ඇය උන්මාද චිත්‍රා
ඇය නොදැනම
මා උන්මාද කරවන,
කාටත් හොරෙන්
එක්ටැම් ගේක සිරවුන,
පව්ලේ අය එකතුව
සඟවගෙන සුරකින.....!
මම ඇයගේ ගාමිණි
ලෝකෙට හොරෙන්
ඇයට අහිමි වූ
මව් පදවිය දෙන,
මරණයට නොබියව
මරණය දැක දැක
ඇයට ආදරේ කරන,
අහස් උසැති එක්ටැම්ගේ
වෙව්ල වෙව්ලා
අසීරුවෙන් නගින.......!
පුදුමේ ඒත් ඇය,
උන්මාද චිත්‍රාමය,
මා එක්ක පැලක
ජීවත් වෙන්නට නොඑන,
එක්ටැම් මාලිගේ රජසැපයට
ලොල්ව.......!
#අකිල
No comments:
Post a Comment