුවෝ ගැන. ඒ ගෙවුණු අවුරුදු  20ම මම ඔය එක එක ජාතියේ උන්ගේ ආතල් එක ගන්න උදව් උනා, මම බයිට් එකක් වෙනවා වගේ දැනි දැනිම... හැබැයි කල්පනා කරලා බැලුවාම මට තේරුනේ මේ එක එකාගේ ආතල් වෙනුවෙන් මම පූරුවේ කරුමයක් හෝ ණයක් ගෙවන එක තමයි කරලා තියෙන්නේ. ඒ කිව්වේ,

        මම බොන්නේ නෑ. හැබැයි බොන උන් බීලා වෙරි වෙනකම් උන් එක්ක ඉන්නවා. උන් වලි වලට ගියාම බේරගෙන යනවා. උන් පිස්සු කෙලින්න ගත්තාම කොහොමහරි උන්ව ගෙදර ගේනවා. උන් වමනේ දාන්න ගත්තාම උන්ට වමනෙ ගිහින් ඉවර වෙනකම් බලාගෙන ඉන්නවා.... ඒ වගේම තමා, නටන උන් නටලා ඉවර වෙනකම් බලාගෙන ඉන්නවා. කෙල්ලෝ ටෝක් කරන්න යන උන් ඇවිල්ලා කෙල්ලෝ ගැන කියන බොරු අහගෙන ඉන්නවා. ඔය වගේ ඇත්තටම මම ණයක් හෝ පවක් ගෙවලා තියෙන්නේ.

    මම අරක්කු බොන්නේ නෑ... බොන්න ආසාවක් නෑ.. මට නටන්න බෑ... නටන්න ආසාවක් නෑ.. මට කෙල්ලෝ ඕනි නෑ.. කෙල්ලෝ ටෝක් කරන්න කිසිම කැමත්තක්, උවමනාවක් නෑ... ඒ වගේම කෙල්ලො බලන්නත්... අනික මට කෙල්ලෙක් නෑ, හිටියත් ඒකිට කඩචෝරු අරන් දීලා මගේ සල්ලි වියදම් කරන්න මම කැමතිත් නෑ.... මම සද්දෙන් සිංදු අහන්න කැමතිත් නෑ.. මම පාඩුවේ  නිදහසේ සිංදු අහන්නේ හෑන්ඩ්ෆ්‍රී එකෙන්. ඒත් හිතේ නිදහස තිබ්බොත් විතරයි සිංදු අහන්නේ මම.

     සමහරවිට මම අකලට (අවුරුදු 21ට) වයසට ගිහින්වත්ද ? 😲 

     ඉතින් සරලව මට ආතල් එකක් ගන්න මියුසිකල් එකකින් බෑ.. මේ ගැන ලියාගෙන යනකොට මට මතක් උනා මම බාගෙට කියලා නවත්තපු පෝස්ට් එක්කුත්... ඒක ලියන්න ගත්තෙ පංසලේදි.. ඒකත් සම්පූර්ණ කරලා මෙහෙම්ම දාන්නම් යටින්.

     සාමාන්‍යයෙන් පොඩිම ළමයෙක් පංසලට යන්නේ ගෙදරින් ගෙදර අය එක්කගෙන යන නිසා... 

     සාමාන්‍යයෙන් දඟ කරන වයසේ ළමයෙක් පංසලට යන්නේ, ඒ ඒ වයසේ ළමයි සෙට් වෙන නිසා.. සෙල්ලම් කරන්න, පංසලේ දුවන්න පනින්න පුළුවන් නිසා.

     සාමාන්‍යයෙන් යොවුන් වියේ අය පංසලට යන්නෙම, කොල්ලෙක්නම් කෙල්ලෙක් ටෝක් කර ගන්න වගේම කෙල්ලෙක්නම් කොල්ලන්ට ටෝක් වෙන්න පුළුවන් නිසා...

     සාමාන්‍යයෙන් මැදි වයසේ අය පංසලට යන්නේ පිණක් දහමක් කර ගන්න ඕනි කියන හැගීමෙන් වගේ පංසලේ හාමුදුරුවෝ ශේප් එකේ තියා ගන්න ඕනි නිසා.. මොකද තමන්ගේ වයසක අම්මලා තාත්තලා මැරුනාම පාංශකූලයට හාමුදුරුවෝ ගෙන්න ගන්න ඕනි නිසා...

     සාමාන්‍යයෙන් වයසක උදවිය පංසලට යන්නේ අනිත් වයසක අයට වඩා තමන් පිං දහම් අරන මනුස්සයා කියලා ලෝකෙට පෙන්වන්න ඕනි නිසා. තමන් හරී පිංවන්ත හිත කිළිටු නැති, තණ්හාවක් නැති, පිංවන්ත අය කියලා පෙන්වන්න ඕනි නිසා.. ඒ වගේම මැරෙන්න ලං වෙලා නිසා, තමන් කරපු පව්කාරකම් වලින් මිදෙන්න පුළුවන් වෙයි පංසලට ඇවිල්ලා හොදම උපාසක පෙනුමක් ගත්තාම කියලා හිතන නිසා..

     සාමාන්‍යයෙන් සල්ලි වියදම් කරන්න පුළුවන් පෝසත් අය පංසලට එන්නේ, අරකටයි මේකටයි සල්ලි වියදම් කරලා පංසලේ ප්‍රධාන දායකයා වෙන්න බලාපොරොත්තුවෙන්. තමන්ගේ පව්ලේ එකෙක් වෙනුවෙන් සත පහක් වියදම් නොකරන සමහරු තමා වැඩිපුරම පංසලට වියදම් කරලා පිංවන්ත අය කියලා පෙන්වන්න යන්නේ..

     එතකොට, 

          ගෙදරින් එක්ක ආවෙත් නැති, සෙල්ලම් කරන බලාපොරොත්තුවෙන් ආවෙත් නැති, කෙල්ලෙක් යාළු කර ගන්න උවමනාවකුත් නැති, හාමුදුරුවෝ ශේප් එකේ තියා ගන්න උවමනාවකුත් නැති, හාමුදුරුවන්ව ගණන් ගන්නෙවත් නැති, පිංවන්ත මිනිහෙක් කියලා පෙන්වන්න ඕනිත් නැති පිංවන්තකමක් ගෑවිලාවත් නැති, පිං කර ගන්න ඕනිත් නැති, පංසලට වියදම් කරන්න තියා, මට අවශ්‍යය දේවල් ගන්නවත් සල්ලි නැති, තිබ්බත් පංසල් වලට දෙන්න අදහසක් නැති, මම.........

        පංසලට ඇවිත් මේ ගෙවන කරුමේ මොකද්ද බඩගින්නේ මදුරුවෝ කකා........
    
       කියලා මට හිතුනේ, මේ යාළුවෝ මාව එක්කගෙන පංසලේ බෝධි පූජාවකට ආවට පස්සේ... බඩගිනි, ඒ මදිවට මදුරුවෝ කනවා. ගෙදර යන්නත් බෑ එක කොල්ලෙක්ගේ අම්මා කෙනෙක් එනකම් ඉන්න ඕනි ලු...

#අකිල

No comments:

Post a Comment